කටට රසට වටලප්පන් හදන්න මෙන්න පහසුම ක්‍රමය

වටලප්පන් කියන්නේ කව්රුත් බොහොම අසාවෙන් කන්න කැමති කෑමක්නේ. මතක් වෙනකොටත් කටට කෙල උනනවා. හැබැයි මේ වගේ වටලප්පන් මතක් වෙලා කටට කෙළ උනපු හැම අවස්ථාවකම අපි කරන්නේ කඩේකට දුවලා ගිහින් වටලප්පන් සල්ලි දීලා ගන්න එකනේ. එත් මේ රසවත් කෑම වර්ගය අපට කිසිම අපහසුවකින් තොරව ගෙදරදීම හදා ගන්න පුළුවන්. මේ සදහා අවශ්‍ය කරන බඩු ලිස්ට් එකත් අපිට හරිම ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. ඔන්න ‘ අද දවසින් ‘ අපි ඔබට කියලා දෙන්නේ රසම රස වටලප්පන් එකක් නිවසේදීම හදාගන්නේ කොහොමද කියලායි.

මුලින්ම අපි බලමු මේ සදහා අවශ්‍ය වෙන්නෙ මොනවද කියල…

හකුරු ග්‍රෑම් 250 ක්
බිත්තර 5 ක්
මිටි කිරි අඬු කෝප්ප 1 1/4 ක්
වැනිලා ස්වල්පයක්
කරදමුංගු 2 ක්
කරාඹුනැටි 3 ක්
කජු මද 10 ක්
වියලි මිදි ග්‍රෑම් 10 ක්

හදන්නෙ මෙහෙමයි
මුලින්ම හකුරු හීනියට ගා ගන්න. ගා ගත් හකුරු මිටි කිරිවල හොඳින් දියකර ගන්න. දිය කරගත් මිශ්‍රණය පෙරා ගන්න. නැත්නම් දිය නොවුණු හකුරු කැබලි තිබිය හැකයි. මිටිකිරි වෙනුවට පොල් කිරි ක්‍රීම් වුවද භාවිතා කළ හැකියි. දැන් බිත්තර ටික හොදින් බීට් කරගන්න. මතක ඇතුව බිත්තර බීට් කරද්දි ලුණු පොඩ්ඩක් එකතු කරගන්න.

එවිට බිත්තර ටික හොදින් බීට් වෙලා තියේවි. බිත්තර වලට දිය කරගත් හකුරු මිශ්‍රණය ටික ටික එකතු කරමින් බීට් කරගන්න. අවසානයට වැනිලා බින්දු කීපයකුත්, සිහින් වෙන්න කුඩු කරගත්තු කරදමුංගු, කරාඹුනැටි කුඩුත් එක්කරන්න. සාදික්කා කුඩු ටිකකුත් අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. මේ රසකාරක වලින්, බිත්තර වලින් එන පිලී රසය හා සුවඳ නැති කරනවා මෙන්ම හොඳ රසයකුත් වටලප්පමට එක්කරනවා.

ඇලුමිනියම් බඳුනක හෝ තාපයට ඔරොත්තු දෙන වීදුරු භාජයනයකට හරි මිශ්‍රණය වත්කරගන්න. බඳුනේ කට තෙල් කඩදාසියකින් හෝ ඇලුමිනියම් පත්‍රයකින් හෝ ආවරණය කරන්න. Pressure Cooker එකක නම් විසිල් 5ක් යනතුරු තම්බා ගන්න. හුමාලයෙන් තම්බා ගන්නවා නම් ස්ටීමරය තුළ බහා විනාඩි 30 – 45 ක් එහෙම නැත්නම් හොඳින් හුමාලය පිටවන තුරු තම්බා ගන්න. කජු සහ වියළි මිදි උඩින් ඉස ශීතකරණයක බහා සිසිල් වු පසු සංග්‍රහ කරන්න.

බලන්න මොන තරම් ලේසියෙන් මේ රසවත් අතුරුපස හදාගන්න පුළුවන් උනාද කියලා. ඔන්න එහෙනම් ඉක්මණින්ම වටලප්පන් ගෙදරදී හදලා අපිත් එක්ක ඔබේ අත්දැකීම බෙදා ගන්න.

තවත් කෙනෙකුට බලන්න, ශෙයා කරන්නත් අමතක කරන්න එපා!

Add Comment