මෙම සරල ක්‍රියාව මගින් මිනිස් ජිවිත දහස් ගණනක් මරණයෙන් බේරෙනවා

ගෙදරින් පිටවෙලා යනකොට ශීතකරණයට කාසියක් දමා යන්න ඇත්තටම මොකක්ද මේ කියන්නේ. බැලු බැල්මට නම් මේ වාක්‍ය තේරුමක් නැති දෙයක් ලෙස හැඟුනත් මෙම ක්‍රියාව නිසා ස්වාභාවික අනතුරු බහුල රටවල් වල මිනිස් ජිවිත දහස් ගණනක් මරණයෙන් බේරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ශීතකරණයක් කියන්නේ අපි එදිනෙදා ආහාරයට ගන්න ආහාර නැවුම් ලෙස තබා ගැනීම සදහා යොදා ගන්න උපකරණයක්. හැබැයි ශීතකරණය නොනවත්වා ක්‍රියාත්මක වෙන්නේ විදුලිය අවශ්‍යයි. පැය කිහිපයක හදිසි විදුලි බිදවැටීමක් නිසා ශීතකරණය ඇතුලේ ගබඩා කරලා තිබෙන මස් වර්ග වල ඉදන් කිරි වැනි දියර ආහාර වර්ග වෙනකම්ම ආහාර නරක වීමේ අවධානමක් තියෙනවා.

මෙවැනි අවස්ථාවක අපි මේ ආහාර අනුභව කලොත් එය අපේ සෞඛ්‍යට ඉතාම අහිතකර තත්වයක් වෙනවා. ගොඩක් වෙලාවට අපි විනෝද ගමනක් හෝ වෙනත් කිසියම් ගමනක් සදහා නිවසින් දවස් කිහිපයක් එලියට ගිහිල්ලා නැවත ගෙදර එන කොට ශීතකරණය ඇතුලේ තිබුණු කෑමගැන අපිට විශ්වාසයක් තියන්න බෑ. ඇයි අපේ දන්නේ නැනේ.

මේ පහුගිය දවස් ටිකේ විදුලිය බිද වැටීමක් සිදු වෙලාද නැද්ද කියලා. ඒ වගේ වෙලාවට අපිට කරන්න වෙන්නේ ශීතකරණයේ තියෙන සේරම කෑම ටික විසි කරලා දාන එක. නමුත් විදුලිය බිදවැටීමක් සිදු උනාද කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ශීතකරණයේ ඉහල කොටස තුල වතුර වීදුරුවක් තියලා එහි වතුර අයිස් බවට පත් උනාට පස්සේ එක උඩින් කාසියක් තියන එක. දැන් විදුලිය ගොඩක් වෙලා විසන්ධි වෙලා තිබුනොත් මේ වීදුරුවේ අයිස් බවට පත් වෙලා කාසිය වීදුරුවේ පහලටම බහිනවා. ඉතින් ඔයා ගෙදර ඇවිල්ලා කාසිය තියෙන්නේ කොහෙද කියලා බලන්න විතරයි තියෙන්නේ. කාසිය තිබුණු විදියටම වීදුරුව උඩ තියෙනවා නම් ඔයාට බය නැතුව ශිතක්රන්යේ තියෙන ඕනෑම කැම වර්ගයක් කන්න පුළුවන්.

බලන්න මොන තරම් සරලද කියලා. ඇත්තටම මේ ක්‍රමය හොයා ගෙන තියෙන්නේ ඇමරිකාවේ පුද්ගලයෙක්. ඇමරිකාවේ සමහරක් ප්‍රදේශ වලට වසරකට කීප වරක් සුළි කුනාටු එන නිසා ඔවුන්ට හදිසියේම නිවෙස් ඇත හැරලා දින කීපයක් කදවුරු වල ඉන්න වෙනවා. ඉතින් කුනාටුව ඉවර වෙලා ආයෙමත් ගෙදර එනකොට කෑම වල සෞඛ්‍ය ආරක්‍ෂිත බව සොයා ගන්න තමයි මේ පුද්ගලයා මේ විශ්මිත වැඩේ හොයා ගෙන තියෙන්නේ. ඔහුට ස්තුතිවන්ත වෙන්න අද ලොව පුරා බොහෝ රටවල් වල මිනිසුන් මෙම ක්‍රමය භාවිතා කරනවා.

Add Comment