ඕනෑම දෙයක් පහසුවෙන් මතක තබාගැනීමේ විශ්වීය සුත්‍රය

අපි ජීවිත කාලයේදී මොනතරම් දේවල් ප්‍රමාණයක් ඉගෙන ගන්නවාද? එත් අපිට ඒ හැම දෙයක්ම මතක නෑ. මොකද අපිට ඒවායින් වැඩි ප්‍රමාණයක් අමතක වෙනවා. ඇයි මෙහෙම අමතක වෙන්නේ.

අපි බලමු ඇයි අපිට අමතක වෙන්නේ වෙන්නේ කියලා. ඒ එක්කම හොයමු කාර්යක්ෂමව තොරතුරු මතක තියාගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ජර්මන් ජාතික මනෝ විද්‍යාඥයෙක් වන හර්මන් ෂි එබින්ගස් හොයාගෙන තිබෙනවා මතක තබා ගැනීමට උපකාරී වන විශ්වීය සුත්‍රයක්. ඉතින් ඒ ගැනත් ඔබට කියා දෙන්න මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙනවා.

ඇයි අපිට අමතක වෙන්නේ

අපේ මොළය, ඔලුවට අනවශ්‍ය දේවල් පිරෙන එක නවත්තනවා. අන්න ඒ නිසයි ලැබෙන හැම අලුත් තොරතුරක්ම කෙටි කාලීන මතකයක ගබඩා වෙලා ඒ තොරතුරු නැවත පාවිච්චි කළේ නැත්නම් මැකිලා යන්නේ. හැබැයි කෙටි කාලීන මතකයේ තිබිලා අපි භාවිතා කරපු තොරතුරු, ආවර්ජනය කළ දේවල් දිගු කාලීන මතකයේ ගබඩා වෙනවා.

එබින්ගස්ගේ අමතක වීමේ වක්‍රය

මේක “එබින්ගස්ගේ අමතකවීමේ වක්‍රය” උනාට එබින්ගස් විතරක් නෙවෙයි අපි හැමෝටම අදාළයි. මේ වක්‍රයෙන් කියවෙනවා අපි දෙයක් අළුතෙන් ඉගෙන ගෙන මොළයට ඇතුල් කළත් නැවත පැයක් ඇතුළත අළුත් කළේ නැත්නම් අපිට ඒ තොරතුරෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් අමතක වෙන බව. සතියකට පසුව අපිට මතක තිබෙන්නේ ඉගෙනගත් දෙයින් 20%ක් වගේ අඩු ප්‍රමාණයක්.

හැමදේම මතක තියාගන්නේ කොහොමද

වේගවත් පාඩම් කිරීමේ ක්‍රමය – ඉක්මනින් මතක තබා ගැනීමට

පළමු පාඩම් කිරීම ඉගෙනගත් වහාම
දෙවන පාඩම් කිරීම විනාඩි 15- 20කට පසුව
තුන්වන පාඩම් කිරීම පැය 6 – 8කට පසුව
හතරවන පාඩම් කිරීම පැය 24කට පසුව

වේගවත් පාඩම් කිරීමේ ක්‍රමය – දිගුකල් මතක තබා ගැනීමට

පළමු පාඩම් කිරීම ඉගෙනගත් වහාම
දෙවන පාඩම් කිරීම විනාඩි 20 – 30කට පසුව
තුන්වන පාඩම් කිරීම දිනකට පසුව
හතරවන පාඩම් කිරීම සති 2, 3කට පසුව
පස්වන පාඩම් කිරීම මාස 2, 3කට පසුව

තොරතුරු, වැඩි කාලයක් අපේ මතකයේ තබා ගැනීමට අවශ්‍යනම් අපි එම තොරතුරු දිගු කාලීන මතකයට ඇතුළත් කරගත යුතු වෙනවා. නමුත් බලෙන් පාඩම් කිරීම හෝ කරවීම සාර්ථක ක්‍රමයක් නොවේ. මොකද ඉක්මනින් තොරතුරු සමඟ සන්නිවේදනය හදාගෙන ඒවායේ දත්ත හා හැඩය සමඟ සම්බන්ධයක් ගොඩ නගන්නට අපේ මොළයට හැකියාවක් නෑ.

ඔබට අවශ්‍යනම් දිගු කාලීන තොරතුරු මතක තියාගන්න, පාඩම් කරන දේවල් ආවර්ජනය කරන්න. එවිටයි නැවත එම තොරතුරු මතකයට නංවා ගත හැක්කේ. මෙයට ගතවෙන කාලය දින ගණනාවක් හෝ මාස ගණනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබ විසින්ම නිර්මාණය කරගත් කාඩ්පත්, කෙටි සටහන් හා දෘශ්‍යධාර උපයෝගී කරගෙන පාඩම් කරන්න. එහෙමත් නැතිනම් Anki (Android, ios) හා Supermemo (Android) වැනි මෙවලම් යොදාගෙන සැලැස්මකට අනුව පාඩම් කරන්න.

මතක තබා ගැනීමට වැදගත් වන ක්‍රම 12

  1. ඉගෙනගන්න දේ තේරුම් ගන්න අපි ඉගෙනගත් දේ තේරුම් ගෙන සිටියහොත් ඒවා හිතෙන් හෝ නැවත නැවත කියවීමෙන් ධාරණය කරගන්න පුළුවන්. අන්න එහෙම තේරුම්ගෙන මතක තබා ගත් තොරතුරු අනෙක්වාට වඩා නව ගුණයකින් මතක් වීමේ හැකියාවක් පවතිනවා.
  1. අත්‍යවශ්‍ය තොරතුරු පමණක් ඉගෙන ගන්න ඉගෙන ගැනීමේදී වැදගත් පිළිවෙල අනුව ඒ ඒ තොරතුරු වලට ප්‍රමුඛතාවය ලබා දෙන්න.
  1. යම් සටහනක මුලින් හා අගින් ඇති තොරතුරු මතකයේ රැදීමේ හැකියාව වැඩියි. පාඩම් කිරීමේදී ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වීම වටිනවා.
  2. එකවරම අවධානය එක මාතෘකාවක සිට තවත් මාතෘකාවකට මාරු කරන්න. හැබැයි මතක තියාගන්න සමාන මතකයන් කවලම් වෙලා විකාරයක් වෙන්න පුළුවන්.
  3. ප්‍රතිවිරුද්ධව ඉගෙනගන්න උදාහරණයක් ලෙස ඔබ විදෙස් භාෂාවක් ඉගෙන ගන්නවා නම් උදේ හා සවස ආවර්ජනය කරන්න. විරුද්ධ දේවල් මතක තබා ගන්න ඉතා ලේසියි.
  1. ඔබේ “මතක මන්දිරය” තනා ගන්න අපේ මතකය සෑම විටම වටපිටාව සමඟ බැදිලයි තිබෙන්නේ. උදාහරණයක් විදිහට කාමරයේ සිට පාඩම් කරනකොට විෂය කරුණු කාමරයේ තිබෙන දේවල් සමඟ සම්බන්ධ කරගන්න පුළුවන්. නැවත නැවත ඒ පිළිවෙලට එම කරුණු මතක් කිරීම වටිනවා. පසුව ඔබට පුළුවන් කාමරයේ තිබුණු දේවල් මතකයට නගාගෙන විෂය කරුණු මතක් කර ගන්න.
  1. ඇමිණුම් වචන” භාවිතා කරන්න මේ ක්‍රමයෙන් කියවෙන්නේ ඉගෙනගත්ත දෙයක් තවත් ඉගෙනගත්ත දෙයකට අමුණන්න එකයි. එවිට එක දෙයක් මතක් කරනකොට අනෙක් දේ ඉබේම ඔබට මතක් වේවි.
  1. අලුත් වචන, හොදින් දන්නා වචන එක්ක සම්බන්ධ කරගන්න භාෂාවක් ඉගෙනගන්නා විට පහසුම දේ තමයි සමාන වචන එකට මතක තියාගන්න එක. පොකුරු විදිහට. දන්නා දෙයකින් නොදන්නා දෙයක් ඉගෙනගැනීම එවිට ඔබට ඉතා පහසු වෙනවා.
  1. ඔබට කැමති ආකාරයට කතාන්දර නිර්මාණය කරන්න ඔබට තොරතුරු ගොඩක් එකවර මතක තියාගන්න අවශ්‍යනම් ඒවා එකකට එකක් පිළිවෙලින් සම්බන්ධ කරලා කතාවක්, ගැලපීමක් හදා ගන්න. හැමදෙයක්ම එකිනෙකට බැඳුණාම මතක තියා ගන්න ගොඩක් පහසුයි.
  1. ටේප් රෙකෝඩරයක් භාවිතා කරන්න ඉගෙනගන්නා දේවල් ටේප් රෙකෝඩරයකින් පටිගත කරගන්න. කිහිපවතාවක් සවන් දෙන්න. ගීත හා අනෙකුත් ශ්‍රව්‍ය මාධ්‍යට ප්‍රියකරන අයට සුදුසුම ක්‍රමය තමයි මේක.
  1. රූප මවා ගන්න ඉගෙනීමේදී ඉරියව්, ඉඟි හා ශරීර භාෂාව භාවිතා කරන්න. තමන්ට ආවේනික ආකාරයට රූප මවාගන්න.
  1. හොදම දේ තෝරන්න කල් පැනපු, යාවත් කාලීන නොවූ පොත් හා ඉගෙනුම් ක්‍රම භාවිතය වහාම නවත්වන්න. ඔබ භාවිතා කරන්නේ යම් පොතක ඉතා පැරණි මුද්‍රණයක් නම්, පොතේ සදහන් බොහෝ කරුණු හා සිද්ධාන්ත වර්තමානයේදී වෙනස් වී තිබෙන්න පුළුවන්. ඒ හේතුවෙන් වැරදීමට ඉඩ ඇති දේවල් මත ඔබේ කාලය කා දමන්න එපා.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Add Comment

error: Content is protected !!