පිරිමියෙකුට වඩා වැඩිපුර කාන්තාවක් නිදාගත යුතු කාලය ඔබ දන්නවද?

විද්‍යාඥයින් පිරිසක් මැද පෙරදිග කාන්තාවන් සහ පිරිමින් 210 දෙනෙක් යොදාගෙන පර්යේෂණයක් සිදුකලා. එම පර්යේෂණයේ අවසන් නිගමනය වුනේ කාන්තාවකගේ මොලය පිරිමි මොළයකට වඩා කාර්යක්ෂම සහ සංකීර්ණ බවයි. මේ හේතුව නිසා එම පර්යේෂකයින් පවසන්නේ සාමාන්‍ය පිරිමියෙක් ලබාගන්නා නිද්දට වඩා විනාඩි 20 ක වැඩිපුර නිද්දක් කාන්තාවක් විසින් ලබාගත යුතු බවයි.

“නින්දේ ප්‍රධාන ක්‍රියාකාරකම් වලින් එකක් වන්නේ මොළය යථා තත්වයට පත්කිරීමට සහ අලුත්වැඩියාවට ඉඩ සැලසීමයි” මෙසේ පවසන්නේ ලෝෆ්බරෝ විශ්ව විද්‍යාලයේ නින්ද සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන අධ්‍යනයංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ”ජිම් හොර්න්” මහතා යි.

මතකය සහ භාෂාව පිලිඹද වකකිව යුතු මොළයේ කොටසක් වන ”බාහිකය” ගැඹුරු නින්දේදී සංවේදකයන් ඉවත් කර නැවත යථා තත්වයට පත්වීම සිදුවෙනවා. ඉතින් කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂය එකවර වැඩ කිහිපයක් කරන බැවින් ඔවුන්ගේ බාහිකය නැවත යථා තත්වයට පත්වන්නේ දිගු නින්දක් ලබාගැනීමෙන් අනතුරුවයි.

එසේම ”ජිම් හොර්න්” මහතා පවසන්නේ මොලය වඩාත් වැඩිපුර වෙහෙසට පත්කරන සංකීර්ණ තීරණ ගත යුතු රැකියා සහ ව්‍යාපාර වල යෙදෙන පිරිමින්ටත් දිගු නින්දක් අවශ්‍ය බවයි.

කතාවකගේ මානසික අවපීඩනය සහ අධි පීඩනය මෙන්ම ඉක්මනින් කේන්ති යාම වගේ අතුරු ප්‍රථිපල ගණනාවකට මුලිකම හේතුවක් ලෙස අඩු නින්ද පෙන්වා දෙන්න පුළුවන් කියල මේ පර්යේෂක කණ්ඩායම පවසනවා.

ඉතින් ඔබ මොනතරම් කාර්යබහුල උනත් නිරෝගීව ඉන්න පුළුවන් වෙන්නෙ ප්‍රමාණවත් නින්දක් ලබාගත්තොත් පමණයි කියන එකත් අපි අන්තිමටම මතක් කරනවා.

ඉතින් මේ දේවල් ඔබට වැදගත් වුණා තවත් කෙනෙකුට බලන්නත් මේ ලිපිය ශෙයා කරන්න. ඔබට ස්තූතියි!

Add Comment