යතුරු පුවරුවේ එෆ් යතුරු නිවැරදිව භාවිතා කරන්නෙ මෙහෙමයි

අපි අද ඔබට ගෙන එන්නේ Keyboard එකේ උඩින්ම තිබෙන F යතුරු 12 න් සිදුවෙන්නේ මොනවාද කියලායි.

F1
F යතුරු පේළියේ මුලින්ම තිබෙන මේ යතුරෙන් ඕනෑම Program එකක හෙල්ප් එක Open කරගන්න එහෙමත් නැත්නම් උදව් ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන්.

F2
දෙවෙනියට තිබෙන මේකෙන් පුළුවන් ඕනම ෆෝල්ඩරයක් හරි, File එකක් හරි Rename කරන්න.

F3
දැනට විවෘත වෙලා තියෙන Program එකේ සර්ච් කරන්නට මෙය පාවිච්චි කරන්න පුලුවන්. මයික්‍රසොෆ්ට් වර්ඩ් වල වගේ වදන් සැකසුම් මෘදුකාංග වල නම් ලිපියේ තිබෙන අකුරු සොයාගන්නට මෙය පාවිච්චි කරන්නට පුළුවන්.

F4
ALT යතුරත් එක්ක F4 Press කරාම දැනට විවෘත වෙලා තියෙන Program එක Close කරන්න පුළුවන්.

F5
මේ යතුරෙන් පුළුවන් ඔබ සිටින ඕනෑම වින්ඩෝවක ඉඳගෙන එ්ක Refresh කරන්නට. ඩෙස්ක්ටොප් එකේ වුනත් බ්‍රවුසරයේ වුණත් මෙය ඉතා හොඳින් වැඩ කරනවා.

F6
ගොඩක් බ්‍රවුසර් වල මේ Key එක Press කළාම වෙබ් අඩවිවලින් ලිපිනය ටයිප් කරන බාර් එක Select වෙනවා.

F7
F7 යතුරෙන් Microsoft Word වගේ මෘදුකාංගවල අකුරු සහ ව්‍යාකරණ පරික්ෂා කරන සේවාව සක්‍රිය කරන්න පුළුවන්.

F8
Computer එක on වෙන්න අතරෙදි මේ Key එක Press කරමින් හිටියා ම Boot Menu එක එනවා. එතනින් ඔබට Safe Mode යන්න පුළුවන්.

F9
මෙය විවිධ Program වල විවිධ කෙටිමං සඳහා භාවිතා වෙනවා. Word වල නම් එයින් Document එක Refresh වෙනවා.

F10
Windows වලදි නම් මේ Key එකෙන් Open වෙලා තියෙන Program එකේ Menu Bar එක සක්‍රීය වෙනවා. Shift Key එකත් එක්ක Press කළාම හරියට Mouse එකේ Right Click කළා වගේ.

F11
බ්‍රවුසරයකින් F11 key එක Press කරාම ඔබට Full Screen Mode එකට යන්න පුළුවන්.

F12
මේකෙන් Microsoft Word වල Save as Dialog Box එක සක්‍රීය වෙනවා.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

පිටපත | තඹරු විජේසේකර

Add Comment

error: Content is protected !!