තවමත් සබන් වලින් මුහුණ සෝදන අය විතරක් මේක බලන්න

තාමත් මුහුණ සෝදන්නේ සබන් ගාලද? මුහුණ ලස්සනට තියාගන්න අපි සැලෝන් යනවා මේක්අප්, ෆේෂල්, ක්ලීනප් වගේ කොයි තරම් දේවල් කරනවද. ඒත් අපි වැඩිපුර නොහිතන දෙයක් තමයි අපි මුහුණ පිරිසුදු කරගන්න භාවිත කරන ද්‍රව්‍ය අපිට ගැලපෙනවාද නැද්ද කියන එක. ලස්සන වෙන්න මොනතරම් නයිට් ක්‍රීම්, වයිට්නින්ග් ක්‍රීම් ගෑවත් මුහුණ නිසි පරිදි පිරිසුදු කරන්නෙ නැත්නම් මුහුණ පැහැපත් වීමක් වන්නේ නැහැ. මුහුණ පිරිසුදු කරගන්න වඩාත්ම හොද මොනවද කියන එක සමහර විට ඔබට ගැටලුවක් වෙන්නත් පුළුවන්.

ඇතැම් යුවතියන් මුහුණ පිරිසුදු කිරීමට සබන් භාවිත කරනවා. ඇත්තටම මුහුණ පිරිසුදු කරන්න හොද සබන්ද? ෆේස් වොෂ්ද? කියල මේ වීඩියෝව බලන ඔබට වැටහේවි.

බොහෝ යුවතියන් මුහුන පිරිසුදු කරගැනීම සදහා යොදන සේදුම්කාරකය පිළිබදව සැලකිලිමත් වන්නේ නැහැ. ඇතැම් යුවතියන් මුහුණට සබන් බාවිත කරනවා. නමුත් සබන් බාවිතය කොහොමවත්ම අනුමත කරන්න බෑ. සබන් නිෂ්පාදනයට Sodium Lauryl Sulfate Pambens වගේ රසායනික ද්‍රව්‍ය යෙදීමක් සිදුවනවා. ඒ නිසා අපේ සමට සබන් එතරම් හිතකර වන්නේ නැහැ. ඒ වගෙම අපේ මුහුණේ PH අගය වන්නේ 5.5 වැනි අගයක් නමුත් සබන්වල PH අගය 9-10 අතර ප්‍රමාණයක් වෙනවා. ඒ නිසා මුහුණට සබන් භාවිත කිරීම නුසුදුසු වෙනවා. ඒ වගේම සබන් තුළ විෂබීජ, බැක්ටීරියා රැදීමේ හැකියාව වැඩියි. එම බැක්ටීරියා සහ විෂබීජ නැවත අපගේ සම මතට පැමිණෙන්නට සබන් උපකාරී වෙනවා.

සබන් භාවිත කර මුහුණ සේදීම නිසා මුහුණ වියළීමට ලක්වෙනවා. එවිට සම රැලි වැටීමත් වේගවත් වෙනවා. ඒ වගේම සබන් නිසා ඔබේ මුහුණේ කුරුලෑ විග්මන්ටේෂන් වැඩි තත්ත්වයන්ද ඇතිවීමට හැකියි.

ඔබේ මුහුණ සේදීමට වඩාත් හිතකර ද්‍රව්‍යක් ලෙස ෆේෂ් වොෂ් හදුන්වා දෙන්න පුළුවන්. නමුත් ෆේෂ් වොස් මිලදී ගැනීමේදී PH අගය ගැන සැලකිලිමත් විය යුතුයි. PH 5.5 වන ෆේෂ් වොෂ් එකක් සෑම විටම අපගේ සමට හිතකර වෙනවා. ඇතැම් ෆේෂ් වොෂ් තුළින් සම මතුපිට සේදීමක් සිදුවූවත් සමේ අභ්‍යන්තරයට කාවැදී කුණු දූවිලි ඉවත් කිරීමක් සිදුවන්නේ නැහැ. අපගේ මුහුණ තුළ කුණු, දූවිලි, තෙල් මැරුණු සම වගේම නොයෙකුත් ද්‍රව්‍ය රැදෙනවා. ඒ නිසා සම අභ්‍යන්තරයට කාවැදී එම ද්‍රව්‍ය ඉවත් කරන ෆේෂ් වොෂ් එකක් තෝරාගැනීමට අප දැනුවත් විය යුතුයි.

ඇතැම් යුවතියන්ට ෆේෂ් වොෂ් භාවිතයේදී ආසාත්මිකතා ඇතිවෙනවා. එවැනි ආසාත්මිකතා ඇතිවෙනවා නම් එම ෆේස් වොෂ් වර්ගය නැවත භාවිත නොකළ යුතුයි. ඇතැම් ෆේස් වොෂ් වලින් මේක්අප් පවා අභ්‍යන්තරයට කා වැදීමක් සිදුවෙනවා යැයි සිතීමට අපහසුයි. ඒ නිසාම ෆේෂ් වොස් තෝරාගැනීමේදී වෙළෙද නාමය, කල් ඉකුත්වීමේ දිනය, අඩංගු දේවල්, මිල ගණනන් යන මේ සෑම කරුණකටම ඔබේ අවධානය යොමු කළ යුතු වෙනවා.

මුහුණේ සම ඉතාම සංවේදී වීම නිසා ෆේෂ් වොෂ් යොදා ඉතා තදින් ඇතිල්ලීමක් සිදුකළ යුතු වන්නේ නැහැ. එතකොට අපේ සමට හානි පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.

තෙල් සහිත සමට සාමාන්‍ය ෆේෂ් වොෂ් සුදුසු වන්නේ නැහැ. තෙල් ඉවත් කිරීමට නිපදවූ ෆේස් වොස් ඒ සදහා මිලදී ගත යුතු වෙනවා. ඔබට තෙල් සහිත සමක් තිබෙනවා නම් තෙල් සහිත සමට නිපදවූ ෆේස් වොෂ් වර්ගයක් මිලදී ගත යුතුයි.

වියළි සමක් හිමි යුවතියකට සබන් බාවිතය ඉතාම අහිතකරයි. වියළි සම සදහා නිපදවා ඇති ෆේෂ් වොෂ් ඔබ වෙළදපොලෙන් මිලදී ගත යුතු වෙනවා.

තෙල් සහිත හෝ වියළි සමට ගැලපෙන ෆේෂ් වොෂ් සාමාන්‍ය සමකට ගැලපෙන්නේ නැහැ. එවැනි ෆේස් වොෂ් භාවිතය නිසා ඔබේ මුහුණ වියළීමට පවා ඉඩ තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය සමට ගැලපෙන ෆේෂ් වොෂ් තෝරාගත යුතුයි.

නිවැරැදිව ෆේෂ් වොෂ් භාවිත කරන්නෙ මෙහෙමයි.
ඔබේ දෑත් හොදින් පිරිසුදු කරගන්න. දෑතට ෆේෂ් වොෂ් බිදු කිහිපයක් දමාගන්න. වතුර බින්දු කිහිපයක් සමග මිශ්‍ර කර ගෙන මුහුණේ ආලේප කරන්න. නාසය දෙපස දෙතොල් අවට හොදින් සම්බාහනය කර සෝදා හරින්න

Add Comment

error: Content is protected !!