ඔලිව් තෙල්වල විශ්මිත ප්‍රයෝජන 19 ක් මෙන්න

ඔලිව් තෙල් කියන්නේ බොහොමයක් නිවෙස් වල ආහාර පිසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක්. හැබැයි ඔබ දැන සිටියාද, ඔලිව් තෙල් රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කළ හැකි විශිෂ්ඨතම අමුද්‍රව්‍යයක් බව?

අංක එක – ඔලිව් තෙල් ස්නානය
ඔබේ නාන බඳුනට ඔලිව් තෙල් බිංදු කීපයක් එකතුකරන්න. සමට හිතකර ප්‍රතිඔක්සිකාරයන් ඔලිව් තෙල් වල අඩංගුවෙනවා. හැබැයි ස්නානය අවසානයේ ඔබේ නාන බඳුන පිරිසිදු කරන්න අමතක කරන්න එපා.

අංක දෙක – තුවාල හා සීරීම් සඳහා
වැස්ලීන් ස්වල්පයක් හා ඔලිව් තෙල් ටිකක් මිශ්‍ර කරන්න. තුවාල හා සීරීම් සඳහා ප්‍රතිකර්මයක් වශයෙන් ඔබට මෙය භාවිතා කරන්න පුළුවන්. මෙමඟින් තුවාල හා සීරීම් වල සුවවීම වේගවත් වෙනවා.

අංක තුන – ඉරි තැලුනු සම සඳහා
ඔබේ මෘදු සම වියලි සුලඟ හමුවේ වියලී ඉරි තැලෙනවා. එමඟින් සමට හානිවෙන බව ඔබ දන්නවානෙ. මෙයට පිළියමක් ලෙස ඔබට ඔලිව් තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැලීම් සඳහාත් ගුණදායකයි.

අංක හතර – මුහුණේ අලංකරණයන් ඉවත්කිරීමට
ඔලිව් තෙල් මඟින් මුහුණේ ඇති විවර වැසෙන්නේ නෑ. මුහුණේ ඇති කුණු, දූවිලි හා අලංකරණයන් ඉවත් කිරීම සඳහා පුළුන් බෝලයකට ඔලිව් තෙල් පොඟවා භාවිතාකරන්න.

අංක පහ – සමේ තෙතමනය සඳහා
සමේ තෙතමනය හා පෝෂණය ආරක්ෂා කරගැනීම සඳහා ඔබට ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන්.

අංක හය – සමේ රැලිවැටීම් අවම කරයි
ඔලිව් තෙල් වල විටමින් E අඩංගුවෙනවා. සම වියපත් වීම පාලනය කිරීමට විටමින් E වලට ඇති හැකියාව සනාථ වෙලයි තියෙන්නේ. සම මෘදු කරනවා වගේම හිරු එළියෙන්ද ඔබේ සම ආරක්ෂා කරනවා.

අංක හත – මුහුණේ සමට ගුණදෙන සත්කාරයක්
රූපලාවන්‍ය නිෂ්පාදන රැසක ඔලිව් තෙල් අඩංගුවෙනවා. ඉතින් ඔබට ඔලිව් තෙල් භාවිතාකර නිවසේදීම මුහුණට සත්කාරයක් හදාගන්න පුළුවන්. අඹරාගත් පිපිඤ්ඤා ගෙඩියක්, කිරි මේස හැන්ඳක් හා ඔලිව් තෙල් මිශ්‍ර කර මේ සත්කාරය හදාගන්න.

අංක අට – කෙස් කළඹේ රැලි ඉවත්කිරීම සඳහා
නෑමෙන් පසුව කෙස් කළඹ හොඳින් වේලාගන්න. පසුව ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වන්න. එමඟින් ඔබේ කෙස් කළඹේ ඇති අනවශ්‍ය රැලි හා බොකටු ගතිය අඩුකරගන්න පුළුවන්. කෙස් කළඹට දිස්නයක්ද ලැබෙනවා.

අංක නවය – ඉස්සොරි සඳහා
හිස කැසීම හා ඉස්සොරි වලින් ඔබත් පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න විසඳුම. රාත්‍රියේ කෙස් කළඹට ඔලිව් තෙල් ගැල්වීම මඟින් කෙස් කළඹට අවශ්‍ය පෝෂණයත් ලැබෙනවා.

අංක දහය – තොල්පෙති සඳහා සත්කාරයක්
ඔලිව් තෙල් හා සීනි මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් තොල්පෙති සෙමින් සම්භාහනය කරන්න. සතියකට වතාවක් මෙසේ කිරීමෙන් අත්වෙන වෙනස ඔබම අත්හදා බලන්න.

අංක එකොළහ – එක්සිමා හා කුෂ්ඨ සඳහා
ඖෂධීය ගුණ ඇති ඔලිව් තෙල් සමේ මේ තත්වයන් සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන්. රෝගකාරක බීජ නිවාරණය කිරීමේ හැකියාවන් ඔලිව් තෙල් වලට තියෙනවා. දිනකට දෙපාරක් මේ සම්භාහනය කරන්න.

අංක දෙළහ – නියපොතු ආසන්නයේ හම යෑම සඳහා
විටමින් E අඩංගු ඔලිව් තෙල් දිනකට කීප වතාවක් ගැල්වීමෙන් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්.

අංක දහතුන – ඇස් යට පිපුමට
රෑ නින්දට යාමට පෙර ඇස් යට ඔලිව් තෙල් ගල්වන්න. ඔබට හොඳ ප්‍රථිඵල අත්වෙයි.

අංක දහහතර – ෂැම්පූ කිරීමට පෙර
පසුදා ඔබ කෙස් කළඹ සෝදනවා නම් රාත්‍රියේ කෙස් අගට ඔලිව් තෙල් ගල්වන්න. කෙස් කළඹේ හානි සුව වී වර්ධණය වැඩිවෙනවා.

අංක පහළොව – මේකප් බුරුසුව පිරිසිදු කිරීමට
සබන් හා ඔලිව් තෙල් මිශ්‍රකරන්න. එයින් බුරුසුව සේදීමෙන්, බුරුසුවේ ඇති බැක්ටීරියා ඉවත්වෙනවා වගේම එහි සිනිඳු බවත් ආරක්ෂාවෙනවා.

අංක දහසය – නියමහ සඳහා
ඔබේ නියපෙලේ ලස්සන පවත්වා ගැනීමට සතියකට කීප වතාවක් ඔලිව් තෙල් ගල්වන්න. ඔබේ නියපෙලේ සෞඛ්‍ය ඉන් ආරක්ෂාවෙනවා.

අංක දහහත – හිසකෙස් වර්ධණයට
කෙස් අග පැළීමට, හානිවීම වලට හා වර්ධණය වීම් සඳහා සතියකට තුන්වරක් ඔලිව් තෙල් ගල්වන්න.

අංක දහඅට – රෝම ඉවත්කිරීම සඳහා
ශේවින් ක්‍රීම් එක වෙනුවට ඔබට ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන්.

අංක දහනවය – කලාඳුරු ඉවත් කිරීමට
බිංදු කීපයක් කන තුලට වක්කිරීම මඟින් කලාඳුරු ඉවත්වෙනවා.

Add Comment