ඉතාම සීමිත පිරිසක් පමණක් දන්නා කී බෝඩ් කෙටි රහස් 23 ක්

එදිනෙදා වැඩ වඩාත් වේගයෙන් මවුස් එකට වඩා කීබෝඩ් එකෙන් කරගන්න පුළුවන්. අපි අද ඔබට ගෙන එන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන අයට වැදගත් වන කීබෝඩ් ෂෝට්කට් ටිකක්.

කීබෝඩ් එකේ වින්ඩෝස් ලාංඡනය තියෙන යතුර එබුවාම ස්ටාට් මෙනු එක එනවා. එතකොට හැමතිස්සෙම මවුස් එක වම් පැත්තේ යටටම ගෙනියන්න මහන්සි වෙන්න ඕන නැහැ. ඊට පස්සේ ඇරෝ කීස්, ඒ කිව්වේ ඊතල තිබෙන යතුරු වලින් පුළුවන් අපිට ඕන ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරන්න. දැන් එන්ටර් කී එක එබුවාම එ්ක ඕපන් කරගන්න පුළුවන්.

වැඩක් කර කර ඉන්න අතරතුරේ එකපාරම ඩෙස්ක්ටොප් එකට යන්න ඕන නම් වින්ඩෝස් කී එකත් එක්ක D එක ප්‍රෙස් කරන්න. දැනට විවෘත වෙලා තිබෙන ඕක්කොම මිනිමයිස් කරන්න ඕන නම් වින්ඩෝස් කී එකත් එක්ක M අකුර ප්‍රෙස් කරන්න. ආයි ඒවා උඩට ගන්න වින්ඩෝස් කී එකයි, Shift එකයි M එක දුන්නාම හරි.

මයි කම්පියුටර් ඕපන් කරගන්න වින්ඩෝස් කී එකත් එක්ක E අකුර පාවිච්චි කරන්න පුළුවන්.

ඔබට මොනාහරි ෆයිල් එකක්, හොයා ගන්න ඕන නම් වින්ඩෝස් කී එක ඔබාගෙන F අකුර එබුවාම සර්ච් එක ඕපන් වෙනවා.

ඔබ නිතර කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පාවිච්චි කරනවා නම් වින්ඩෝස් කී එකයි R එකයි දීලා Run ඩයලොග් එක ටක් ගාලා ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ එතෙන්ට cmd කියලා ගහලා එන්ටර් කරන්න.

ඉක්මණින් අකවුන්ට් එක ලොක් කරන්න ඕන නම් වින්ඩෝස් කී එකත් එක්ක L අකුර ප්‍රෙස් කරන්න.

දැනට ඕපන් වෙලා තියෙන වින්ඩෝස් අතරේ මාරු වෙන්නට නම් ඕල්ටර්; එහෙමත් නැත්නම් ALT කී එක ප්‍රෙස් කරගෙන ටැබ් කී එක ඔබද්දී එකින් එක මාරු වෙනවා. ඔබට අවශ්‍ය වින්ඩෝ එකට ආවාට පස්සේ කී එක අතහැරියාම එ්ක තිරය මතට එනවා.

බ්‍රවුසර් එකේ ගොඩක් ටැබ් ඕපන් කරගෙන ඉඳිද්දී ඒවා අතරේ මාරු වෙන්නට ඔබට කොන්ට්‍රෝල් එකයි ඒ කිව්වේ CTRL කී එකයි ටැබ් කී එකයි ප්‍රෙස් කළාම හරි.

අලුතින් බ්‍රවුසර් ටැබ් එකක් ඕපන් කරන්න ඕනෑ නම් කොන්ට්‍රෝල් එකයි T එකයි ප්‍රෙස් කරන්න.

ඒ වගේම ඔබ වෙබ් ඇඩ්‍රස් එකක් ටයිප් කරද්දී වෙබ් අඩවියේ නම ටයිප් කරලා කොන්ට්‍රෝල් එන්ටර් ගැහුවාම ඒකේ මුලට www සහ අගට .com ඉබේම එකතු වෙනවා.

කොන්ට්‍රෝල්, ෂිෆ්ට් සහ N කී එක ක්‍රෝම් බ්‍රවුසරයේ ගැහුවාම ඉන්කොග්නිටෝ මෝඩ් එක ඕපන් වෙනවා. ඒකේ ඔබ පිවිසෙන වෙබ් අඩවියේ සේව් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා වැඩේ ඉවර වුණාට පස්සේ බ්‍රවුසර හිස්ට්‍රි ක්ලීන් කරන්න කරදර වෙන්න ඕන නැහැ. ෆයර්ෆොක්ස් වලට නම් ඒකට ෂෝට්කට් වෙන්නේ කොන්ට්‍රෝල්, ෂිෆ්ට් සහ P කී එකයි.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

පිටපත | තඹරු විජේසේකර

Add Comment

error: Content is protected !!