දෙමව්පියන් විසින් දරුවන්ට සිදුකරණ මේ වැරදි 10 ය ඔබ කවදාවත් කරන්න එපා

දෙමවුපියන් විසින් දරුවන්ගේ කටයුතු වලදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වියයුතු කරුණු 10 ක් පිළිඹදව ඔබව දැනුවත් කරන්නයි අපි අද සුදානම් වෙන්නෙ.

තමන්ගේ දරුවගේ හැසිරීමේ හදිසි වෙනසක් ඇතිවීම දෙමවුපියන් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්. එය තවත් අමිහිරි වෙන්නේ එම වෙනස් වීමට හේතුවක් හිතාගන්න බැරි වීම නිසයි.

”අද දවස” අපි, මේ හැසිරීම් වලට බලපාන හේතු මොනවද කියල හොයල බැලුවා. එහෙනම්, අපි හොයාගත්ත කරුණු වලින් ප්‍රධානම කරුණු 10 මොනවද කියල බලමු.

ඔබේ දරුවා සැඟවී සිටීමට කැමතිනම් හෝ ඔබව විශ්වාස කිරීමට මැලිකමක් දක්වයි නම්, ඒ බොහෝ දුරට මවුපියන් වශයෙන් ඔබ වහා කිපෙන සුලු කෙනෙක් නිසා වෙන්න පුලුවන්. ඔබට ඇති බිය හෝ ඔබව නුරුස්සන නිසා ඔබේ දරුවගේ හැසිරීම එලෙස වෙනස් වෙන්න පුලුවන්.

ඔබේ දරුවා ඕනෑවටත් වඩා ලැජ්ජාශීලි නම් හෝ තීරණ ගැනීමේදී අවිනිශ්චිත බවක් පෙන්වයි නම්, ඒ සමහර විට ඔබ දරුවා සම්බන්ධ සෑම කටයුත්තකදීම ඔහුට හෝ ඇයට ඕනෑවටත් වඩා උදව් කිරීමට යාම නිසා වෙන්න පුලුවන්. ඒ හේතුවෙන් ඔබේ දරුවාට තමන්ගේ තීරණ පිළිඹදව අවිනිශ්චිත බවක් ඇතිවෙන්න පුලුවන්.

ඔබ ඔබගේ දරුවාට කිසිදු අඩුවකින් තොරව සියලුම දේවල් ලබා දුන්නත්, ඔහු හෝ ඇය වෙනත් දරුවන්ගේ සෙල්ලම් බඩු රැගෙන සෙල්ලම් කරයි නම්,
ඒ බොහෝ දුරට ඔබ ඔබේ දරුවාට අවශ්‍ය සෙල්ලම් බඩු තෝරාගැනීමට අවස්ථාවක් ලබා නොදෙන නිසා වෙන්න පුලුවන්.

ඔබගේ දරුවා සෑම විටකම ඊර්ෂයා සහගත නම් හෝ අනෙක් දරුවන් සමග කටයුතු කිරීමේදී කඩාකප්පල්කාරී ලෙස හැසිරේ නම්, ඒ බොහෝදුරට ඔබ, ඔබගේ දරුවාව අනෙක් දරුවන් සමග සැසදීමට යාම නිසා වෙන්නට පුලුවන්. එම අවස්ථා වලදී දැනෙන වේදනාව, ඔහුගේ හෝ ඇයගේ හැසිරීම වෙනස් කරන්නට පුලුවන්.

ඔබගේ දරුවා සෑමවිටම ආවේගශීලි නම්,
ඔහු බොහෝදුරට තමන්ගේ දෙමවුපියන්ගේ හෝ වෙනත් පවුලේ සාමාජිකයෙකුගේ ගති පැවතුම් අනුකරණය කරනවා වෙන්නට පුලුවන්.

ඔබගේ දරුවා සුළු දේටත් කිපෙන සුලුයි නම් හෝ සියල්ලන්වම වගේ නුරුස්සනවා නම්,
ඒ බොහෝදුරට ඔබේ දරුවා හට ඔබේ අවදානය මදි කමක් දැනෙන නිසා වෙන්න පුලුවන් .එවිට ඔහු හෝ ඇය ඔබගේ අවදානය දිනාගැනීම සඳහා මෙවැනි ආකාරයෙන් හැසිරෙනවා වෙන්නට පුලුවන්.

ඔබේ දරුවා ඔබට ඇත්ත කියන්න බියක් දක්වනවා නම්, ඒ බොහෝදුරට ඔබ ඔහුගේ හෝ ඇයගේ පෙර වැරදි වලදී ඉතා තදින් හැසිරුනු නිසා වෙන්නට පුලුවන්.

ඔබේ දරුවා ඔබට හෝ අනෙකුත් වැඩිහිටියන් හට ගරු නොකරන්නේ නම්, ඒ බොහෝදුරට ඔබ ඔබේ දරුවාගේ සිතුවිලි තේරුම් නොගෙන, ඔහුට හෝ ඇයට කලයුතු හා නොකලයුතු දෙවල් අකමැත්තෙන් හෝ කරන්නට බල කරන නිසා වෙන්නට පුලුවන්.

ඔබේ දරුවා අසීරු අවස්ථා වලදී තමන් වෙනුවෙන් නැගී සිටීමට අපහසුතාවයක් දක්වන්නේ නම්, ඒ බොහෝදුරට ඔබ විසින් යම් යම් අවස්ථා වලදී, ඔහුගේ හිත මිතුරන් ඉදිරියේ හෝ නෑදෑයන් ඉදිරියේ ඔහුගේ ආත්ම විශ්වාසය හීන වෙන විදිහට බැන වැදීම නිසා වෙන්නට පුලුවන්. මෙය ඔබ කිසිසේත්ම නොකලයුතු දෙයක්.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

නිරෝෂන් දිසානායක

Add Comment

error: Content is protected !!