කකුල් නොකපා දියවැඩියාව සුව කරන විශ්මිත වෛද්‍යවරයා…

දියවැඩියාව කියන්නෙ අද වෙනකොට බොහෝ දෙනෙක්ට වැළදී තිබෙන රෝගයක්.වැරදි ආහාර රටා , වැරදි ආහාර පුරුදු , පරම්පරාවෙනුත් දියවැඩියාව වැලදෙනවා.දියවැඩියාව අයත් වන්නේ නිදන්ගත රෝගී කොටසකටයි.දියවැඩියාව සුව කිරීමේදී එය අවසානයේ කකුලේ කොටසක් කපා ඉවත් කිරීම තෙක් දුරදිග යනවා.

දිය වැඩියාව යනු පප්‍රධාන බෝ නොවන රෝග වලින් හතරෙන් එකක්. ඕනෑම පුද්ගලයකුගේ රුධිරයේ කිසියම් තිබෙන සීනී ප්‍රමාණයක් ඇති බැව අප හොදින් දන්නවා. මෙම සීනි මට්ටම අසාමාන්‍යය ලෙස ඉහළ යාම දිය වැඩියාව යනුවෙන් හැඳින්වෙනවා.

නිරෝගී පුද්ගලයකු පැය 10ක් ආහාර නොගෙන සිටීමෙන් පසු රුධිරය පරීක්ෂා කළ විට එම රුධිර නියැදියේ සීනි, ඩෙසි ලීටරයට මිලි ග්රැම් 60 ත් 100 ත් අතර ප්‍රමාණයක් තිබිමත් හා ආහාර ගෙන පැය 2 කට පසු රුධිර නියැදියක් පරීක්ෂා කිරීමේදී එම රුධිර නියැදියේ සීනී, ඩෙසි ලීටරයට මිලි ග්රැම් 80 ත් 140 ත් අතර ප්රමාණයක් තිබීම සාමාන්‍යය අගයක් ලෙස පිළිගැනෙනවා.

දියවැඩියාව වැළඳුණු රෝගියෙකුට වෛද්‍යවරයකු දෙන ප්‍රධානම උපදේශය නම් තම දෑස මෙන් දෙපා රැකගතයුතු බවය. නිසි ලෙස දෙපා රැකගත නොහැකි වුවහොත් අවසානයේ සිදුවන්නේ රෝගය උත්සන්න වී දෙපා කුණු වී, වනවී, කකුල් කැපී, ආබාධිතයකු ලෙසින් ඇඳට වැටීමය.

සිරුරේ හැම අවයවයක්ම අපට එකසේ වටිනා බව අමුතුවෙන් කිවයුතු නැහැ.ඒත් දියවැඩියාව වැලඳුන රෝගීන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම හා නොසැලකිල්ල නිසා අද වන විට රෝගීන් බොහොමයකට තම දෙපා අහිමිවන තැනට වැඩ සිදුවී හමාරයි.

ඇත්ත වශයෙන්ම මෙය සෝචනීය තත්ත්වයකි. දියවැඩියාව උත්සන්න වී කකුලේ වන උඩුදුවා කපා දැමිය යුතු බවට වෛද්‍යවරු ලේබලය ඇලවු කකුල් නොකපා ඒවා සුවපත් කරන විස්මිත ජීවකයකු ගැන අසන්නට ලැබුණා. නාවල රාජගිරිය පාරේ විමල විහාරයට යාබදව පිහිටි දියවැඩියා පවුල් සායන මධ්‍යස්ථනය වෙත ගියෙමු.එහි සිදුවන දෑ දැකගැනීමට කර ගැනීමට එතරම් කල්මැරීමට අවශ්‍ය වුයේ නැත. රෝද පුටුවල වාඩිවු කකුල් වෙලාගත් රෝගීන් සිනහමුසුව පෙළගැසී සිටින්නේ තම වාරය එනතුරුයි.

මෙම ස්ථානය ආරම්භ කර එය පවත්වාගෙන යනු ලබන වෛද්‍ය නාමරත්න මහතා හමුවීමට මත්තෙන් අපි එහි සිටි රෝගීන් කිහිප දෙනෙකු හා කතා බහ කළෙමු.

”මම මොනරාගල ඉඳලා ආවේ.මුලින් පුංචි තුවාලයක් හැදුණේ. ඉස්පිරිතාලෙන් ඛෙහෙත් දාලා මගේ කකුල වන වුණා. අන්තිමට කකුල කපන්න කිව්වා. ඔය අතරතුර තමයි මට මේ තැන ගැන අහන්න ලැබුණේ. මම මෙතැනට ආවේ මාස දෙකකට විතර ඉස්සර. එනකොට කකුල කුණුවෙලා තිබුණේ.දැන් මගේ කකුල සනීපයි. අඩිය තියලා ඇවිදින්න පුළුවන්. ඒත් දොස්තර මහත්තයා කියන්නේ දැන්ම ඇවිදින් එපා කියලා. තව මාසයක් දෙකක් යනකොට මට ඇවිදින්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා”

වසර 68ක් වයසැති මොනරාගල සිට පැමිණි ඇයගේ වැහැරී ගිය මුහුණේ දෑස් දීප්තිමත්ව දැල්වුණේ තව නොබෝ දිනකින් පොළවේ පය ගසා පෙර පරිදි ඇවිද යාමට ලැඛෙන දැඩි බලාපොරොත්තුව හේතුවෙනි.

”මගේ ගම ජාඇළ. දැන් මගේ වයස අවුරුදු 72ක්. අවුරුදු 40 දි තමයි මට දියවැඩියාව හැදුණේ. මුලින් මගේ යටිපතුළේ පුංචි තුවාලයක් හැදුණා. ඒකට ඛෙහෙත් ගත්තත් ටික ටික තුවාලෙ ලොකු වුණා. අන්තිමට කකුල වනවෙලා කකුලේ අඩිය කපන්න මට සිද්ධ වුුණා.හැබැයි කකුල සුවවුණේ නෑ. ඉස්පිරිතාලෙන් කොච්චර ඛෙහෙත් දැම්මත් දවසෙන් දවස කකුල වනවුණා. අන්තිමට දොස්තරලා කිව්වා දනිස්ස ගාවින් කකුල කපන්න ඕන කියලා.”

”මේ දොස්තර මහත්තයා ගැන අපේ පුතා තමයි සොයාගෙන තිබුණේ. මම මෙතැනින් ඛෙහෙත් ගන්න පටන් අරන් දැන් මාස තුනහමාරක් විතර වෙනවා. දැන් කකුල ගොඩක් සනීපයි. මුල් දවස්වල කකුලෙන් ඉවසන්න බැරි කුණු ගඳක් වහනය වුණා. දැන් ගඳ එන්නේ නෑ. තුවාලෙ වේලෙන්න පටන් අරන්. ඇත්තටම මේ දොස්තර මහත්තයා මතු බුදුවෙන්න ඕන.”

රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට පෙළගැසී සිටීම හේතුවෙන් වෛද්‍ය චන්දිම නාමරත්න මහතා හමුවීම පහසු නොවෙතැයි සිතූ මුත් අප ගැන තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව ඒ කාර්ය බහුල තත්ත්වය යටතේ වුව ඔහු අප සමග කතාබහ කිරීමට ඉඩක් වෙන්කර ගත්තේය.

එමෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ස්ථානයට අපව කැඳවා ගිය වෛද්‍යවරයා සිනහමුසුව කීවේ ඔයාලට මෙතැන ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නම් නෑ. මොකද සමහර රෝගීන්ගේ තුවාලවලින් ලොකු දුර්ගන්ධයක් එනවා.දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයාට සහය වන්නේ තුරුණු වියේ පසුවන හෙදියන් කිහිපදෙනෙකි. එහි ප්‍රධාන වෛද්‍යවරයාට අමතරව තවත් වෛද්‍යවරයකු සිටිනවා.

ඒ ප්‍රධාන වෛද්‍යවරයාගේ සහෝදරයාය. සාමාන්‍ය ජීවිතයේදී අප තුවාල දැක ඇතත් මෙවැනි දුර්ගන්ධයන් සහිත කුණු වී ගිය තුවාල මීට පෙර කිසි දිනෙක දැක තිබුණේ නැත. සැබැවින්ම තුවාලවල ස්වභාවයත්, දුර්ගන්ධයත් කෙනෙකුට පියවි සිහිය පවා වෙනස් කරන තරම්ය. අප ඉතා අපහසුවෙන් එය දරාගෙන සිටියත් වෛද්‍යවරු දෙදෙනාටත් තුරුණු වියේ සිටි හෙදියන් කිහිප දෙනාටත් ඒ ගැන නම් ගානක් නැත.

ඔවුන් සියලූ ප්‍රතිකාර කරනු ලබන්නේ තමන්ගේ දෑතෙනි. අත් ආවරණ පැළඳගත් ඔවුන් දියවැඩියා රෝගීන්ගේ කුණු වී ගිය දැවැන්ත තුවාල අතපත ගාමින් කුණු වී ගිය කොටස් ඉවත් කරමින් ඒවාට ඛෙහෙත් ගල්වන්නේ සිනාමුසු මුහුණෙනි. ඔවුන්ගේ මුහුණුවල කිසිම වෙනසක් නැත.

මැදිවියේ කාන්තාවකට ප්‍රතිකාර කරන අතරතුර වෛද්‍යවරයා අප ඇමතීය. මෙන්න බලන්න මේ අම්මාගේ එක කකුලක ලොකු තුවාලයක්. දැන් ඒක සනීප වේගෙන එන්නේ.

බලන්න අනිත් කකුලට කරගෙන තියෙන දේ. මේ ළගදී අනුරාධපුරේ ගිහිල්ලා අව්වට රත්වෙච්ච ගල් උඩ වැලි උඩ ඇවිදලා. දැන් මේ කකුලේ ලොකු දියපට්ටයක් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්න මං මේ දියපට්ටය ගලවනවා. එසේ කියු වෛද්‍යවරයා කුකුලෙකු හම ගහන ආකාරයට එම කාන්තාවගේ යටි පතුලේ හම ඉවත් කළේය.

බලන්න මේ වගේ කකුල හම ගහන්න පුළුවන්ද කියලා ඔයාලගේ. මේ කකුල සම්පුර්ණයෙන්ම හිරි වැටිලා තියෙන්නේ. කිසිම දෙයක් දැනෙන්නේ නෑ. මේ අය කොච්චර කිව්වත් ඛෙහෙත්වලින් දියවැඩියාව පාලනය කරගන්න උත්සාහ කරන්නේ නෑ. අනික වන්දනාමාන කරන්න ඕනෑ. මම ඒක එපා කියන්නේ නෑ.

හැබැයි ඒවා කරන්න යනකොට අඩුම තරමින් මේස් ජෝඩුවක් හරි දාගෙන ගියා නම් මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. දැන් මේ තුවාලෙ සුව කරන්න සෑහෙන කාලයක් ගත වෙනවා.
එසේ කියු වෛද්‍යවරයා ඛෙහෙත් ගල්වා යටිපතුලට බැන්ඩේජ් රවුම් දෙකක් එක ළග තබා ඊට මතුපිටින් පුළුන් තබා බැන්ඩේජ් වෙලා අමුතු ආකාරයට කකුල සකස් කළේය.

මම මේකට කියන්නේ ලාඩම් ගහනවා කියලා. යටට පොට්ටනියක් වගේ වෙන්න මේ විදියට සකස් කළාම කකුල බිමට හිටින්නේ නෑ. එතකොට තුවාලය බිමට ස්පර්ෂ නොවන නිසා ඉක්මනින් සුව වෙනවා.

මම මේ ක්‍රමය ඉගෙන ගත්තේ ඉන්දියාවේ වැඩමුළුවකට ගිය වෙලාවේ එහෙ ඉන්න දක්ෂම වෛද්‍යවරයාගෙන්. ඒකත් කියලා ඉන්නම්කෝ. අපි වැඩමුළුවකට ඉන්දියාවට ගියා.

ඒ වෙනකොට මම මහ රෝහලේ සේවය කරන නිර්වින්දන වෛද්‍යවරයෙක්. ඒ වැඩමුළුව තිබුණේ තුවාල ගැන. ඔය කාලේ මම ආමි රෝහලෙත් සේවය කළා. ඒ තුවාලවලට ඛෙහෙත් දාන්න. ඒ දවස්වල ඉඳලා මේ තුවාලවලට ඛෙහෙත් දාන එකට මගේ විශේෂ කැමැත්තක් තිබුණා. මම ඉන්දියාවට යනකොට සුව නොකළ හැකි තුවාල ගැන විස්තර අරගෙන ගියේ. එදා වැඩමුළුවට රටවල් පනස් ගණනකින් වෛද්‍යවරු ඇවිත් තිබුණා.

නමුත් තුවාල ගැන දේශනය යද්දී ගොඩක් අය නිදි. හැබැයි මම මහාචාර්යවරයාත් එක්ක කතාබහ කරගෙන වැඩේ කරගෙන ගියා. අන්තිමට මගේ තිබුණු උනන්දුව නිසා එතුමා මට ආරාධනා කළා කොචින්වල තිබුණු එයාගේ පෞද්ගලික රෝහලට එන්න කියලා. ඇත්තටම මම එහෙ ගිහින් මාසයක පමණ කාලයක් තුවාල සම්බන්ධයෙන් විශේෂ හැදෑරීමක් කළා.

ලංකාවේ තුවාල සම්බන්ධයෙන් පුහුණුවක් ලබපු වෛද්‍යවරු දෙන්නයි ඉන්නේ. ඉන් ප්‍රවීණ තත්ත්වයේ පුද්ගලයා හැටියට ඉන්නේ මහාචාර්ය මන්දික විෙජ්රත්න. අනිත් කෙනා මම.

මේ ලබාගත් දැනුුම මම පාවිච්චි කරන්නේ මේ රටේ දියවැඩියා රෝගීන් සුවපත් කරන්න. සතියකට රෝගීන් හයසියයකට පමණ අපි ප්‍රතිකාර කරනවා. මේ රෝගීන් ගෙන් සියයට අනු නමයක්ම කකුල් කපන්න නිර්දේශ වෙච්ච අය.

ලංකාවේ හතර දිග් බාගයෙන්ම මිනිස්සු මාව හොයාගෙන එනවා. පාන්දර දෙකේ තුනේ ඉඳලා මේ අවට රැඳිලා උදේ පාන්දරම මෙතනට එනවා. මේ සේවය කරන තරුණ දරුවෝ දිහා බලන්න. ඒ අය මේ රෝගීන්ට ප්‍රතිකාර කරන දිහා බලන්න.

සාමාන්‍ය කෙනෙකුට මේ දේවල් කරන්න බෑ. කවුද මෙවැනි දුර්ගන්ධය සහිත තුවාල අතගාන්න කැමති? දිනකට රෝගීන් 100 – 150 අතර ප්‍රමාණයකට මේ අය ප්‍රතිකාර කරනවා. මුළු දවසම ඉන්නේ හිටගෙන. කන්න බොන්න කියලා විශේෂ වෙලාවක් නෑ. අපිට සමහර වෙලාවට දොර වහන්න බෑ. මොකද අන්තිම මොහොතෙත් එන්නේ කකුල් කපන්න නියම වෙච්ච අසාධ්‍ය රෝගියෙක්.

එහෙම රෝගියෙක් ආවම ආයි හරවලා යවන්න බෑනේ. ඇත්තටම මේ සේවයට අපි කැපවෙලා ඉන්නේ. වැඩ ඉවර වුණාම හෙට දවසට සුදානම් වෙන්න ඕනෑ. මේ දරුවෝ තරුණ වයසේ ඉන්න අය නිසා සිකුරාදා හවසට මම ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව ප්‍රවීණයන් ගෙන්නලා පැදුරු සාජ්ජයක් පවත්වනවා.

ඒ ඔවුන් මානසික ආතතියෙන් මුදවා ගන්න ඕන නිසා. මේ දරුවෝ නිවාඩු ගියපු දවස්වලට මගේ නෝනයි මගේ දරුවොයි මට මේ දේවල් කරගන්න උදව් කරනවා. අපිට විනෝදයකට කියලා එළියට යන්න වෙලාවක් නෑ.

දරුවන්ගේ දේවල් වලට සම්බන්ධ වෙන්න වෙලාවක් නෑ. මගේ ළගට කකුල් කපන්න නියම වෙලා කකුල් කුණු වෙලා එන රෝගීන් මාස හතරක් පහක් යනකොට ඇවිදිනවා දැක්කම දැනෙන සතුටට අනෙක් සියලූ දේම අමතක කරන්න පුළුවන්.

වෛද්‍ය චන්දිම නාමරත්න මහතා පවත්වාගෙන යනු ලබන දියවැඩියාව සම්බන්ධ මෙම ආයතනය මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත යුතු ස්ථානයකි. මෙම සටහන තැබිමට හේතු වුයේ අන් කිසිම දෙයක් නොව වෛද්‍යවරු පාද ඉවත් කිරීමට නියම කළ දියවැඩියා රෝගීන්ගේ පාද කපා ඉවත් නොකර සුවපත් කිරීමට වෛද්‍ය නාමරත්න මහතා ගනු ලබන උත්සාහය හා ඔහු ඒ වෙනුවෙන් කරනු ලබන මහා කැපවීම නිසාවෙනි.
දිය වැඩියා රෝග ලක්ෂණ

අපට අවශ්ය ශක්තිය ලැබෙන්නේ සීනි වලිනි. රුධිරයේ තිබෙන මෙම සීනි ශරීරයේ සෑම සෛලයක් වෙතටම පරිවහනය කරයි. මෙම සීනි රුධිරයේ සිට සෛල තුළට ඇතුල් කිරීමට ආධාර කරන්නේ ඉන්සියුලින් නම් හෝමෝනයෙනි.

සීනි අංශු සෛල තුළට ඇතුලු වන්නේ සෛල තුළ ඇති දොරටුවකින් නම් ඉන්සියුලින් යනු එම දොරටුව විවෘත කිරීමට අවශ්‍යය යතුර ලෙස හැඳින්විය හැක.

මෙම යතුර නොමැතිවූවිට සීනි අංශු සෛල තුළට ඇතුලු නොවන අතර රුධිරයට එම සීනි එකතු වන බැවින් රුධිරයේ සීනි මට්ටම ක්‍රමයෙන් ඉහළ යනවා.

මෙසේ සෛල වල සීනි සාන්ද්රණය ඉහළ යාම නිසා දිවාරාත්රී දෙකේදීම මුත්‍රා පිටවීම වැඩිවෙයි.එනම් කෙනෙකුට සාමාන්යයෙන් මුත්රා පිටවන වාර ගණනට වඩා වැඩි වර ගණනක් මුත්රා පිටවෙයි. එසේම අධික පිපාසයද ඇතිවෙයි.

සෛල වලට සීනි නොලැබීම නිසා ශරීරයට අධික තෙහෙට්ටුව දැනීම, අප්රාණික බව, නිතරම කුසගිනි ඇතිවීම, නිදිමත ගතිය සහ ශරීරය කෙට්ටුවීම වැනි ලක්ෂණ මතු කරයි.

සමහරවිට මෙම රෝග ලක්ෂණ නොමැති වුවත් දියවැඩියාව තිබිය හැකිය. එබැවින් පවුලේ දිය වැඩියා රෝගීන් සිටීනම් රුධිර පරීක්ෂාවක කර ගැනීම අනිවාර්ය වෙයි.
දිය වැඩියා වර්ග

දැනට දිය වැඩියා වර්ග තුනක් හඳුනා ගෙන ඇත.

පළමු වර්ගයේ දිය වැඩියාව
දෙවන වර්ගයේ දිය වැඩියාව.
තුන්වන වර්ගයේ දිය වැඩියාව.
ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව යනුවෙන් මෙම දියවැඩියා වර්ග හැඳින්වෙයි.
පළමු වර්ගයේ දියවැඩියාව
මෙහිදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම අඩුවීමක් හෝ කිසිසේත් නිපදවීමක් නොකෙරෙයි. බොහෝවිට මෙම තත්ත්වය හටගන්නේ කුඩා දරුවන්ට සහ තරුණ අයටවීම විශේෂත්වයකි. ප්‍රතිකාර සඳහා ඉන්සියුලින් පිටතින් ලබාදීමක් කළයුතුවෙයි.

දෙවන වර්ගයේ දියවැඩියාව
මෙහිදී ඉන්සියුලින් ක්ෂීරාව වුවත් ඒවා සෛල මගින් භාවිත නොකිරීම එයට හේතුවයි. මෙම තත්ත්වය ආහාර පාලනය මගින් හෝ ඖෂධ මගින් පාලනය කළ හැකිය. සමහරවිට පිටතින් ඉන්සියුලින් ශරීර ගත කිරීමට සිදුවනු ඇත.

ගර්භනී අවස්ථාවේදී ඇතිවන දිය වැඩියාව
මෙහිදී එනම් ගර්භනී අවදියේදී රුධිට ගත සීනි මට්ටම වැඩිවිය හැක. දරු ප්‍රසූතිය පසුව ද රුධිරගත සීනි මට්ටම වැඩිවී තිබිය හැක. පසු කලකදී එය දිය වැඩියාව ඇතිවීමට හේතුවක් වනු ඇත.

හොඳ රුධිර සීනි පාලනයක් නිරෝගී දිවියක් ගතකිරීම සඳහා අවශ්යවෙයි. කිසියම් ආකාරයකින් රුධිර සීනි මට්ටම ඉහළයාම ශරීර ඉන්ද්‍රියන්ට ප්‍රබල හානි ගෙන දෙන්නක් වෙයි. ස්මහරවිට ඇතිවන අතුරු ආබාධ කෙටි කාලීන හෝ දිගු කාලීන හෝ විය හැකිය.

මෙම දිගුකාලීන බලපෑම් හෘදය, ස්නායු පද්ධතිය, ඇස සහ වකුගඩු යන ඉන්ද්රියයන්ට බෙහෙවින් බලපානු ඇත. ඒ අනුව හෘදයට කෙරෙන බලපෑම් වලදී හෘදයාබාධ ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර පාද වලට සැපයෙන රුධිර ප්රමාණය දුර්වලවීමද සිදුවෙයි.

ස්නායු පද්ධතිය දුර්වල වීමෙන් දෙපා හිරිවැටීම, තුවාල හට ගැනිම, අංශභාග තත්වයට පත්වීම අමතරව පාද කපා ඉවත් කිරීමට සිදුවන අවස්ථාද ඇත.

ඇස් වලට කෙරෙන බලපෑම් වලදී ඇසේ සුද ඇතිවීම සහ අන්ධභාවය ඇතිවීම විය හැකිය. වකුගඩු වලට කෙරෙන බලපෑම් වලදී මුත්රා ආසාදන සහ වකුගඩු ක්රියා විරහිත වීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

රුධිර සීනි සාන්ද්රණය පාලනය නොවීමට හේතු

1) නිසි ආහාර පාලනයක් නොකිරීම
2) නියමිත ඖෂධ නිවැරදිව නොගැනීම.
3) නිතිපතා ශාරීරික ව්යායාම් නොකිරීම
4) අධික මානසික ආතතිය
5) රෝගී තත්වයේ සිටින විටදී හෝ අසාදිත මට්ටමේ සිටින විට තම රුධිර සීනි මට්ටම පාලනය ගැන නොසැළකිලිමත් විම.

ආහාර පාලනය කරන්නෙ කොහොමද?

1 ) නිවසේ සියළු දෙනාටම සරිලන පරිදි සමබල ආහාර වේලක් සකස්කර ගැනීම, මෙම සමබල ආහාර වේලට පිෂ්ටය, ප්‍රෝටීන් ,මේදය, ඛ්නිජ ලවන, සහ විටමින් වර්ග අඩංගු විය යුතුය.

2) සමබල ආහාර වේලක ප්‍රධාන අංගය පිෂ්ටයයි. මෙම පිෂ්ටය කෙඳි බහුල ආහාර වලින් ලබා ගත යුතුවෙයි. අහරයේ කෙඳි වැඩි ප්‍රමාණයක් තිබීම ආහාරයේ තිබෙන පිෂ්ටය අවශොෂණය කිරීමට බාධා ගෙන අතර කුස ගින්න දැනීමටද ප්‍රමාද කෙරේ.

කෙදි සහිත ආහාර වලට නිවුඩු හාල්, කුරක්කන්, උලුඳු පිටි, මුංඇට, කඩල, අයත් වෙයි එසේ වුවත් තිරිඟු පිටි වලින් සාදන ආහාර වල කෙඳි සුළු ප්‍රමාණයක් හෝ නොතිබෙන බැවින් එවා ආහාරයට සුදුසු නැත. ලබා ගන්නා පිෂ්ට ප්රමාණය ගැන සැළකිලිමත් වියයුතු අතර සැම දිනක එකම් ප්‍රමාණයකින්ගත යුතුය. එක ආහාර වේලකට අධික පිෂ්ටය ප්රමාණයක් ගැනීමෙන් වැළකිය යුතුය.

මේදය ලබාගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්රමාණය මෙන්ම වර්ගය ගැනද සැලකිළිමත් විය යුතුය. ඌරුමස්, හරක්මස්, එළුමස්, චීස්, යොදය සහිත කිරි බටර්, යනාදියෙ අඩංගු තෙල් සුදුසු නැත. සෝයා තෙල් සූරිය කාන්ත තෙල් එළවළු තෙල් පොල්තෙල් යනාදිය අඩුවෙන් භාවිත කළ යුතුය.

ප්‍රෝටීන් ප්‍රමාණවත්ව ගැනිම අතවශ්‍ය වන අතර එම අවශ්‍යතාව මුං ඇට, කඩල, කව්පී, පරිප්පු වලින් සපයයි.

නියමිත වේලාවට ආහාර ගැනීමත් නොවරදවා කළ යුතු දෙයකි.

ආහාරයට පසු අතුරු පස සඳහා පළතුරු, පැණි හා සීනි රහිතව මුදවපු කිරි, ගැනීම වඩාත් යෝග්ය වුවත් අයිස්ක්‍රීම් චොකලට්, පුඩිං වටලප්පන් වැනි දේ අතුරු පස ලෙස ගැනීම නුසුදුසුය.

තර බාරු ශරීරයක් ඇත්නම් බර අඩු කර ගැනීමට උනන්දු විය යුතු අතර අධික කැලරි සහිත ආහාර ගැනීම ද අඩු කළ යුතුය. ලුණු භාවිතයද බෙහෙවින් අඩු කළ යුතුය.

නිරතුරුවම ව්යායාම් වල නියලීම නීරෝගී බව රැක ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත

.NO 11/1, විමල විහර පාර නවල.
වැඩි දුර විස්තර 0777355663, 0113188000

Add Comment