පුරාණ මිසර කතුන්ගේ රූපලාවන්‍ය රහස් 9ක්

පුරාණ මිසර කුමරියන් විසින් තම ලස්සන වැඩි කරගැනීම සඳහා විවිධ දේ කළ බව බොහෝ තැන් වල සඳහන් වෙනවා. මිසර කාන්තාවන් හා පිරිමින් යන දෙපාර්ෂවයම මේකප්, සුවඳ විළවුන් වැනි රුව වඩන හා ලස්සන වැඩි කරන ක්‍රම භාවිතා කළා. ඉතින් ඔබත් කැමැතියි නේද වසර 5000 කට පෙර ඒ ජනයා තම රුව අලංකාර කරගැනීම සඳහා කළ රහස් දැනගන්න.
අංක එක – රතු හිරියල්
පොළවෙන් ලබාගන්නා මේ ස්වාභාවික වර්ණකය ඉජිප්තු කාන්තාවන් තොල් සායම් හා කම්මුල් පැහැගැන්වීම සඳහා යොදාගත්තා. පොළවෙන් ලබාගන්නා මේ වර්ණක ද්‍රව්‍යය හොඳින් අඹරා ජලය සමග මිශ්‍රකර බුරුසුවක් මඟින් තොල් හා දෙකම්මුල් වල ගැල්වූවා.

අංක දෙක – කෝල්
ඊජිප්තුවෙන් ඇසෙන ප්‍රචලිත භාහිර විලවුමක් වන මෙය ඊයම් ලවණ අඩංගු වෙන බැර ලෝහ වලින් නිපදවනවා. මෙය භයානක වුණත් පැරණි ඊජිප්තුවන් විශේෂ ක්‍රමයක් යටතේ දින 30ක් පුරාවටම පෙරා “අයි ලයිනරයක්” සාදාගත්තා. එම විශේෂ ප්‍රෙරීම් ක්‍රමය නිසා ඊයම් ඉතා සුළු ප්‍රමාණයක් පමණයි අවසාන නිෂ්පාදනයේ ඉතිරිවන්නේ. ඔවුන් මෙය භාවිතා කර හිරුගෙන් ඇස් ආරක්ෂා කරගත්තා සේම ආසාදන වලට එරෙහිව සමට සටන් කිරීමට ඇති හැකියාවත් වැඩිකරගත්තා.

අංක තුන – පිළිස්සූ ආමන්ඩ්
මිසර කාන්තාවන් පිළිස්සූ ආමන්ඩ් මඟින් ඇහිබැම කළුවට ඇඳගත් අතර ඉන් ඇහිබැමට පිරුණු ස්වාභාවයක් ලැබුණා. ඇහිබැම සඳහා මේකප් ගැල්වූ පළමු පිරිස් ලෙස මොවුන් හඳුන්වාදෙන්න පුළුවන්.

අංක හතර – හෙනා
සම ලස්සන කරනවාට අමතරව හෙනා වලින් කළ හැකි තවත් බොහෝ දේ තියෙනවා. කහ හා තැඹිලි පැහැයෙන් නිය වර්ණ ගැන්වීම සඳහා ඔවුන් මෙය භාවිතා කලා.

අංක පහ – එඬරු තල සහ මිටි මුරුංගා තෙල්
පුරාණ ඊජිප්තු වැසියන් ලස්සන ගැන දැඩි ලෙස සිතූ අතර තමාට විය හැකි උපරිමයට ලස්සන වීමටයි උත්සාහ කළේ. පාරා වරුන් සෑම අවස්තාවකම පෙන්නුම් කෙරෙණුයේ සිහින් හා තරුණ පිරිස් ලෙසයි. රැළි අවම කරගැනීමට හා තරුණ බව රැකගැනීමට ඔවුන් ස්වභාවික තෙල් වර්ග රැසක් භාවිතා කළා.

අංක හය – සබන්
පිරිසිදුකම හා සනීපාරක්ෂක බවට ඔවුන් වැඩි සැලකිල්ලක් දැක්වූවා. මැටි හා ඔලිව් තෙල් උපයෝගී කරගෙන ඔවුන් සබන් වර්ග සාදාගත්තා. පිරිසිදු කරනවාට අමතරව මේ සබන් මඟින් සමට පෝෂණය ලැබී සුව වීමක්ද අත්වුණා.

අංක හත – මී පැණි හා කිරි සත්කාරයක්
පුරාණ ඊජිප්තු කුමරියක් වන ක්ලියෝපැට්රා සම ලස්සන කරගැනීම සඳහා කිරි වලින් ස්නානය කළ බව සඳහන් වෙනවා. ලැක්ටික් අම්ලය මඟින් පරණ සම ඉවත් කර නැවත තරුණභාවය ගෙනදුන්නා. කිරි වලින් පිරුණු නාන බඳුනකට ඔබටත් පනින්න කියනවා නෙමෙයි. හයිඩ්‍රොක්සි අම්ල අඩංගුවෙන නිෂ්පාදන මිළදී ගන්න. එම නිෂ්පාදන මඟින් ඔබට සමේ පැහැය වැඩිකරගන්න පුළුවන්.

අංක අට – මළ මුහුදේ ලවණ
ක්ලියෝපැට්රා කුමරියගේ තවත් රූපලාවන්‍ය රහසක් වූයේ මළ මුහුදෙන් ගත් ලවන වර්ග සම මත ගැල්වීමයි. මළ මුහුදේ ඇති ස්වාභාවික සුවකිරීමේ ගුණයන් ගැන ඔබත් අසා ඇති. දවස පුරා සමට නැතිවූ ඛණිජ නැවත මින් ලැබුණා.

අංක නවය – සීනි භාවිතයෙන් රෝමකූප ඉවත්කිරීම
පුරාණ ඉජිප්තු කාන්තාවන් රෝම ඉවත් කිරීම සඳහා සීනී භාවිතා කළා. සීනි භාවිතයෙන් රෝම ඉවත් කරන ආකාරය ඔබ දැනටමත් දන්නවා ඇති.

Add Comment