රුවන්වැලි මහා සෑය ගැන මෙතෙක් හෙළි නොවූ රහස් රැසක් එලියට

ලෝකයේ බලගතුම ස්ථානය අනුරාධපුරයේ ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ බව බොදු ලෝකය තුළ පිළිගැනීමක් ඇත. බොදු ජනතාව එසේ කියන්නේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයෙකු ලෙස සැලකෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශේෂ වූ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා තැන්පත්ව තිබෙන ලෝකයේ එකම තැන මෙමෙ ස්ථානය වීමය. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ඉදි කළ මේ සුවිශේෂී නිර්මාණය පිලිබඳ නූතන පර්යේෂණ සිදු කෙරී ඇත්තේ අතේ ඇඟිලි ගණනකටත් වඩා අඩුවෙනි. නවීන විද්‍යා දෘෂ්ටියෙන් සිදුව ඇති පර්යේෂණ අතුරින් මෙරට එක වාස්තු විද්‍යාඥවරියක විසින් කරන ලද පර්යේෂණය පිළිබඳව මිට වසර කිහිපයකට කලින් මෙරට විදුහුරු ලෝකයේ අවධානය මුල් වරට යොමු කරන්නට හැකි විය.

රුවන්වැලි මහා සෑ රඳුන් නිර්මාණය කිරීමට බිම තොර ගැනීම, යොදාගත් අමුද්‍රව්‍ය, එය යොදා ගැනීම මෙහිදී අනුගමනය කළ ක්‍රමෝපාය මෙන්ම එහි අභ්‍යන්තරික සැකසුම් පිළිබඳව මහා වංශය සදහන් කරන තොරතුරු විමසීමේදී මෙම දාගැබ ලෝකයේ අන් කොතැනකවත් නොමෙති ඇති විශිෂ්ට ඉදිකිරීමක් බව මෙම පර්යේෂණය සිදු කළ විද්‍යාඥවරිය යෝජනා කරයි.

මෙම පර්යේෂකවරිය වන්නේ මෙරට සිටින ප්‍රවීණ වරලත් වාස්තු විද්‍යාඥවරියක වන ෂෙරින් අමේන්ද්‍ර මහත්මියයි. ඇය වසර ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රමයකින් සිදු කළ අධ්‍යනයේ ප්‍රතිඵල සැබවින්ම විශ්මය දනවනසුලුය.

ඇය පවසන්නේ ලෝකයේ මහා බලයක් කැටිකරගත්, මහා දත්ත සමුදායක් සහ පණිවුඩ හුවමාරුවක් වන ලෝකයේ පළමු බුද්ධිමත් ඉදිකිරිම (Intelligent Building) ස්වර්ණමාලි චෛත්‍යරාජයා විය හැකි බවය.

අමේන්ද්‍ර මහත්මිය කුඩා කාලයේ සිට සිය පිය අභාසය ඔස්සේ මහාවංසය ඇසුරු කළ තැනැත්තියකි. පසු කලෙක වරලත් වස්තු විද්‍යාඥවරියක වූ පසුව මහා වංසයේ රුවන්වැලි සෑයේ ඉදිකිරීම් පිළිබඳව ලියවුණු සුවිශේෂී තොරතුරු පදනම් කොටගෙන නවීන විදු ඇසින් පර්යේක්ෂණයක් කරන්නට ඇය පෙලඹුනාය. ඇය තම මතවාදය ගොඩනගන්නේ මේ පර්යේෂණයෙන් ලබාගත් තොරතුරු සහ දත්ත මතය. ඇය මෙම සුවිශේෂී තොරතුරු පදනම් කරගෙන Beyond the sccing eye: The Mahathupa Of Lanka නමින් ඉංග්‍රීසියෙන් ග්‍රන්ථයක්ද රචනා කළ ද අවාසනාවකට සිංහල පාඨකයන්ට මෙහි අන්තර්ගතය පිලිබඳ තවමත් තොරතුරු සම්ප්‍රේෂණය වී නොමැත.

මේ මහා සෑය අනුරාධපුරයේ පමණක් නොව ලංකාවේ තිබෙන සියලුම චෛත්‍යන්ට වඩා සුවිශේෂයි. මහා වංසය කියන ආකාරයට මේ මහා සෑය සෑදීමට පසුබිම් වූයේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලය. ඒ කියන්නේ දුටුගැමුණු රජතුමා රජ වෙන්න පරම්පරා ගණනාවකට කලින්. ලංකාවට බුදුදහම අරන් වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ අනුරාධපුරයේ එක ස්ථානයක් සලකුණු කර පෙන්වා තිබෙනවා මෙතැන බුදුන් වහන්සේගේ ධාතු තැම්පත්කොට මහා සෑයක් බැඳිය යුතුයි කියලා. නමුත් ඒ සඳහා එම කාලය සුදුසු නොවන බවත් පවසා තිබුණා. මෙම බිම බුදුවරුන් සිව් දෙනෙකුගේ පාදස්පර්ශ ලද සුවිශේෂී බිමක් වීම එක හේතුවක් ලෙස ගැනෙනවා. කකුසඳ, කෝනාගම, කාශ්‍යප බුදුවරුන් මෙන්ම ගෞතම බුදුන් වහන්සේගේ තුන්වැනි ලංකා ගමනයේදී මෙම සෑය සෑදුණු භූමියට වැඩමකර තිබෙනවා.

මෙම පරිපථ හරහා දත්ත, ඉලෙක්ට්‍රෝන සහ ආරෝපිත විදුලියට ගමන් කිරීමේ හැකියාවක් ඇත. මෙම සංකීර්ණ ව්‍යුහය මඟින් රුවන්වැලි මහා සෑය එය වන්දනාමාන කරන්නට එන හෝ ඒ ආසන්නයේ වෙසෙන මිනිසුන්ගේ මනස සහ මොළය සමඟ ගනුදෙනු කළ හැකි ආකාරයේ දියුණු ව්‍යුහයක් පවා පවතින්නට ඉඩක් ඇති බවට අමෙන්ද්‍ර මහත්මිය තම සියුම් විග්‍රහය හරහා යෝජනා කරයි.

නවනීත මැට්ටෙන් ස්තරය සුමට කළ පසු ඒ මත අතුරා ඇත්තේ කපිත ශාකයෙන් ලබාගත් මැලියම්ය. අමෙන්ද්‍ර මහත්මිය කපිත ශාකය සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව ඒ දිවුල් ශාකය බවට හඳුනා ගෙන ඇත. දිවුල් ශාකය පිළිබඳව සිදු කෙරී ඇති කෘෂි විද්‍යා අධ්‍යනයන්ට අනුව එය පොස්පරස් අධික ගන බන්ධන ද්‍රව්‍යක් ලෙසින් සැලකෙයි.

මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන ගමන් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Add Comment

error: Content is protected !!