මේ පුරුදු 6 ඔයාටත් තියෙනවා නම් අධි රුධිර පීඩනය සහ නහර ගැට ගැසීම හැදෙන්නෙ නෑ

හැම කෙනෙක්ටම වගේ තමන්ගෙ කකුල් වල සීතල ගතියක් හෝ හිරි වැටුණු ගතිය කකුලේ ඇගිලි වල සහ අත්වල ඇඟිලි වල විඳින්න වෙනවා. හැබැයි මේක දිනපතා වෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම මේ දේවල් කිරීම පහසුවක් වේවි. මොකද එහෙම වෙනවා කියන්නේ ඔබේ රුධිර සංසරණය හොඳ මට්ටමක නොමැති බව, වකුගඩු ආබාධ ඇති බව හෝ වෙනත් රුධිර නාල සම්බන්ධ රෝගයක් තිබෙන බවයි.

සම්බාහනය කරන්න
දින දෙකකට වරක්වත් දෑත සහ පාද ඉහල සිට පහලට සහ පහල සිට ඉහලට වන ආකාරයට සම්බාහනය කිරීම හරහා ඔබට පේශීවලට රුධිරය ගැලීම වඩාත් ක්‍රමවත් කරවන්නට හැකියාව ලැබෙනවා. ඇඟිලි තුඩු භාවිතා කරමින් පේශීන් හොඳින් මෘදුව තෙරපීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්. මෙහිදී ඔබට හැකි නම් පොල්තෙල්, ඔලිව් තෙල් යොදා ගන්නට හැකිනම් සම්බාහනය කිරීම පහසු කර ගැනීම වගේම සමට ප්‍රතිකාර කර ගන්නට ද එය හරහාම අවස්ථාව සැලසෙනවා.

දෙපා ඉහළින් තබාගෙන ඉන්න
ඔබ නිදහසේ විවේකීව කාලය ගත කරන අවස්ථාවන්හිදී හදවතට වඩා ඉහළින් දෙපා තබාගෙන ගෙන සිටීමට හැකිනම් දවස පුරාම කකුල් වලට ඇතිවන පීඩනය අවම කරලා පාදවල රුධිර නාල වලට සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඇඳේ හාන්සි වී කොට්ට කිහිපයක් තබා ඒ මත කකුල් දෙක තබාගෙන සිටීම හෝ පුටුවක හාන්සි වී එහි ඇන්දට ඉහළින් ඔබේ දෙපා යොමු කර සිටීම කළ හැකියි.

ෆෝලික් අම්ල සහිත ආහාර ගන්න
අනවශ්‍ය ලෙස ලේ කැටි ගැසීම වළක්වා ගන්නට සහ රතු රුධිර සෛල වර්ධනය කරගැනීමට ෆෝලික් අම්ලය බෙහෙවින් ඉවහල් වෙනවා. එමනිසා ෆෝලික් අඩංගු නිවිති, සලාද කොළ, බෝංචි, මෑ, කැරට්, බීට්, තිරිඟු වැනි ආහාර මෙන්ම පැපොල්, කෙසෙල්, දොඩම්, අලිගැටපේර ආදී පලතුරු ආහාරයට ගැනීමෙන් ඔබට ෆෝලික් අම්ලය ශරීරයට ලබාගන්න පුළුවන්.

ඇඟට හිර ඇඳුම් අඳින්න එපා
ශරීරයට බොහොම හිර කලිසම් වගේ ඇඳුම් මෙන්ම විශේෂයෙන් යට ඇඳුම් ඇඳීම විලාසිතාවන්ට ලස්සන වුණාට වෛද්‍යවරුන් නම් කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මොකද ඒ හරහා ඔබේ ශරීරය නිතර පීඩනයට ලක්වී වැඩි කාලයක් තිබීම නිසා රුධිර සංසරණයට බාධාවන් ඇතිවෙලා පසුකාලීනව අතුරු ආබාධ රැසක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ලස්සනට වඩා සෞඛ්‍යය ගැන වැඩිපුර හිතන එක වැදගත්.

සැරට කන්න
වියලි මිරිස් සහ ගම්මිරිස් ආහාරයට එක් කර ගැනීමෙන් රුධිර සංසරණය ක්‍රමවත් කර ගන්නට මෙන්ම අත් සහ පාද සිසිල් වී ඇතිවන සංකූලතාවයන් ඇති කරගන්නට පුළුවන්. ඔබ මිරිස් ආහාරයට ගන්නට අකමැති කෙනෙක් නම්, ඒ වෙනුවට ළූණු සහ සුදු ළූණු ආහාරයට එක් කරගත හැකියි. ළූණුවල තිබෙන ප්‍රති ඔක්සිකාරක අනවශ්‍ය රුධිර කැටි ගැසීම් වළක්වනවා වගේම සුදුළූණු රුධිර නාල ලිහිල් කරමින් එහි තිබෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් රුධිර සංසරණය ක්‍රමවත් කරනවා.

සුරතලෙක් ඇති කරන්න
ඔබේ තනිය මකන්නට වගේ ම රුධිර පීඩනය අවම කරන්නටත් සුරතලුන්ට පුළුවන් කියලා දැනගෙන හිටියාද? ඒ විතරක් නොවෙයි, එයාලා නිසා ඔබේ මානසික ආතතිය නැති කරගන්නටත් පුළුවන්. වෛද්‍යවරුන් පවසන ආකාරයට සතුන්ගේ හුරතල් දැකීම නිසා සහ බල්ලෙක් ඉන්නවා නම් එයාලා එක්ක චුට්ටක් සෙල්ලම් කිරීම, ඇවිදින්නට යාම වගේ දේවල් හරහා ඉබේම ව්‍යායාම කරගන්නට, ඇඟේ බර අඩු කරගන්නට සහ රුධිර සංසරණය ක්‍රමවත් කරගන්නට හැකියාව ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන ගමන් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

තඹරු විජේසේකර

Add Comment

error: Content is protected !!