ජිවිතයට අහිමි වුණු සතුට නව වසරේදී උදාකරගන්න කරන්න පුළුවන් දේවල් 10 ක්

සතුට තිබෙන්නේ තමන් තුළ බව බොහෝ දෙන හිතන්නේ නැහැ. අනුන්ගේ සතුට වෙනුවෙන් බලා ඉන්න අයට ජිවිතේ සතුට කියන්නේ හුඟක් දුර දෙයක්. ඔබ කරන කියන වැඩ තුළින් සතුටු වෙන්න ඉගෙන ගැනීම තුළින් ජීවිතය හුඟක් ලස්සන වෙනවා. ලැබූ 2018 අවුරුද්දේ ජිවිතයට අලුත් බලාපොරොත්තු පුරවාගන මේ ක්‍රියාකාරකම්හි නියැළුණොත් ඔබට මගහැරුණු සතුට නැවත හමුවෙනවා සත්තයි.

01. සතුන් සුරතල් කිරීම


සතුට සඳහා අවශ්‍ය හෝමෝන නිපදවීමට තවත් එක හේතුවක් තමයි සතුන් සමග කාලය ගත කිරීම. මේ හේතුවෙන් ඔබගේ සිත තුළ ඇති දුක වෙනුවට ඔබගේ සිතේ නිරන්තරයෙන් සතුට ඉපදේවි.

නිවෙස් වල ඇති කරන බොහෝ සතුන් ජිවත් වෙන්නේ පාළුවෙනුයි. ඔවුන්ටත් ඔබ හා සමානම ප්‍රියයක් වනවා නොඅනුමානයි. එවන් සතෙකුගේ කොන්දේසි විරහිත ආදරය ඔබටත් ජිවිතයට සතුට රැගෙන ඒවි.

02. සිපගැනීම


සිපගැනීම තුළින් ඔබගේ සතුට සඳහා අවශ්‍ය ඔක්සිටොසින් නමැති හෝමෝනය නිපදවෙනවා. ඒ වගේම ඔබගේ සහකරුවාව සතුටින් සිටීමට හේතුවක් වෙනවා. මේ තුලින් ඔබගේ මනස නිරවුල් කර ඔබව උද්යෝගිමත්ව තැබීම සිදුකරනවා.

දරුවන්, මිතුරු මිතුරියන් වැනි කාටත් ඔබේ ආදරණිය හාදුවක් පිරිනමනවා නම් ඔවුනුත් ඔබට පෙරලා ආදරය කරාවි.

03. හිනාවෙන්න


හිනාව කියන්නේ හොඳම බෙහෙතක්. ඔබ හැම වෙලාවේම හිනාවෙලා ඉන්න උත්සහ කරන්න එයින් නිරන්තර සතුටක් ඔබට ලැබේවි. ජිවිතේ ඕනෑම දුකක් සතුටක් හිනාවෙලා භාරගන්න පුළුවන් හිතක් ඔබට තියනවා කියන්නේ එයම වාසනාවක්. මොකද එය හැමෝටම කරන්න බැහැ. හැබැයි මතක තියාගන්න ඔබට ඒ දෙය කරන්න පුළුවන් වෙන්නේ ටිකෙන් ටික පුහුණු වීමෙන් අනතුරුව තමයි. පොඩි පොඩි ප්‍රශ්න දරාගත්තාම ලොකු ලොකු ප්‍රශ්න වලට ඔබව අඬවන්න පුළුවන් වෙන්නේ නැහැ.

04. ඇහුන්කන් දෙන්න


ජිවිතේ සතුටට තවත් එක හේතුවක් තමයි, ඔබ තවත් අයෙකුට සවන් දීම. කිසිදු තරහක් හිතේ හටගන්නට නොදී ඔබ සවන් දෙන්න පුරුදු වෙන්න. ඔබට වැඩි දෙනෙකුගේ ආදරය ආකර්ෂණය ලැබේවි.

05. උදව් කරන්න


තව කෙනෙකුට උදව් කරනවා කියන්නේ ඔබගේ සිතේ නිරන්තරයෙන් සතුට ඇතිවෙනවා කියන එකයි. උදව් කරන මොහොතේදී කිසිවක් බලාපොරොත්තු නොවී කරන්න. හැබැයි ඔබ කරදරයක වැටුණු වෙලාවක ඔබට කළ හොඳ සිහිපත් කරමින් සත්‍යක්‍රියා කරන්න පුළුවන්කම ලැබේවි.

06. ව්‍යායාම කරන්න


ව්‍යායාම කිරීම තුලින් ඔබගේ ශරීරය පුරා රුධිරය බෙදාහරින අතර හෝමෝන නිපදවීම සඳහා එය ඔබට උපකාරී වෙනවා. මෙම යහපත් හෝමෝන ඔබව සතුටින් තැබීම සඳහා ඉතාම වැදගත් බව විශ්වාස කරන්න. ඔබ නිතර ඇවිදින්නට පුරුදු වෙන්න. එය ඔබගේ ශරීරයට වගේම මනසටත් ඉතාම හොඳයි. ඇවිදින විට ඔබට ලෝකයේ ලස්සන දකින්නත් පුළුවන්. විවිධ මිනිස්සු, විවිධ පරිසර තත්ව වගේම විවිධ සිතුවිලිත් ඔබට මේ ඇවිදීමේ ව්‍යායාමයේදී මුණගැසෙනවා.

07. හැමවෙලේම අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න


ඔබට පුළුවන් හැමවෙලාවෙම අලුත් දෙයක් කිරීම සඳහා ඔබගේ සිත යොමු කරන්න. නමුත් අලුත් දෙයක් කිරීමේදී කිසියම් ආතතියෙන් සිදු කරන්න එපා. එය ඔබගේ සිතට වදයක් නම් එය කරන එක නවත්වන්න.

08. සමාජ ජාල භාවිත කිරීම

ගොඩක් දෙනෙක් හිතන්නේ නිරන්තරයෙන් සමාජ ජාල භාවිත කිරීම ඉතාමත් නරක දෙයක් කියලා. නමුත් එය ඔබගේ සිතට සතුටක් ගෙන දීම සඳහා වැදගත් තවත් එක කරුණක්. ඔබ එහි නිරන්තරයෙන් මිනිස්සු සමඟ ගනුදෙනු කිරීමේදී, ඔබගේ ශරීරය තුළ ඔක්සිටොසින් නිපදවීම සිදු වෙනවා. මෙම සමාජ ජාලයන් තුළ ඔබට පහසුවෙන් මුණ ගැසිය නොහැකි පුද්ගලයන් පහසුවෙන් මුණ ගැසිය හැකි තැනක්. ඒ නිසා මේ සුහද හමුව ඔබව නිරන්තරයෙන් සතුටට පත් කරාවි. හැබැයි සිතට කරදරයක් වෙන මිනිසුන්ගෙන් සමාජ ජාල තුල දී දුරස් වී ඉන්න පියවර ගන්න.

09. උණු වතුරෙන් නෑම


උණු වතුරෙන් නෑම තුළින් ඔබගේ මාංශ පේශීන් ලිහිල් වීම සිදු වෙනවා. මෙය ඉතාම වැදගත් ක්‍රියාකාරකමක්. මෙය ඔබට අනිවාර්යෙන්ම සතුටින් සිටින්න අනුගමනය කළ හැකි තවත් එක් හේතුවක්.

10. ඔබ කැමති ආහාර ගන්න


ඔබ අකැමති කෑම ආහාරයට ගන්න එක නම්, ඔබව තවත් පීඩාවට පත් කරන හේතුවක්. ඒ නිසා ඔබ සැමවිටම ඔබගේ සිතට කැමති ආකාරයෙන් ආහාර රසවිඳින්න පුරුදු වෙන්න. ඇතැම්විට ඔබට ඒවා උයා බලන්නත් නව අත්හදාබැලීමක් හැටියට කරන්න පුළුවන්. රස කෑම වගේම රස කෑම උයා ඔබේ සමීපතමයන්ට කැවීමත් මනසට ගෙන එන්නේ සතුටකි.

ලිපිය හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබට ප්‍රීතිමත් ජිවිතයක් උදාවේවා!

Add Comment