තවමත් ඉංග්‍රීසි බැරිනම් මේ පියවර හතර අනුගමනය කරන්න

දිනුර ඉතාම දක්ෂ තරුණයෙක්. ඔහු අධයාපන කටයුතු ඉවර වෙලා කොළඹ ආවේ සාර්ථකව වුර්තීය ජීවිතය පටන් ගන්න. විශ්ව විද්‍යාල අධයාපනය ලැබුවත් ඔහුට විශාල අඩුපාඩුවක් තිබුනා නවීන වෙළද ලෝකෙට ඇතුල් වෙන්න. එය තමයි ඔහුගේ ඉංග්‍රීසි කතාව. ඔහුට චතුරව ඉංග්‍රීසි කතා කරන්න මුලින්ම අසීරු උනත් ඔහු අද රටේ නමගිය විධායක නිලධාරියෙක්. ඔහු ඉංග්‍රීසි කතාව හදාගත්තු හැටි පියවර කීපයකින් අපට විස්තර කරා.

“ඉංග්‍රීසි ඉගෙන ගැනීම ක්ෂණිකව කළ හැකි දෙයක් නොවේ, කාලීනව මහන්සියෙන් උගත යුතුයි” ඔහු අපට පැවසුවේ දින ගණනින් ඉංග්‍රීසි උගන්වනවා කියල ශිෂ්‍යයන්ගෙන් සල්ලි කඩා ගන්න කපටින්නට හසු නොවීමටයි.

ඉංග්‍රීසියෙන් උගන්වන පාඨමාලාවකට බැඳෙන්න
මම ඉංග්‍රීසියෙන් උගන්වන අලෙවිකරණ පාඨමාලාවකට බැඳුනා . එහි ගුරුවරු ඉගැන්නුවේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්. ළමයි කතා කරෙත් ඉංග්‍රීසි භාෂාවෙන්. වෙනම ඉංග්‍රීසි පන්තියකට යාමට වඩා , භාෂාවක් හැසිරෙන , යොදන ආකාරය ඉගෙන ගන්න නම් එය නිතරම භාවිතා කළ යුතුයි. වසර දෙක අවසාන වෙද්දී මම ඩිප්ලෝමාවක්, වගේම ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවත් ලබාගෙන ඉවරයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ඇල්ලුවේ එහෙමයි.

ඉංග්‍රීසි පොතපත කියවීම
මම සරල පොත් වල ඉඳන් සංකීර්ණ පොත් දක්වා ලැබෙන හැම වෙලාවකම කියවනවා. ඒකෙන් මගේ vocabulary එක එහෙම නැත්නම් වචන මාලාව හොඳින් හැදෙනවා. ඒ වගේම මගේ දැනුමත් විශ්මිත ලෙස දියුණු වුණා . ස්වභාවික ඉංග්‍රීසි දියුණු වෙන්න විශිෂ්ට සාහිත්‍ය කෘති පරිහරණය ගොඩක් වැදගත්. කියවීම දැන් මට පුරුද්දක්.

ඉංග්‍රීසි රේඩියෝ අහන්න
මම ඉගෙන ගන්න කාලේ ඉඳලම නිතරම ඉංග්‍රීසි ප්‍රවුර්ති අනිවාර්යයෙන් බලනවා. ඉංග්‍රීසි රේඩියෝ අහනවා. ඒකෙන් මගේ කන හුරුවෙනවා වගේම අලුත් sentence pattern , idioms , phrases , proverbs වැනි සියුම් තැන් අල්ලගන්න පුළුවන් වෙනවා.

හැකි හැම විටම ඉංග්‍රීසි බසෙන් කතා කිරීම
මගේ ආයතනයේ යහළුවන් සමග, මගේ ගුරුවරු සමග තවත් මගේ සේවා ලබා ගන්න පාරිභෝගිකයන් සමග ඉංග්‍රීසි බසෙන් කතා කිරීම මගේ පුරුද්දක්. එවිට මගේ හැකියාව වැඩි වෙනවා. වැදගත්ම දේ ඉංග්‍රීසි කියන්නේ දෙවන භාෂාවක් බවත් වැරදුනාට කමක් නැති බවත් හිතේ තබා ගැනීමයි. භය උනොත් කවමදාවත් විදේශ භාෂාවකින් කතා කරන්න ලැබෙන්නේ නැහැ.

Source – sinhala.goodhousekeeping.lk

Add Comment