ගුවන් යානයකදී කවදාවත්ම තේ සහ කෝපි ඇනවුම් කරන්න එපා

සාමාන්‍යයෙන් දවාලේ සිදුවන ගුවන් ගමන් වලට වඩා රාත්‍රීයේදී සිදුවන ගුවන් ගමන් වලදී ටිකක් කම්මැලි වගේම නිදිමත ගතියක් දැනෙනවා. මේ වගේ වෙලාවල් වලදී ගොඩ දෙනෙක් කරන්නෙ උණුසුම් කෝපි කෝප්පයක් හරි තේ කෝප්පයක් හරි ඇනවුම් කරන එක. අපි කියනවා නැවත කවදාවත්ම එහෙම කරන්න එපා කියලා.

ගුවන් මඟින් මේ විදියට තේ සහ කෝපි බිව්වට ගුවන් සේවිකාවන් නම් කවුරුවත් මේ භයානක වැඩේ කරන්නේ නෑ. පසුගිය දිනක ප්‍රසිද්ධ ගුවන් සමාගමක ගුවන් සේවිකාවක් විසින් මේකට හේතුව මාධ්‍යට අනාවරණය කලා. ඇය කියන්නෙ, තේ සහ කෝපි හදන්න වතුර ලබාගන්නෙ ඇසුරුම් කල බෝතල් වලින් නොව ගුවන් යානයේ ඇති ජල කරාම වලින් කියලයි.

2004 අවුරුද්දෙදි ගුවන් යානා 158 ක් යොදාගෙන සිදුකරපු සමීක්ෂනයකින්, ගුවන් යානයේ ඇති ජල කරාම වලින් ලබාගන්නා ජලයේ 13% ක ප්‍රමානයක “කෝලිෆෝම්” බැක්ටීරියාව අන්තර්ගත වන බව අනාවරණය උනා. මේ අතරින් යානා දෙකක අති භයානක “ඊ කෝලි” බැක්ටීරියාව හමුවෙලා තියෙනවා. මේ සමීක්ෂණයේ අවසාන නිගමනය උනේ සෑම ගුවන් යානා 8 කට එක ගුවන් යානයක නියමිත ප්‍රමිතියෙන් තොර ජලය අන්තර්ගත වන බවයි. ඇමරිකාවේ
“පරිසර ආරක්ෂණ කාර්යංශය” විසින් ගුවන් යානා වල භාවිතා කරන ජලයේ ප්‍රමිතිය පරික්ෂා කලත් ගුවන් සේවකයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මේ කටයුත්ත නිවැරදිව සිදු නොවන බවයි.

ගුවන් යානයේ ජලය ගබඩා කිරීම සඳහා ජලය රැගෙන යන වාහන වල ඇති කුඩා බැක්ටීරියා අංශු මඟින් මේ බැක්ටීරියාව හැදෙනවා කියල තමයි හෙළිවෙලා තියෙන්නෙ. බෝවන රෝග පිලිබඳ විශේෂඥයෙකු වන වෛද්‍යය සෙඩ්‍රික් ස්පැක් මහතා උපදෙස් දෙන්නෙ, ඉහල සෞඛ්‍යය මට්ටමක් නැති මගීන් උනුසුම් ජලය භාවිතා කරලා හදන කිසිම පානයන් ලබාගැනීම කිසිසේත්ම නොකළ යුතු බවත් කුඩා ළමුන්ගේ බෝතල් වලට ගුවන් යානයෙන් ලබාගන්නා ජලය පිරවීම නොකළ යුතු බවත්ය.

Add Comment

error: Content is protected !!