කැළයක අතරමං වුනොත් වගේම ගෙදරදී ජීවිතේ බේර ගන්න ක්‍රම 10 ක්

හදිස්සියකදී කැළයක අතරමං වෙලා හරි, ගෙදරදී එදිනෙදා වැඩකටයුතු වලට විකල්පමය වශයෙන් භාවිතා කරන්නට පුළුවන් දේවල් ටිකක් අපි අද දවසේ සොයා බලමු.

1 ඉක්මනින් ගිනි දල්වා ගන්න කාඩ්බෝඩ් හොඳයි
සුළඟ වැඩි වෙලාවකදි වුණත් ගිනි දල්වා ගන්න කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලට වියළි තණ කොළ වගයක් දාලා පත්තු කරන්නට පුළුවන්. මේ සඳහා වඩාත් උචිත වෙන්නේ බිත්තර දමන අසුරන තමයි.

2 ප්ලාස්ටික් ටික්ක හූරලා දැම්මාම ඉක්මණින් ගිනි ඇවිලෙනවා
තෙත සහිත පරිසරයක දී වුවත් ගිනි දල්වා ගන්න ඔබ ළඟ තිබෙන ප්ලාස්ටික් ද්‍රව්‍යයකින් ටිකක් පිහියකින් සුරලා දාලා ගිනි තිබ්බා ම වඩාත් ඉක්මණින් ගිනි දැල්වෙනවා.

3 වතුර පෙරා ගන්න ටී ෂර්ට් එකක් හොඳටම ඇති
පානය කරන්න හොඳ වතුර ටිකක් හොයා ගන්නට අමාරු නම් කරන්නට ඕනේ ඒවා පොඩි භාජනයකට දාලා ටිකක් උඩින් කියලා තවත් භාජනයක් ඊට වඩා ටිකක් යටින් තියලා, මේ දෙක සම්බන්ධ වෙන්නට රෙදි කැබැල්ලක් ජලයේ ස්පර්ශ වෙන ආකාරයට තැබීමයි. ටික වෙලාවක් යන කොට අපිරිසිදු ජලය පිරිසිදු වෙලා පහතින් තිබෙන භාජනයට වැටේවි. හැබැයි මෙය පානය කරන්නට පෙර කලින් දල්වාත්ත ගින්දරෙන් වතුර උණු කරගෙන හිටියා නම් ශරීර සෞඛ්‍යයට වඩාත් හොඳයි.

4 ඉටිපන්දම් වෙනුවට තෙල් සායම් දල්වන්න පුළුවන්
ගෙදරදී ලයිට් ගියපු වෙලාවක උනත් ඉටිපන්දමක් හොයා ගන්නට අපහසුයි නම් කරන්නට ඕනේ තෙල් සහිත පැස්ටල් එකක් දල්වා ගැනීමයි.

5 සීතලයි නම් තණ කොළ ටිකක් ඇඳුම් අතරේ රඳවා ගන්න
කැළේක රාත්‍රී කාලය ගත කරන්නට සිදු වුණොත් ඔබගේ ඇඳුම් අතරට වියළි තණකොළ ටිකක් දාගත්තා නම් හොඳ බ්ලැන්කට් එකක් පොරවාගත්තා වගේ රස්නයක් රාත්‍රිය පුරාම ඔබට දැනේවි.

6 මදුරුවන් එලවගන්න පැලෑටි පුච්චන්න
මදුරුවන් සහ කෘමි සතුන් ලවා ගන්නට අවශ්‍ය වුණොත් ඔබට තිබෙන දුර්ගන්ධය සහිත පැළෑටි පුළුස්සන්නට පුළුවන්. විශේෂයෙන් මදුරුතලා වැනි පැළෑටි නිතර වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබෙන නිසා එය පහසුවෙන් භාවිතා කරන්නට හැකිවේවි.

7 කෘමීන් දෂ්ඨ කරපු තැන්වල ටූත්පේස්ට් ගෑවාම හරි
ගෙදරදී උනත් විවිධ කෘමි සතුන් දෂ්ට කළොත් එවෙලේම toothpaste ටිකක් එම දෂ්ට කරපු ස්ථානය මත ආලේප කළා ම එම වේදනාව සමනය කරගන්නට පහසුවෙන්ම පුළුවන්.

8 හීරුණු තැන් වල ලිප් බාම් ආලේප කරන්න
කැපීමක් හෝ සීරීමක් ඇති වුනාම එතන බැක්ටීරියා ආසාදනය වීම වළක්වා ගන්නට එය මත ලිප් බාම් වැනි දෙයක් ආලේප කරාම ඒ මත ඇතිවන ස්ථරය නිසා තුවාලයට ආරක්ෂාවක් ලැබෙනවා. හරියට ප්ලාස්ටරයක් ඇලෙව්වා වගෙයි.

9 පහසුවෙන් මාලිමාවක් හදාගන්නා හැටි
කෝප්පෙකට වතුර පුරවලා ඒ මතට ගහකින් කොලයක් කඩලා දාන්න. දැන් ඉදිකටුවක් හෝ සිහින් සෘජු යකඩ කම්බියක් අරගෙන එහි එක් කෙළවරක් ඝන රෙදි කෑල්ලක හොඳින් අතුල්ලා කොළය මතින් තියන්න. දැන් ඔබ ඒ ඇතිල්ලූ පැත්ත උතුර දෙසට ඉබේම හැරේවි.

10 දෂ්ඨ කරපු සර්පයා විෂ තියෙනවද නැද්ද කියලා බලාගන්නේ මෙහෙමයි
සර්පයා දෂ්ට කරපු ස්ථානයේ ගැඹුරට තිත් දෙකක් විදිහට තුවාලය තිබෙනවානම් එයින් අදහස් වෙන්නේ ඒ දෂ්ට කර තිබෙන්නේ විෂ සහිත සර්පයෙක් බවයි. විෂ නැති සර්පයෝ හැපුවාම ඔවුන්ගේ ඇඳි දෙක හොඳින් දකින්න ලැබෙනවා. විෂ සහිත සර්පයන්ගේ ඇස්වල කළු ඉංගිරියාව පූසන්ගේ වගේ දිගටියි. විෂ නැති අයගේ නම් කළු ඉංගිරියාව රවුම් හැඩයක් තමයි තිබෙන්නේ. ඒ වගේම විෂ තිබෙන සර්පයන්ගේ අග කොටස තනි කොරල වගේ තිබුණත් විෂ නැති සර්පයන්ගේ නම් කොරපොතු දෙකට බෙදිලා තමයි තියෙන්නේ.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

පිටපත | තඹරු විජේසේකර

Add Comment

error: Content is protected !!