අධි රුධිර පීඩනය ඉක්මනින්ම සුවපත් කිරීමේ හැකියාවක් මේ ආහාර වර්ග 13 සතුව තිබෙනවා

රුධිර පීඩනය කියන්නේ පුද්ගල මරණ වලට ප්‍රධාන වශයෙන්ම හේතුවන රෝගයක්. ඇමරිකාව වගේ දියුණු රටක් ගත්තොත් සෑම තුන් දෙනෙකුගෙන් එක් කෙනෙකුටම අධි රුධිර පීඩනය තිබෙනවා. ගොඩක් අයට අධි රුධිර පීඩනය හැදෙන්නේ කෑමෙන් පරිස්සම් නොවීමත්, ශාරීරික ක්‍රියාකාරිකම් අඩු වීමත් නිසා.

අධි රුධිර පීඩනය හැදුනම එය පාලනය කර ගන්න ගොඩක් බෙහෙත් වර්ග බීමට සිද්ද වෙනවා. මේ බෙහෙත් වල ගොඩාක් අතුරු විපාක තිබෙනවා. ඇස් බොඳ වීම, මතකය අවුල් වීම, අසාමාන්‍ය වෙහෙස සහ ඇඟ දුර්වල වීම වගේ අතුරු විපාක මේ බෙහෙත් බොන අයට හැදෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ලෙඩේ හදාගන්නේ නැතුව ආරක්ෂා වෙලා ඉන්න එක.

අධි රුධිර පීඩනය වළක්වාගැනීමට අපේ කෑම වලට එකතු කරගන්න පුළුවන් දේවලුත් ගොඩාක් තිබෙනවා. ඒ අතරින් ඉතා ගුණදායක ආහාර කිහිපයක් අද මේ ලිපිය තුළින් අපි දැනගනිමු.

දෙළුම් යුෂ
පලතුරු යුෂ බොන්න අපි කවුරුත් කැමතියි. එත්, දෙළුම් වගේ පලතුරකින් හදපු බීම එකක් ගොඩක් අයට පෙවෙන්නේ හරි කලාතුරකින්. එත්, පුළුවන් හැම වෙලාවෙම දෙළුම් යුෂ පානය කරන්න පුලුවන් නම්, එය රුධිර පීඩනය වගේ තත්වයන් වලින් වැළකිලා ඉන්න ගොඩක් උපකාර වෙනවා.. සාමානය අයට විතරක් නෙමෙයි, දියවැඩියාව, හෘද රෝග සහ වකුගඩු රෝග වගේ තිබෙන අයගෙත් රුධිර පීඩනය පාලනය කිරීමට දෙළුම් යුෂ ඉතාමත්ම හොඳ ඔසුවක්. අපි මේ කියන්නේ සීනි ගොඩාක් දාපු කෘතීම දෙළුම් යුෂ නෙමෙයි, ස්වාභාවිකව තිබෙන අලුත් දෙළුම් වලින් හදපු බීම ගැන.

නිවිති
නිවිති කියන්නේ ගුණ පලා ජාතියක් කියල අපි ගොඩක් අයට පොඩි කාලෙ ඉඳලම ලොකු අවබෝධයක් තිබෙනවා. නිවිති වල ප්‍රතිඔක්සිකාරක කියල ද්‍රව්‍යක් අඩංගු වෙනවා. ඒ ප්‍රතිඔක්සිකාරක වලට රුධිර පීඩනය අධිකව ඉහල යාම පාලනය කරන්න පුළුවන්. ඒ නිසා අධි රුධිර පීඩනය තිබෙන අයට නිවිතිත් හොඳ ඖෂධයක්.

කොත්තමල්ලි
ඈත අතීතයේ සිටම ගොඩක් රෝග වලට හොඳ ඖෂධයක් විදිහට ආයුර්වේදයේ කොත්තමල්ලි වලට හොඳ තැනක් හිමිවෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මෑත කාලයේ කරපු පරීක්ෂණ වලට අනුව, කොත්තමල්ලි අධි රුධිර පීඩනයටත් ගොඩක් හොඳයි කියල බටහිර වෛද්‍ය විද්‍යාවෙනුත් තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා ඉඳල හිටලා කොත්තමල්ලි ටිකක් තම්බල බිවුවම අහක යන එකක් නෑ නේද?

බීට් රූට් යුෂ
බීට් රූට් කියන්නේ අපි හොඳට දන්නා කියන එළවළුවක්. එත් මේකත් හොඳ ඖෂධයක් කියල ඔබ දැනගෙන හිටියද? ලිංගික ශක්තිය වැඩි කිරීමේ ඉඳලා, ලේ පිරිසිදු කරන තැන වෙනකම්ම විශාල පරාසයක රෝග ගණනාවකට බීට් රූට් හොඳ ඖෂධයක්. ඒ අතරින්, අධි රුධිර පීඩනයටත් බීට් රූට් ගොඩක් හොඳයි. එත්, උයපු බීට් වලට වඩා, බීට් රූට් යුෂ හදල පානය කරන එක තමයි ගොඩාක්ම ගුණ.

ඔලිව් තෙල්
පෙරදිග වෛද්‍ය විද්‍යාවේ බොහොම ලොකු තැනක් ඔලිව් තෙල් වලට හිමි වෙලා තිබෙනවා. දීර්ගායුෂ ලබාදීමටත් , හෘදයාබාධ වැනි භයානක රෝග වලින් ආරක්ෂා වීමටත් ඔලිව් තෙල් ඉතා ගුණදායක කියලයි පොත පතේ සඳහන් වෙන්නේ.

කළු චොක්ලට් (DARK CHOCOLATE)
සාමාන්‍ය චොක්ලට් වලට වඩා කළු චොක්ලට් සෞඛ්‍යට ඉතාම ගුණදායකයි. මොකද කියනවනම්, ප්‍රෙෂර් අඩු කරන්න ලොකු හැකියාවක් කළු චොක්ලට් වලට තිබෙනවා. එත් මේවයේ සීනි තිබෙන නිසා දියවැඩියාවට අගුණයි නේද කියල කරුවූ හරි තර්ක කරන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ නිසා, අනවශ්‍ය විදියට සීනි වලින් රස කරලා නැති කළු චොක්ලට් එකක් හම්බුනොත් නම්, දෙවරක් හිතන්නේ නැතුව, කන්න… ඒක ඔබේ හදවතට ගොඩාක් හොඳ වේවි.

තක්කාලි
තක්කාලි වල හමුවන ලයිකොපීන් කියන ද්‍රව්‍ය අපේ රුධිර පීඩනය නියමිත මට්ටමේ තියාගන්න ගොඩාක් උපකාර වෙනවා මේක කොච්චරක් හොඳ ද කියනවනම් ඖෂධවල අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම නැති කරන්නත් තක්කාලි වලට පුළුවන්. මේවයේ ගුණ වැඩිම වන්නේ, තක්කාලි අමුවෙන් කෑවම.

තල තෙල්
අපි කෑම උයන්න ගන්න ගොඩක් තෙල් ජාති සෞඛ්‍යයට අහිතකරයි. එත් තල තෙල් නම් එහෙම නෑ. වසර දහස් ගණනක ඉඳලා තල හොඳ ඖෂධයක් ලෙස භාවිතා කළ බවට සාක්ෂි රැසක් තිබෙනවා.

අධි රුධිර පීඩනය අඩු කරන්න මෙන්ම හදවතේ පේශි ඝන වීමේ තත්වයන් වළක්වා ගැනීමටත් තල තෙල් බොහෝ සෙයින් උපකාරී වෙනවා. එමෙන්ම රුධිරයේ ඇති සෝඩියම් අඩු කිරීමටත්, පොටෑසියම් ප්‍රමාණය වැඩි කිරීමටත් තල තෙල් වලින් විශාල මෙහෙයක් ඉටු වෙනවා.
එනිසා උයන පිහන වැඩ වලට සාමාන්‍ය එළවලු වෙනුවට තල තෙල් යොදා ගැනීම සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් ඉතාම වටිනා දෙයක්.

වදමල් යුෂ
අධික රුධිර පීඩනය අඩු කිරීමට හේතු වන ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් වදමල් වලත් අඩංගු වෙනවා. එත් විශාල ප්‍රමාණවලින් වද මල් යුෂ ගැනීම අක්මාවට නම් එතරම් හොඳ නෑ. ඒවගේම රුධිර පීඩනය ඉතා ශීග්‍රයෙන් අඩු කරන්න වදමල් යුෂ වලට පුළුවන් නිසා , ගර්භනී මවුවරුන්ටත්, ඇතැම් දියවැඩියා බෙහෙත් ගන්නා අයටත් වදමල් යුෂ එතරම්ම හොඳ නැහැ. ඔබ මෙවැනි තත්වයක පසුවන කෙනෙක් නෙමෙයි නම් වදමල් යුෂ ඔබට ගොඩක් ගුණදායක වේවි.

දැන් අපි බලමු මේ ආහාර කොහොමද රුධිර පීඩනය අඩු කරන්න හේතු වන්නේ කියලා.
එක එක ආහාර රුධිර පීඩනය අඩු කරන්නේ නොයෙක් විදිහට උනාට ඒ බොහොමයක් අතරත් සමානකම් තිබෙනවා. දිනකට පලතුරු හෝ එළවලු ග්‍රෑම් 400 කට වඩා කන යට ප්‍රෙෂර් එන්න තියෙන අවදානම ඊට වඩා අඩුවෙන් එළවලු පලතුරු කන කෙනෙකුට සාපේක්ෂව ඉතාමත් අඩුයි.

අපි ඉහත කියපු ගොඩක් ආහාර වල ප්‍රතිඔක්සිකාරක කියල දෙයක් ගැන කියුවා. ඇඟට හානි කරන ඔක්සිකාරකවලින් ආරක්ශා වීම සඳහා මේ ප්‍රතිඔක්සිකාරක අපට වැදගත් වෙනවා.ඒ නිසා ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර හැකි පමණ අපේ ආහාරයට එකතු කරගන්න ඕනේ.

ඒවගේම කොත්තමල්ලි, බීට් යුෂ වගේ ඒවායේ තිබෙන තන්තුත්, රුධිර පීඩනය විශාල වශයෙන් අඩු කරන්න දායක වෙනවා.

එමෙන්ම දෙළුම් යුෂ, නිවිති, ඔලිව් තෙල් මෙන්ම කළු චොක්ලට් වල තිබෙන විටමින k වලටත්, රුධිර පීඩනය අඩු කරන්න මෙන්ම හදවත් රෝග එන්න තිබෙන හැකියාව අඩු කරන්නත් පුළුවන්.

මත්පැන් පානය කරන එකත් අධික රුධිර පීඩනයට කිසිසේත්ම හොඳ නැහැ. ඒවගේම හැකි සෑම විටෙකම කිරිපිටි වලට වඩා, නැවුම් ස්වාභාවික එළකිරි සොයාගෙන බොන්න ඕන. ඒවගේම පොටෑසියම් බහුල නිවිති, බතල, අලිපේර මෙන්ම ස්වාභාවික නැවුම් එලකිරි ආහාරයට ගැනීමත් ඉතා වැදගත්.
මේ දේවල් වලට අමතරව දිනකට වතුර ලීටර් 2 වත් පානය කරන්න ඕන.

ඒ විතරක් නෙමෙයි, කඩෙන් කෑම ගන්න එකට වඩා, නිවසේ පිළියෙළ කරගත් ආහාර වැඩි වැඩියෙන් අනුභව කිරීම මගින් සිරුරට එකතුවන සෝඩියම් සහ ලුණු හැකිතාක් අඩු කරගන්නත් පුළුවන්. එමෙන්ම වෙළඳපොලෙන් ආහාර මිලදී ගන්නා විට ඒවායේ ලේබල් කියවීමටත් කටයුතු කරන්න ඕන.. එවිට ඒවායේ අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් ගැන ලොකු අවබෝධයක් ඔබට දැන ගන්න පුළුවන් වේවි.

ඒ නිසා මේ විදියට පාලනයක් ඇතුව ආහාර ගැනීම සහ ඉහත කියපු දේවල් ආහාරයට එකතු කරගැනීම මගින්, සමාජයේ බහුල අධි රුධිර පීඩනය වැනි භයානක රෝගයෙන් මිදීමටත් ඔබට පුළුවන් වේවි.

මේ ලිපිය තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුභ දවසක්!

Add Comment

error: Content is protected !!