ආස හිතෙන රසම රස අච්චාරු රෙසිපි 5ක් මෙන්න

එක එක අච්චාරු වර්ග අතරේ මේ තියෙන්න හැමදාම කන්න වෙන්නේ නැති අච්චාරු වර්ග 5ක්. කියවලම බලන්නකෝ වැඩේ අච්චාරු කරගන්නේ නැතුව අච්චාරු හදන විදිය.

01. සුදුළුණු අච්චාරුව

වශ්‍ය ද්‍රව්‍ය

සුදුලුනු 500g
රතුළුණු 500g
අමුමිරිස් 100g
කරපිංචා 100g
අබ 50g
ගම්මිරිස්කුඩු මේස හැදී 1
විනාකිරි
කරාබුනැටි 5
තෙල් ලීටර ½
ලුණු පිංචක්

මුලින්ම සුදුලුනු ටික පොතු ඇරලා හොදට හෝදගන්න.ඊට පස්සේ අමුමිරිස් වෙන් නොවෙන විදියට දික් අතට කපාගන්න.බදුනක් ගෙන එයට තෙල් දමා ලිපේ තියලා රත් උනාට පස්සේ රතුළුණු,සුදුලුනු,අමුමිරිස්,කරපිංචා විනාඩියක් ගැබුරු තෙලේ වෙන වෙනම බදින්න.මේවා තෙල් බේරෙන්න පැත්තකින් තියල මැටි මුට්ටියක් ගෙන එයට තෙල් බේරුනා අමු මිරිස් ,රතුළුණු,සුදුලුනු, කරපිංචා ,දමන්න.කුරුදුපොතු කුඩු කර,කරාබු නැටි ,ගම්මිරිස්කුඩු,අබරගත් අබ සමග මිශ්‍ර කරලා ලුණු දල මැටි මුට්ටියට විනාකිරි මිශ්‍ර කරලා මාසයක් උනත් තියාගන්න පුළුවන්.

02. ගස්ලබු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

හොදින් පැසුණු ගස්ලබු ගෙඩියක්
අබරගත් අබ කරීම් මේස හැදී 2ක්
විනාකිරි මේස හැදී 2
කොච්චි කරල් 8ක්
සිනි මේස හදි2
දෙහි යුෂ මේස හැදී 1
ලුණු
ඔලිව් තෙල් හෝ එළවලු තෙල් මේස හැදී ½

ගස්ලබු පොතු ඇරලා ගිණිකුරු හැඩයට කපාගන්න.බදුනකට ගස්ලබු දමා දෙහි යුෂ දම විනාඩි 45ක් තබන්න.ඉන්පසු මෙය පෙරනයකට දමා තබන්න.වංගෙඩියක් ගෙන එයට කොච්චි,ගස්ලබු,අබක්රිම්,සහ විනාකිරි දෙහි යුෂ ,සිනි , ලුණු දමා ගස්ලබු තැලෙන ආකාරයට කොටන්න.එය ඉවතට ගත පසු උඩින් ඔලිව් තෙල් ටිකක් දමන්න.

03. පොලොස් අච්චාරු

අවශය ද්‍රව්‍ය

පැසුණු පොලොස් ගෙඩියක්
රතුළුණු 200g
අමුමිරිස් 50g
අබ ක්‍රීම් මේස හැදී 3
විනාකිරි මේස හැදී 1
කැබලි ගම්මිරිස් මේස හැදී ½
සිනි මේස හැදී 1
තුනපහ මේස හැදී ½
මිරිස්කුඩු මේස හැදී ½
ඉගුරු,සුදුලුනු මේස හැදී 1 බැගින්
සේර ඉත්තක්
තෙල් ටිකක්
රස අනුව ලුණු

පොලොස් කැබලි වලට කපල ලුණු හා ගොරක ටිකක් දම තම්බා වතුර පෙරාගන්න.භාජනයක් ලිප තබා තෙල් දමා රත්වෙනකොට ඉගුරු,සුදුලුනු දමා බැදෙන විට තලාගත් සේර,අබ ක්‍රීම් ,විනාකිරි,ගම්මිරිස්,සිනි,තුනපහකුදු,මිරිස්කුඩු,ලුණු දමා සෝස් ආකාරයට සදා රතුළුණු දම විනාඩි 5ක් තැම්බෙන්න හැර පලගත් අමුමිරිස් දමා පොලොස් ටික දමා කලවම් කරන්න.

04. සිංහල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු ගස්ලබු ගෙඩියක්
රතුළුණු ග්රෑම් 250
අමුමිරිස් ග්රෑම් 100
ඉගුරු සුදුලුනු ටිකක්
අබරාගත් අබ මේස හැදී 1
විනාකිරි කෝප්ප 1
ලුණු හා මුරුංගා පොත්තක්

මුලින්ම ගස්ලබුපොතු හැර කැමති හැඩයකට කපාගන්න.ගස්ලබු ලුණු සහ කහ ස්වල්පයක් මිශ්‍ර කර උණු වතුරට දමා විනාඩි 2ක් පමණ වතුර පෙරන්න.
වෙනත් බදුනකට විනාකිරි සහ ලුණු දමා අබ ටිකක් මිශ්‍ර කර රතුළුණු සහ අමු මිරිස් දමා ටික වෙලාවක් තබා ඉවතට ගන්න.නැවතත් ගස්ලබු දමා ලිපෙන් බා මැටි හට්ටියක් ගෙන එයට ඉතිරි අබ,විනාකිරි,අබරාගත් ඉගුරු, සුදුළුණු දමා මිශ්‍ර කර රස අනුව ලූණු ද දමා තම්බාගත් ගස්ලබු,රතුළුණු ,මිරිස්කරල් දමා මිශ්‍ර කර මුරුංගා පොතු දමා මුට්ටියේ කට බැද දවස් 2ක් පමණ තබා අහාරයට ගන්න.

05. රතුඅල අච්චාරු (බිට් අච්චාරු)

අවශ්‍ය ද්‍රව්‍ය

බිට්රූට් ග්‍රෑම් 500
ග්රින්පිස් ග්රෑම් 150
ගම්මිරිස් තේ හැදී 2
විනාකිරි කෝප්ප කාලක්
අබ තේ හැදී 2ක්
සිනි මේස හැන්දක්
ලුණු

බිට්රූට් කැට ආකාරයට කපා වතුර ටිකක් දම තම්බා ගන්න, එම තැම්බූ වතුර ටිකක් ඉතිරි කර නිවෙන්න තබා එයට ලුණු , ගම්මිරිස්,විනාකිරි,අබ සහ සිනි දමා මිශ්‍ර කර තම්බාගත් ,බිට්රූට් සහ ග්රින්පිස් කලවම් කරන්න.

Source : see.lk

Add Comment