ඔලුව කැක්කුමෙන් මිදෙන්න උපකාර වන උපදෙස් 15 ක්….

ඔලුව කැක්කුම් කියන්නෙ කිය කිය එන දේවල් නෙමෙයි. වෙලාවට කන්න වෙන්නෙ නැති නිසා, ස්ට්‍රෙස් නිසා, නිදිමත නිසා, අවුවෙ ගිය නිසා වගේ විවිධ හේතු නිසා ඔලුවෙ කැක්කුම් එනවා. මේ කියන්නෙ ඒ පොඩි පොඩි ඔලුවෙ කැක්කුම් ගොඩදාගන්න විදි ටිකක්. එහෙම නැතුව ඔලුව කැක්කුම ගැන හිත හිත වැඩ මගඇරගන්න ඕන නැහැනෙ.

1. බෙල්ල
බෙල්ල පිටිපස්ස කොණ්ඩෙ ඉවරවෙන තැනින් දබර ඇඟිලි දෙකෙන් දෙපැත්තට කරකැවෙන විදියට මසාජ් කරන්න

2. නළල
ඇස්වලට ඉහලින් ඇහිබැම ඉවර වෙන තැන නළල උඩට කැරකෙන විදියට ඇඟිලි දෙකකින් දෙපැත්තම මසාජ් කරන්න

3. පෙපර්මින්ට්
පුංචි මින්ට් ටොෆියක් එක්ක වතුර ටික ටික බොන්න. පෙපර්මින්ට් වුනත් මරු. පෙපර්මින්ට් තෙල් කියන්නෙත් නියම විසඳුමක්. පෙපර්මින්ට් තෙල් ටිකක් නළලෙයි, හකු පිටුපසයි කම්මුල් වලයි ආලේප කරගන්න. ඊට පස්සෙ රිලැක්ස් වෙලා ඇස් පියාගෙන ගැඹුරින් හුස්ම ගැනීමක යෙදෙන්න

4. මිරිස්
මිරිස් ටිකක් සුවඳ බලන්න පුළුවන්නං හරි. මිරිස්වල තියෙන කැප්සයිසින් නිසා වේදනාව දුරුවෙනවා. මිරිස් කුඩු තේහැඳි කාලක් උණුවතුරෙ දිය කරන්න. ඒකෙ කපු පුළුන් ටිකක් පෙඟෙන්න හරින්න. දැවිල්ල දැනෙන්න පුළුන් කෑල්ල නහයෙන් තියන්න.

5. ආමන්ඩ්
ස්ට්‍රෙස් එකෙන් එන ඔලුවෙ කැක්කුමට කියාපු බෙහෙත. ඔලුව කැක්කුමක් හැදීගෙන එද්දි ආමන්ඩ් අහුරක් දෙකක් හපල කන්න බලන්න. හිසේ ඇම්ම ඇරිල යාවි.

6. ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප කාලක්, උණුවතුර කෝප්ප තුනකට දාලා ස්ටීම් කරන්න. ඊටපස්සෙ සීතල වතුර වීදුරුවක් පානය කරන්න.

7. යෝගා
හොඳට ඇඟ ඇදෙන ව්‍යායාම ටිකක් කරලා දිග හුස්මක් ගත්තනං වැඩේ ගොඩයනවා.පහත වීඩියෝවෙ තියෙන්නෙ ඒ විදිහෙ ඔලුව කැක්කුමකදි කරන්න පුලුවන් යෝග ව්‍යායාම කිහිපයක්.

8. එළියට
පොඩ්ඩක් එළිපහලියට යන්න පුළුවන්නං හරි. එළියට යන්න අමාරු නම් ගේ ඇතුලේ හරි එහා මෙහා කිහිප වරක් ඇවිදලා බලන්න. ඒක ඔයාගෙ ස්ට්‍රෙස් ගතිය පහල හෙලාවි.

9. අයිස් කූල්
අයිස් කැටයක් දෙකක් බෙල්ල පිටිපස්සට තියාගන්න

10. එම්එස්ජී
එම්එස්ජී වගේ කෘතිම රසකාරක භාවිතයෙන් ඉවත් කරන්න. නිතර ආහාරයට ගන්නා සහ එකතු කරගන්නා දේවල්වල ලේබල් ආදිය කියවලා බලන්න සමහර විට ඔයත් නොදැනුවත්වම එම්.එස්.ජී ඇතුලත් වෙලා තියෙන්න පුලුවන්.

11. හිතපියාවු
ටිකක් වෙලා ඇස් දෙක වහගෙන වේදනාව ඇරෙන්නට වෙනත් දෙයක් ගැන හිතන්න

12. ඉඟුරු
ඉඟුරු පෙති තුනක් අඟල් කාලෙ වගේ සයිස් එකෙන් හීනියට කපාගන්න. වතුර කෝප්ප දෙකකට ඉඟුරු කෑලි දාලා මිනිත්තු තිහක් තියෙන්න හැරලා. සුවඳත් ආඝ්‍රානය කරලා බොන්න.

13. මැජික් පැන්සල
පැන්සලක් අරගෙන දත් අතරෙ රඳවාගෙන් හිටියමත් ඔලුව කැක්කුම් පොඩ්ඩක් අඩු වෙනවා. මිනිරන් හැපෙනෙකං කන්න එපා.

14. වතුර
ඇල්කොහොල් ජාති, කෝපි, සීනි තියෙන බීම ජාති බිවුවට විජලනය නොවෙන්නෙ නෑ . ඒ නිසා වතුර ටිකක් බිවුවත් ඕක හරියන්න පුළුවන්.

15. ටැබ්ලට්
වේදනා නාශක පෙති දෙකක් අරන් බලන්න පුලුවන්. හැබැයි ඊට කලින් අපි ඉහත කියපු ක්‍රමයක් දෙකක් අත්හදා බලන එක වඩාත් සුදුසුයි.

සැළකිය යුතුයි- ඉහත ප්‍රතිකර්ම වලින් සහනයක් නොලැබෙන දිගින් දිගටම පවතින හිසේ කැක්කුමකදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වඩා සුදුසුයි.

ඔබට මේ ලිපිය වැදගත් වුනානම් තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුභ දවසක්.

උපුටා ගැනීම – Aniwa.lk

Add Comment