ඔබේ ෆෝන් බුක් එකේ තිබිය යුතුම දුරකථන අංක 50 ක්

දුරකථන අංකයක් කියන්නේ හරිම පුංචි දෙයක්. ඒක ඉස්සර වගේම පොතක ලියාගන්න දැන් ඕනත් නෑනේ. දුරකථනයේ මතකයට තත්පර කිහිපයක් තුළ දමාගන්න පුළුවන්. ෆෝන් බුක් එකට නැත්නම් කන්ටෑක්ස් වලට අංකයක් දමාගන්න ගතවෙන්නේ තත්පර කිහිපයක් පමණයි. ඒත් ඔබ ඒ පුංචි දේටත් පවා දැන් කම්මැලියියනේ. ඉතිං හදිස්සියකදී දුරකථන අංකයක් ජීවිතයක් බේරන දෙයක් වෙන්නත් පුළුවන්නේ. ඒක ඇත්ත කියලා ඔබ වුනත් පිළිගන්නවා. නමුත් කවදාවත් හොයන වෙලාවකට නම්බර් එකක් නෑ. “අපරාදේ මම ඒ නම්බර් එක ෆෝන් එකට දාගත්තේ නෑනේ…“ ඔබ මේ වගේ පසුතැවිලි තියෙන්නේ වරක් දෙවරක් නොවෙයි.

මේ ජීවිතයේ කරගන්න ඕන දේවල් “පස්සේ කරන්න“ වෙලාවක් එයි කියලා ඔබ හිතනවා ඇති. ඒත් මේක හරිම කෙටි ජීවිත කාලයක්නේ. ආයේ පස්සේ වෙලාවක් එන්නේ නෑ. කරන්න තියෙන දේ කරන්න ඕන දේ දැන්ම කරන්න. ඒක කළ යුතු හොදම වෙලාවට කරන්න.

ඔබේ ජීවිතය ගැන දන්නේ ඔබනේ. ඔබට අවශ්‍යම කරන දුරකථන අංක මොනවද කියලා දන්නේ ඔබයි. ඒ අවශ්‍යම කරන අංක විටවත් ඔබ ළග නෑ කියන්නේ ඔබ වගකිව යුතු පුත්ගලයෙක් නෙමේ කියන එකනේ. ජීවිතය වෙනුවෙන් එකතු කළ යුතු අවම කළමණා ටිකවත් ඔබ එකතු කරගෙන තියාගෙන ඉන්නේ නැත්නම් ඔබේ ජීවිතය ගැන මොකක්ද කියන්න වෙන්නේ. එහෙම වෙන්න එපා. කවදාවත් වෙන්න එපා. හැම ජීවිතයකටම කළමණා ටිකක් අවශ්‍ය වෙනවා. ඒවා උපකරණ නෙමෙයි. මේ වගේ පුංචි දෙයක් වෙන්නත් පුළුවන්. ඒ දේවල් ළග තියාගන්න. අද අපි ඔබට පහසුවක් වෙන්න එහෙම ළගම තබාගත යුතු දුරකථන අංකවල ලැයිස්තුවක් දෙනවා.

මේ අංක ටිකවත් ඔබේ ළග තියාගන්න. ඒක කොච්චර අවශ්‍ය කරන දෙයක්ද කියලා දවසක ඔබම තේරුම් ගනී.

1. සැමියාගේ කාර්යාලයේ ස්ථීර දුකථන අංක (ලෑන්ඩ් ලයින්ස්)
2. සැමියාගේ සේවා ස්ථානයේ වෙනත් මිතුරෙකුගේ දුරකථන අංකය
3. දුවගේ පුතාගේ පාසලේ ස්ථාවර දුරකථන අංකය
4. දුවගේ පුතාගේ පාසල් පංති භාර ගුරුතුමියගේ අංකය
5. දුවගේ පුතාගේ පාසලේ මිතුරෙකුගේ මිතුරියකගේ දෙමව්පියන්ගේ අංකය සහ නිවසේ අංකය
6. දුවගේ පුතාගේ පාසල් රථයේ රියදුරුගේ සහ අයිතිකරුගේ අංකය
7. ඔබේ නිවසට ආසන්නම අසල්වැසියන්ගේ නිවසේ සහ හිමිකරුවන්ගේ දුරකථන අංක
8. ඔබේ දෙමව්පියන්ගේ නිවසේ අංක
9. ඔබේ දෙමව්පියන්ගේ නිවස ආසන්නයේම පිහිටි නිවසක අංකය
10. ඔබේ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයේ අංකය
11. ඔබේ ප්‍රදේශයේ නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ අංකය
12. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංකය
13. ඔබේ නිවස ඇතුළත් පොලිස් ස්ථානයේ අංකය
14. ගුවන් තොටුපලේ අංකය
15. බස් ඩිපෝවේ අංකය
16. ළගම දුම්රිය ස්ථානයේ අංකය
17. ඔබේ මිතුරියගේ නිවසේ අයගේ අංක කිහිපයක්
18. ඔබේ සැමියාගේ මිතුරාගේ බිරිදගේ අංකය
19. ඔබේ තැපැල්කරුගේ අංකය
20. ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ අංකය
21. නිතර නිතර යන වෛද්‍ය මධ්‍යස්ථානයේ අංකය
22. වෛද්‍ය රසායනාගාරයේ අංකය
23. ගිලන් රථ සේවයක අංකය
24. ඔබේ ප්‍රදේශයේ ඔබ නිතරම යන සාප්පු කිහිපයක අංක
25. ළගම ඇති ෆාමසි කිහිපයක අංක
26. ඔබ ගනුදෙනු කරන බැංකුවේ අංකය
27. ඔබේ ණය කාඩ් පත (ක්‍රෙඩිට් කාඩ් එක) ඇතුළත් බැංකුවේ ණය කාඩ් පත් තොරතුරු අංශයේ අංකය
28. එබේ ඒ ටී ඒම් කාඩ් පතේ තොරතුරු ලබාගත හැකි බැංකු අංශයේ අංකය
29. විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබාගත හැකි තැන්වල අංකය
30. විශේෂඥ වෛද්‍ය සේවාවන් සදහා වෙන් කිරීම් කරන ජංගම දුරකථන සමාගම් වල අංකය – උදාහරණ ටී චැනලින් 225
31. ගිනි නිවීමේ අංශයේ අංකය
32. ඔබ නිතර නිතර නිවාඩුවට යන හෝටල් වල අංක
33. ඔබේ විදේශයක සිටින සැමියාගේ සේවා ස්ථානයේ සහ ඔහුගේ සමීපම මිතුරෙකුගේ අංක
34. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංකය
35. ජලනල කාර්මිකකෙුගේ අංකය
36. මේසන් කාර්මිකයෙකුගේ අංකය
37. විදුලි කාර්මිකයෙකුගේ අංකය
38. ඔබ වාහනයක් පාවිච්චි කරනවානම් එය ලබාගත් ආයතනයේ අංකය
39. වාහන කාර්මිකයෙකුගේ අංකය
40. ඇදගෙන යාමේ පහසුකම් (වාහන) සපයන තැනක අංකය
41. ඔබේ වාහනයේ සේවා පහසුකම් කරන සේවා ස්තානයේ අංකය
42. ප්‍රදේශයේ රෝහල් සියල්ලගේම දුරකථන අංක
43. ඔබේ ඥාතීන් සියල්ලන්ගේම දුරකථන අංක
44. ඔබේ පන්සලේ පල්ලියේ දුරකථන අංකය
45. පන්සලේ හාමුදුරුවන්ගේ සහ පල්ලියේ පියනමගේ දුරකථන අංක
46. පොලිස් හදිසි ඇමතුම් සේවා අංක 119
47. ඔබේ නිවසේ සේවකයන් සිටිනවානම් ඔවුන්ගේ අංකය සහ ඔවුන්ගේ ඥාතීන්ගේ දුරකථන අංක
48. ඔබේ දුරකථනය නැතිවුවහොත් එය සොයාගන්නා කෙනෙක්ට කතා කරන්නට ඔබේ අංකය.

මේ දේවල් ඔබට අමුතුවෙන් මතක් කරන්නට අවශ්‍ය නෑ කියලා හිතනවා ඇති. ඒත් අපිට අවශ්‍යම කරන දේවල්ම තමයි අපිට අමතක වෙන්නේ.

Add Comment

error: Content is protected !!