ඔලිව් තෙල් සහ ලුණු පාවිච්චි කරලා ඛෙල්ලේ කැක්කුම් හොඳ කර ගන්න

ඛෙල්ලේ කැක්කුම් කියන්නේ අපි කාටත් ඉවසන්න අමාරුම දෙයක්. වෛද්‍ය විද්‍යාත්මකව ඛෙල්ලේ ඔස්ටියෝකොන්ඩ්‍රෝසිස් කියලා හඳුන්වන මේක කොයි තරම් අමාරු රෝගයක් වුණත් ස්වභාවික සංයෝග පාවිච්චි කරලා නිකන්ම හොඳ කර ගන්න පුළුවන්. දැන් අපි කියන්න යන්නේ ඒ වගේ බොහොම ප්‍රතිඵලදායක, සරල සංයෝගයක් හදා ගන්න විදිහ ගැනයි. මේක නිවැරදිව හදා ගෙන පාවිච්චි කලොත් තවත් අවුරුදු 5කට ඛෙල්ලේ කැක්කුම් නම් ඇති වෙන්න ඉඩක් නැහැ කියලා සහතික කරලා කියන්න පුළුවන්. විශ්වාස නැහැ නේද? ලිපිය දිගටම කියවලා බලන්නකෝ.

මේක හදා ගන්න වෙන්නේ ටිකක් විශාල විදිහට. ඒ නිසා ඔබට පිරිසිදු ලුණු කුඩු මේස හැඳි 10කුත් ඔලිව් තෙල් මේස හැඳි 20කුත් ඕනෑ වෙනවා. ඔලිව් තෙල් වෙනුවට සුරියකාන්ත තෙල් වුණත් ගන්න පුළුවන්. හදා ගන්නේ මෙහෙමයි

මේකට විශේෂ මහන්සියක් වෙන්න අවශ්‍ය නෑ. මේ දෙක හොඳින් මිශ්‍ර කරලා පේස්ට් එකක් හදාගෙන වීදුරු භාජනයකට දාලා තියලා තියන්න විතරයි ඕන වෙන්නේ. දවස් දෙකකට පස්සේ ලා පාට සංයෝගයක් හැදිලා තියේවි. මේ තමයි ඔබේ ඛෙල්ලේ කැක්කුම් වසර ගණනාවකට හොඳ කරන මැජික් දියරය පාවිච්චි කරන්න මේ විදිහට.

ඛෙල්ලේ රිදීම තියෙන තැන වල මේ දියරය ආලේප කරන්න, උදේ කාලයේ කලොත් තමයි වැඩි ගුණයක් ලැඛෙන්නේ. ප්‍රදේශයේ සම මත හොඳට අතුල්ලමින් ආලේප කළ යුතුයි. තද කරද්දී කැක්කුම වැඩි වෙනවා නම් මුල් දවස් වල විනාඩි දෙක තුනකින් පටන් අරගෙන විනාඩි 20ක් දක්වා ටික ටික මේ විදිහට මසාජ් කරන කාලය වැඩි කර ගන්න. විනාඩි 20ක් ඉක්මවා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ, අවසානයේ තෙත් කළ තුවායකින් හොඳින් පිස දමන්න.

සමහර විට මුල් දින කිහිපයේදී ඔබේ ඛෙල්ලේ සම ටිකක් කහන ගතියක් දැනෙන්න ඉඩ තියෙනවා. නමුත් බය වෙන්න දෙයක් නෑ. බේබි පවුඩර් ටිකක් දැම්මම ඒක හරි යනවා. ටිකක් දවස් යද්දී මේ විදිහට කැසීමක් එන එක ඉබේම නවතීවි.

දවස් 10ක් ඇතුලත මේ ප්‍රතිකාරය මගින් ඔබේ ඛෙල්ලේ ලේ ගමනාගමනය ඉහළ ගිහින් කාටිලේජ, ඛණ්ඩරා ආදිය යලිත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ නිසා ඛෙල්ලේ කැක්කුමේ විශාල අඩු වීමක් දැක ගන්න පුළුවන් වේවි පළවෙනි දවස් 8 – 10 ඇතුළතම. මේ ප්‍රතිකාරය දිගටම කරාම ඔබේ ඛෙල්ලේ තිබුණු කැක්කුම කොහෙන් ගියාද කියලා හොයා ගන්න බැරි වෙයි. ඒ වගේම ඔබේ හිසට යන ලේ ප්‍රමාණය ඉහළ යන නිසා හොඳ පෙනීමකුත් ලැබේවි. ශරීරය පුරා රුධිර සංසරණ පද්ධතිය නිසි ලෙස ක්‍රියා කිරීම නිසා විෂ බැහැර කිරීම කාර්යක්ෂම වෙලා පරිවෘත්තිය ක්‍රියා ශක්තිමත් වෙනවා. විශේෂයෙන්ම මේ මසාජ් එකෙන් පස්සේ කැරකෙන ගතියක් දැනෙන එක ගැන වැඩිය හිතන්න එපා, ඒකෙන් සිදු වෙන්නෙම හොඳක්. කිසිම අතුරු ආබාධයක් නැතිව ඛෙල්ලේ කැක්කුම සම්පුර්ණයෙන්ම හොඳ වෙලා යනවා.

ලුණුයි ඔලිව් තෙලුයි එක් වුණාම මේ වගේ ප්‍රබල සංයෝගයක් හැදෙන්නේ කොහොමද? ඇත්තටම ඒක අපි දන්නෙත් නෑ, කොහොම නමුත් මේ ප්‍රතිකාරය කරපු ගොඩක් දෙනෙක්ට සුවය ලැබිලා තියෙනවා. ඉතින් ලොකු වියදමක් යන්නෙත් නැති එකේ, නරක දෙයක් පාවිච්චි කරන්නෙත් නැති එකේ, වේදනාවත් අඩු කර ගන්න ඕනේ එකේ මේක කරලාම බලන්නකෝ. ලෙඩේ හොඳ වුනොත් කොයි තරම් දෙයක්ද?

මේ වගේ හරිම සරල දේවල් වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ක්‍රම ගැන ඇතුලත් ලිපි ගොඩක් මේ සයිට් එක පුරා අඩංගුයි. ඒවත් කියවලා බලලා දැනුම වැඩි දියුණු කර ගන්න. මේ ලිපිය ශෙයා කරලා ඔබේ මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න. තවත් ලිපියකින් ඉක්මනින්ම හමු වෙමු.

Add Comment

error: Content is protected !!