කිසිදු බෙහෙතක් නොමැතිව හිසරදය විනාඩි පහෙන් සුවකරන ක්‍රමය

හිසරදයක් හැදුනු වෙලාවක ඔයාගේ ළඟ බෙහෙත් නැත්නම් දුක්වෙන්න උවමනාවක් නෑ. අපි අද ඉදිරිපත් කරන මේ නිල තෙරපුම් වලට පුළුවන් හිසරදය ඉක්මනින් වගේම සාර්ථකව සුවකරන්න. අනික මේ වගේ සාර්ථක ක්‍රම තියෙද්දී හිසරදය වගේ තත්වයන් වලට අතුරු අබාධ සහිත ඉංග්‍රීසි බෙහෙත් බොන්නෙ මොකටද…..
නිල තෙරපුම් සම්බන්ධයෙන් සිදුකරපු පර්යේෂණ ගණනාවකින්ම එහි ප්‍රතිඵලදායක බව ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට විශේෂ වෛද්‍ය දැනුමක් නැතිව උනත් මේ නිල ප්‍රතිකාර පහසුවෙන්ම කරන්න පුළුවන්.
හරි අපි දැන් බලමු හිසරදය සුවකරන නිල තෙරපුම් කරන්නෙ කොහොමද කියල.මුලින්ම ඔයාට පහසු වගේම සැහැල්ලු ඉරියව්වකින් ඉන්න. මේ එක් තෙරපුමක් තත්පර 30 ත් විනාඩියක් අතර කාලයක් කලාම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ගොඩක් තද කරන්නෙ නැතිව අදාල නිලය රවුමට තෙරපන්න. මේ සඳහා ඔයාට හුරු අතේ දබර ඇඟිල්ල යොදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිල තෙරපුම සිදුකරන අතරතුරදී හරි ප්‍රතිකාරයෙන් විනාඩි පහකට පස්සෙ හරි අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙනවා. හරි මේ නිල තෙරපුම් හය නිවැරදිව කරන්නෙ කොහොමද කියල අපි එකින් එක බලමු….

අංක එක

” YINTANG POINT ”. ඒ වගේම තුන්වෙනි ඇස කියන්නෙත් මෙතනටම තමයි. හරියටම ඇහිබැම දෙක මැද මේ ස්ථානය පිහිටලා තියෙන නිසා පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. හිසේ කැක්කුම වගේම ඇස්වල තෙහෙට්ටුවත් මේ ස්ථානය තෙරපීමෙන් සුවකරගන්න පුළුවන්.

අංක දෙක

” ZAN ZHU POINTS ” නමින් හඳුන්වන මේ ස්ථාන ඇහිබැම වල ඇතුළු කෙලවරේ පිහිටලා තියෙනවා. මෙමඟින් හිසරදයට සුවය ලබාගත හැකි අතර නාසයේ සිරවීම් සහ පෙනීමේ ඌනතාවයන් වලටත් සහනයක් ලබාගන්න පුළුවන්.

අංක තුන

” YINGXIANG POINTS ” නමින් හඳුන්වන මේ ස්ථාන කම්මුල් ඇටයේ කෙලවර සිනාසෙන විට වල වල ගැසෙන ස්ථානය ළඟ පිහිටලා තියෙනවා. මේ ස්ථානය තෙරපීමෙන් හිසේ කැක්කුමට අමතරව දත් කැක්කුමට සහ ආතතියට සහනයක් ලබාගන්න පුළුවන්.

අංක හතර

” TIAN ZHU POINTS ” නමින් හඳුන්වන මේ ස්ථාන හිස පිටුපස මැද්දට වෙන්න කශේරුකාවේ ආරම්භක ස්ථානයේ පිහිටලා තියෙනවා. මේ ස්ථානය තෙරපීමෙන් හිසරදයට අමතරව නාසික අවහිරතා වගේම ඇස් සහ කන් වල වේදනාවන් සමනය කරගන්න පුළුවන්.

අංක පහ

” SHUAI GU POINTS ” නමින් හඳුන්වන මේ ස්ථාන කන සමීපයේ ඇති හිසකෙස් ආරම්භක ස්ථානයේ සිට සෙන්ටිමීටර් 2 – 3 ක් අතර දුරකින් පිහිටලා තියෙනවා. ඒ වගේම මෙතන පිහිටලා තියෙන්නෙ කුඩා වලක් වගෙයි. මේ නිලය තෙරපීමෙන් හිසරදයට වගේම ඇසේ තෙහෙට්ටුවට සහනයක් ලබාගන්න පුළුවන්.

අංක හය

” HE GU POINTS ” නමින් හඳුන්වන මේ ස්ථාන දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල අතර පිහිටලා තියෙනවා. හිසරදයට අමතරව කොන්දෙ අමාරුව, දත් කැක්කුම සහ බෙල්ලෙ මාංශ පේශි පිඩනයට සහනයක් ලබාගන්න පුළුවන්.
මුලාශ්‍ර :
1. link.springer
කවරයේ රූපය : (Pinterest)

Add Comment

error: Content is protected !!