කෝලා බීම පානයෙන් ශරීරයට සිදුවන මේ දේවල් 8 දන්නව නම් ආයෙත් බොන්නෙ නෑ

වර්තමානයේ බොහෝ දෙනා අධ්‍යයනය කරලා තියනවා කෝලා පානයන් නිසා අපේ ශරීරයට ලැබෙන අයහපත් ප්‍රතිඵල ගැන. විශේෂයෙන් අපි ගන්නා ආහාර වල තියෙන පෝෂ්‍ය පදාර්ථයන් අපටත් නොදැනීම විනාශ කර දැමීමේ හැකියාවක් කොකා-කෝලා වලට තියනවා. ඉතින් කොකා කෝලා පානය නොකර සිටීමට තරම් වැදගත් කරුණු අටක් ගැනයි මේ කියන්න යන්නේ. මේක කියවලා බැලුවොත් තේරේවි අපි නොදැන අපේ සිරුරට මොනතරම් විනාශකාරී දෙයක්ද ලබා දෙන්නේ කියලා.

1) විටමින් ඌණතාවය
කොකා-කෝලා වල පොස්පරස් අම්ලය හා කැෆෙන් අඩංගු වීම නිසා මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වය වේගවත් කරනවා .ඒ නිසා මුත්‍රා පිටවීමේ වාර ගණන අතර පරතරය අඩු කරන්න මේ පොස්පරස් අම්ලය සමත් වෙනවා. අපි ගන්නා ආහාර වල අඩංගු පෝෂ්‍යය පදාර්ථයන් සහ විටමින් ශරීරයට අවශෝෂණය කරගන්න එක අත්‍යාවශ්‍යයම දෙයක්. නමුත් කොකා-කෝලා පානය කිරීම නිසා පැයක් ඇතුලත අප ලබාගන්නා විටමින් වර්ග ශරීරයෙන් ඉවත් කිරීමට තරම් ප්‍රබල වෙනවා .මෙය දිනපතාම සිදුවීම නිසා අපට දිනකට අවශ්‍යය විටමින් ප්‍රමාණයන් නොලැබීම නිසා විටමින් ඌනතාවයන් හටගන්න හේතුවක් වෙනවා.

2) දත් දිරායාම
කොකා-කෝලා වල අධික අම්ලකාරක සහ පැණි රසකාරක අඩංගු වන නිසා දත්වල එනැමලයේ කුහර සෑදීමට හේතු වෙනවා. ඒ වගේම දත් වලට අවශ්‍යය කැල්සියම් සහ විටමින් ඌනතාවය නිසා නොලැබී ගියාම ඔබේ දත් ඉක්මනින් පිතටින් මෙන්ම ඇතුළතිනුත් නරක් වෙලා කෙටි කාලෙකින් දත් දෙපල අහිමි වෙන්න පවා ඉඩ තියනවා.

3) කාංසාව ඇතිවීම
කොකා-කෝලා වල අඩංගු කැෆේන් නිසා ඔබට නින්ද නොයෑමේ තත්වයක් ඇති වෙනවා. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙය ඔබට කාංසාමය තත්වයක් ඇති වීමට හේතු වෙනවා. ඒ වගේම හිසරදය, තෙහෙට්ටුව සහ විශාදයට ඇතිවීමටත් ඔබ පානය කරන කෝලා වර්ග හේතු වෙනවා.

4) ස්තථූලතාවය (අධික තරබාරුව)
අපි කවුරුත් කැමතියි හැඩට ලස්සනට ඉන්න.එහෙම ඉන්න කැමති අපි අධික ස්ථූලතාවයක් ඇති සිරුරක් හිමි අයෙක් වුනොත්?. සමහරුන්ටනම් ශරීරයේ ප්‍රමාණය හැඩය එතරම් ප්‍රශ්නයක් නෙවේයි. නමුත් එය ශරීර අභ්‍යන්තරයට හානි කරනවා. අපේ ප්‍රතිශක්තිකරණයට සහ හෘදවාහිනි පද්ධතියට එ් වගේම කොකා-කෝලා නිසා අහිමි වන කැල්සියම් නිසා අස්ථි සහ සන්ධි දුර්වල කිරීමටත් සමත් වෙනවා.

5) සමේ රෝග ඇති කිරීම
කෝකා-කෝකා පානය කියන්නේ දුම්පානය වගේම ඇබ්බැහිවීමක්. එමගින් ඒ හා සමානම අවධානමක් ඔබේ සමට ඇති කරනවා. සම වියළීමකට ලක් කරන්න කොකා-කෝලා සමත් වෙනවා. ඒ වගේම ඒ නිසා අඳුරු ලප ඇති වීම්, රැළි වැටීම වේගවත් කරලා සමට කෙටි කාලෙකින් වියපත් පෙනුමක් අත්කර දෙන්න කොකා-කෝලා වලට පුළුවන් . ඒ වගේම සම එල්ලා වැටීම, දද ඇතිවීම, වියළිම, කැසීමක් හා කුරුළෑ ගති ඇති වීමටත් කොකා-කෝකා වල තිබෙන අම්ලකාරක රසකාරක හේතු වෙනවා.

6) හෘර්දයේ සහ රුධිරයේ දුර්වලතා ඇතිවිම
අහිතකර මේදය ශරීරය තුළ වර්ධනය වීම නිසා හෘර්දයාබාධ සඳහා ඇති ඉඩ කඩ වැඩ කරනවා.
දවසකට එකම එක කොකා-කෝලා කෑන් එකක් පානය කරන්න පුරුදු වෙන්න. නිරුත්සහයෙන්ම ඔබට අධික රුධිර පීඩනය ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවන් හට දියවැඩියා තත්වයක් ඇති කරවන්නටත් කොකා-කෝලා සමත් වෙනවා.

7) පිළිකා අවධානම වැඩි කිරීම
කොකා-කෝලා බීම නිසා හැම කෙනෙක්ටම පිළිකා ඇතිවෙනවා කියලා කියන්නේ නෑ. නමුත් කොකා-කෝලා ඇසුරුමේ අඩංගු බෙන්සීන් (Benzene) අණුක නිසා වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා එය පිළිකා අවධානමකට අත වැනීමක් වන බව.

8) වකුගඩු දුර්වල කිරීම
සීනි අඩංගු කොකා-කෝලා වෙනුවට සීනි රහිත කොකා-කෝලා පානය කරන්න පුරුදු වුන කෙනෙක් නම් තත්වය තවත් භයානකයි. මොකද එවා සීනි වෙනුවට කෘතිමව සකසන ලද පැණිරස කාරක අන්තර්ගත වෙනා. මේ රසකාරක වකුගඩු සඳහා ඉතාම අහිතකරයි. ඔබ දිනපතා කොකා-කෝලා පානයට ඇබ්බැහි වුන අයෙක් නම් තත්වය ඉතාම භයානකයි.

කෝලා කියන්නේ මොනතරම් භයානක පානයක්ද කියලා දැන් වැටහෙනවා නේද. නිරෝගි දිවියක් අවශ්‍යය කෙනෙක්නම් ඔබ අදම මේ ඇබ්බැහිවීම අතහරින්න.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Add Comment

error: Content is protected !!