කහ වල මේ විශ්මිත ප්‍රයෝජන 10 ඔයත් දන්නෙ නෑ නේද

කහ කියන්නෙ අපි හොඳින් දන්න මුළුතැන්ගෙයි භාවිතා වෙන කුළුබඩුවක්නෙ.ආහාර සඳහා වැඩි වශයෙන් මෙය භාවිතා කළත්, ඉන්දියාවේ සහ චීනයේ විවිධ රෝග සඳහා කහ භාවිතා කෙරෙනවා. ඉඟුරු වර්ගයක් වෙන මෙය, ආහාර රසගැන්වීමට අමතරව තව විශිෂ්ඨ වාසි රැසක් අපට ගෙනදෙනවා. අපේ සමට හා වරලසටත් මින් අත්වෙන වාසි එමටයි. රූපලාවන්‍ය නිෂ්පදන රැසක මෙය අඩංගුවෙන බව ඔබ දන්නවානේ? ප්‍රතිඔක්සිකාරක, හා ප්‍රතිබැක්ටීරියාකාරක ගුණයන්ගෙන් යුක්තවූ කහ මඟින් ඔබේ සමට හා වරලසට වාසි ලබාගත හැකි ආකාරය මේ විඩියෝවෙන් විස්තර කෙරෙනවා.

අංක එක – ප්‍රතිබැක්ටීරියා කාරකයක් ලෙස
පරම්පරා ගණනාවක් පුරාවටම මෙය ප්‍රතිබැක්ටීරියා කාරකයක් ලෙස භාවිතා වෙනවා. ආලේපයක් ලෙස සෑදූ විට, සුළු තුවාල, කැපුම්, හා පිළිස්සීම් සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන්. බැක්ටීරියා නසා සුවවීමේ වේගය වැඩිකරනවා.

අංක දෙක – වයස්ගත වීම පාලනය කිරීම
සම වයසට යාම මැනවින් පාලනය කරනවා. අද වන විටත් ඉන්දියානු කාන්තාවන් කහ තලපයක් ලෙස සාදා මුහුණේ තවරණවා. එක ප්‍රමාණයෙන් කහ සහ කඩල පිටි ගෙන කිරි සමග මිශ්‍රකර අලේප කරන්නත් පුළුවන්. ස්නානයට පෙර මේ සත්කාරය කරන්න. ස්ක්‍රබ් එකක් ආකාරයෙන් මුහුණේ රවුමට පිරිමදින්න. ශරීරයේ ඕනෑම තැනක භාවිතා කරන්න පුළුවන්. සබන් භාවිතා නොකර සෝදා හැරිය යුතුයි.

අංක තුන – මුහුණේ රෝමකූප පාලනය
දිනපතා භාවිතය මඟින්, මුහුණේ රෝමකූප වර්ධනය සෙමින් සිදුවෙන බව පැවසෙනවා. හැබැයි ටික කාලයක් පුරාවට ඔබට මෙසේ කරන්න සිදුවෙනවා.

අංක හතර – සමේ ඇදෙන-සුළු භාවය වැඩිකිරීම
ඔබේ සමත් නැවුම් හා තරුණ ලෙස පවත්වා ගන්න කැමතිද? කහ වල අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරකයන් සම අකලට වියැයීම පාලනය කරනවා. සෛල වර්ධණය උත්තේජනය කර සමේ ඇදෙන සුළුභාවය වැඩිකරනවා.

අංක පහ – සමේ අවපැහැගැනීම හා පැල්ලම් සඳහා
මේ ගැටළු වලින් ඔබත් පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න විසඳුමක්. පැල්ලම් අඩුකර සමේ වර්ණය ඒකාකාරී කිරීමට කහ වලට පුළුවන්. මේ නිසා තමයි රූපලාවන්‍ය නිෂ්පදන රැසක කහ අන්තර්ගත වෙන්නේ.

අංක හය – හිස්සොරි සහ කෙස් වැටීම සඳහා
හිස්කබල කැසීමට, හිස්සොරි වලට, හා කෙස් වැටීමට කහ මඟින් ඔබට සහනයක් ලබාගන්න පුළුවන්. හිස්කබලේ කැසීම් ගති අඩුකර තරුණ බව නැවත ලබාදෙන බව ඔප්පුවෙලා තිබෙනවා. හිස්සොරි හා කෙස් වැටීම සඳහාත් ගුණදායකයි.

අංක හත – තෙල් සහිත සමට
ඔබේ සමත් අධික තෙල් ගතියකින් යුක්තද? සුදු හඳුන්, කහ, හා දොඩම් යුෂ මිශ්‍රකර ආලේපය සකස්කර මුහුණේ ගල්වා මිනිත්තු 10 පමණ තියන්න. වියලුනු පසුව මද රස්නෙ වතුරින් සෝදාහරින්න.

අංක අට – “ස්ට්‍රෙච් මාර්ක්ස්” සඳහා
ස්ට්‍රෙච් මාර්ක්ස් අඩු කිරීම සඳහා කහ භාවිතා කරන්න පුළුවන්. කහ, කඩල පිටි, කිරි, රෝස් වතුර, හා යෝගට් මිශ්‍රකර දිනපතා ගල්වා වියලුනු පසුව සෝදාහරින්න.

අංක නවය – කුරුළෑ සඳහා
කුරුළෑ ඇතිනොවීමට හා කුරුළෑ සුවවීමට ඔබට කහ භාවිතා කරන්න පුළුවන්. සුදු හඳුන් ආලේපයක් සමග මිශ්‍රකර හෝ රෝස වතුර මිශ්‍රකර ගල්වන්නත් පුළුවන්.

අංක දහය – පැලුනු යටිපතුල් සඳහා
එඬරු තෙල්, පොල් තෙල් සහ කහ මිශ්‍රකර පතුලේ පැලුනු තැන් වල සහ අධික ලෙස වියලුනු තෑන් වල ගල්වන්න. පැලීම් සුවකරනවා සේම පතුල් සිනිඳුත් කරනවා.

මේ වීඩියෝවේ දක්වා ඇති පිළියම් හා ක්‍රම මඟින් කහ භාවිතා කර සමේ හා වරලසේ ඇතිවෙන ගැටළු අඩුකරගන්න හැකිවෙනවා වගේම ලස්සන වැඩිකරගෙන තරුණ බවත් නැවත ලබාගන්න පුළුවන් වෙනවා.

Add Comment

error: Content is protected !!