අතුරු අබාධ නැතිව වතුරෙන් ලස්සන වෙන රහස දන්නවද

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් වෙනුවෙන් දවසකට වතුර වීදුරු අටක් බොන්න”. මේ කතාව අපි නිතරම අහලා තිබුනත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වගේම ලස්සනට ඉන්නත් වතුර කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක්.

ලස්සන කිව්වාම අපිට විවිධ දේවල් මතකෙට එනවා. ලස්සන දිග කොණ්ඩයක්, දිදුලන සමක්, නිරෝගී දෑසක් වගේම නිරෝගී තොල් සගලක් කියන්නේ ලස්සනට ආභරණයක්. නමුත් අපිට උපතින්ම ලැබෙන ලස්සන අපි වැඩිවියට පත්වෙනවත් එක්කම වෙනස් වෙනවා. පාරිසරික සාධක, ආහාර, විවිධ ආලේපන වගේ කාරණා ඒකට බලපාන්න පුළුවන්. කොහොම වුණත්, හොඳට වතුර බොන කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම නිරෝගී දීප්තිමත් සමක් පවත්වාගෙන යන්න පුළුවන්. නිරෝගී සමක් තියෙනවා නම් මේකප් එකකින් ලැබෙන ලස්සන තවත් වැඩිවෙනවා.

සමේ ඇතිවෙන වියළි සහ ඉරිතැළුණු ස්වභාවය නැති කරගන්න වතුර ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
හොඳට වතුර බොන කෙනෙකුට කුරුලෑ හැදෙන්නෙ නෑ.
වැඩිපුර වතුර බිව්වොත් කකුල් පැලීම සහ අවලස්සන කොරළ මතුවීම වළක්ව ගන්නත් පුළුවන්.
නිතරම වතුර බොන කෙනකුගේ සම දුර්වර්ණ වෙන්නෙ නෑ.
වතුර නිතරම අයගේ ඇස්වල දීප්තිය වැඩිවෙනවා.
ඔබටත් සම දීප්තිමත් කරගන්න අවශ්‍ය නම් නිතරම වතුර බොන්න.
ඒ වගේම නිතරම වතුර බොන කෙනෙකුගේ නිය රෝසපාට වෙනවා.

”නිතරම වේලෙන සහ පැලෙන තොල් ඔබට ගෙනඑන්නේ අවලස්සන පෙනුමක්”. ඒ නිසා නිතරම වතුර බිව්වොත් මේ ප්‍රශ්නය වළක්වා ගන්න පුළුවන්.

හොඳට වතුර බොනවා වගේම ජලය අඩංගු කොමඩු, පිපිඤ්ඥා වගේ පලතුරු වර්ග නිතර කන්න. ඒ වගේම හොඳට වතුර බොනකොට, දහදිය දුගඳ ඇතිවෙන්නෙත් නෑ.

Add Comment

error: Content is protected !!