සද ගමන සැක කෙරෙන මේ සාක්කි දැක්කොත් ඔබ පුදුම වේවි – තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්න

මිනිසා සඳ මත පා තබා වසර 50ක් පිරෙන්නට ආසන්න මේ සමය වනවිට හඳට ගිය කතාව පට්ටපල් බොරුවක් යැයි කියන පිරිස් බොහෝය. සඳ ගමන බොරුවක් බවට සාධක ඉදිරිපත් කිරීමේ සිද්ධි දෙකක් පසුගියදා වාර්තා විණි. නාසා ආයතනය නිකුත් කළ ඇපලෝ – 13 සහ ඇපලෝ – 17 ගගනගාමීන් සඳට ගොඩබට පසු ලබාගත් වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් මෙම සිදුවීම් ව්‍යාජ ලෙස නිර්මාණය කළ බවට අදහස් පළ කර තිබේ.

1972-73 කාලයේ ඇපලෝ -13, ඇපලෝ – 17 වැනි සඳ ගමන් වලදී සඳ මත ගමන් කළ හැකි වාහනයක් – රෝවරයක් (Lunar Roving Vehicle) භාවිතා කෙරිණි. ඇපලෝ – 13 සඳ ගමනේදී මේ රෝවරය සඳ මත ගමන් කරනු දැක්වෙන, නාසා ආයතනයේ වීඩියෝපටය සංස්කරණය කරන ලද ව්‍යාජ වීඩියෝවක් යැයි එම වීඩියෝවේ පිටපත් ‘යූටියුබයට’ මුදා හරිමින් “Streetcapl”නැමැති යූටියුබ් සාමාජිකයා චෝදනා කරයි. එම වීඩියෝවේ මුල් තත්පර කීපය තුළ රෝවරයේ ගමන්මග වෙනසකට බඳුන්වන බවක් දැකිය හැකිය. මෙම වීඩියෝව නැරබූ “ග්‍රේ ” නැමැත්තා එහි එවැනි වෙනසක් නැතහොත්, සංස්කරණයක් සිදුව ඇත්තේ ඇයි දැයි විස්තර කරයි.

“මට හිතෙන හැටියට රෝවරය හරවද්දි හිරවුණා. පසුතලයේ හිටි චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම දුවගන ඇවිල්ලා මේක කෙළින් කළා. ප්‍රේක්ෂකයෝ ඒ දර්ශන දකිනවාට කපා ඉවත් කරන්න ‘ෆොටෝෂොප්’ පාවිච්චි කළ බව සියයට සියයක් විශ්වාසයි”. ඔවුහු කියයි.

‘ෆොටෝෂොප්’ මෘදුකාංගයෙන් වීඩියෝවක් සංස්කරණය කළ හැකිද යන්න අපටනම් ගැටලුවකි. අප දන්නා පරිදි ඒ කාර්යට ගැලපෙන ‘ඇඩෝබි’ මෘදුකාංගය ෆොටෝෂොප් නොව ‘ප්‍රිමියර්’ ය.

සඳේ ගුරුත්වාකර්ෂණය සමග සසදන විට රෝවරය නිසා ඉහළ නගින දූවිලිවල ගමන් වේගය අධික බවටද ග්‍රේ තර්ජනයක් ඉදිරිපත් කරයි.
“දූවිලි බිමට වැටෙන්න ඕන මිට වඩා හෙමින්. පුංචි පුංචි අංශු සෑහෙන වෙලාවකට බිම නොවැටෙන නිසා හරිනම් විනාඩි කිහිපයක් යනකල් දූවිලි වලාවක් තියෙන්න ඕන. එත් මේ වීඩියෝවේ දූවිලි ඉක්මනින්ම බිම වැටෙනවා”. ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අනෙක් චෝදනාව එල්ල වන්නේ ඇපලෝ – 17 සඳ ගමන පිලිබඳවය. නාසා ආයතනය නිකුත් කළ ඇපලෝ – 17 ගගනගාමීන් සඳ මත සිටින වීඩියෝවක එක ගගනගමියකුගේ හිස් ආවරණයේ ඉදිරිපස වීදුරුවෙහි (Visor) ඇති ප්‍රතිභිම්භයෙහි ගගනගමියකු නොවන පුද්ගලයකුගේ රුවක් ඇතුළත් බව චෝදනාවයි. ඇපලෝ – 17 සඳ ගමන බොරුවක් බවත්, එය පෘතුවිය මත සිදුකෙරුණු {ව්‍යාජ පටිගත කිරීමක් බවත් පවසන විවේචකයා ප්‍රතිභිම්භයේ පෙනෙන පුද්ගලයා චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයකු විය යුතු බව පවසයි.

“මේක මිට කලින් කව්රුහරි දැකලා අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවද මම දන්නේ නැහැ. වීඩියෝවේ එක ගගනගමියකුගේ ‘{සීසර් එකේ තියෙන දර්ශනයේ මට අමුත්තක් පෙනුණා. මම මෘදුකාංගය ආධාරයෙන් වීඩියෝවෙන් පින්තූරයක් අරගෙන ලොකු කරලා බැලුවා. එතන ඉන්න කෙනා ඇඳගන ඉන්නේ ගගනගාමීන් අඳින ඇඳුමක් නෙවෙයි. ඒ ඇඳුම් 70 දශකයේ මුල් කාලයේ පරිහරණය කළ ඒවා. ඇපලෝ – 17 හඳට ගියෙත් 1972. මේ පුද්ගලයාගේ කොණ්ඩෙත් 70 දශකයේ මුල් කාලයේ මෝස්‌තර වගේ දිගට වවපු එකක්. ඇඳගන ඉන්නේ ‘චෙස්ට් කෝට්’ එකක් වගේ ඇඳුමක්. එක කකුලක සපත්තුව පැහැදිලිව පේනවා. පෙන හැටියට අනිත් කකුල හෙවණැල්ලත් එක්ක එකතු වෙලා”.

මේ ඡයාරූපය දකින තෙක්ම තමා සඳ ගමන විශ්වාස කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
Livescienc.com වෙබ් අඩවියේ පළවූ වාර්තාවකට අනුව 2013 වසරේ ඇමරිකාවේ සිදු කෙරුණු ජාතික සංගණනයකදී අනාවරණය වී ඇති පරිදි ඒ වන විට සඳ ගමන නොපිළිගන්නා ඇමරිකානුවන් සංඛායව ලක්‍ෂ 70කි. 2016 වසරේ බ්‍රිතාන්‍යයේ පැවතී සමීක්ෂණයකදී එරට වැසියන්ගෙන් අඩකට වැඩි පිරිසක් එනම් 52% ක් මිනිසා සඳ මත පා තැබූ කතාව නොපිළිගන්නා බව හෙළිවී ඇතැයි ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය වාර්තා කළාය. වයස 25-34 අතර තරුණ බ්‍රිතාන්‍ය ප්‍රජාව අතරින් 73%ක් සඳ ගමන සපුරා ප්‍රතික්ෂේප කරන බවද එහි අනාවරණය වී ඇත.

නාසා ආයතනයේ සඳ ගමන් බොරු බවට චෝදනා එල්ල වන්නට වූයේ පළමු සඳ ගමනට (ඇපලෝ – 11) එක්වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් හා එඩ්වින් ඕල්ඩ්‍රින් දෙදෙනා සඳට පා තැබූ පළමු මිනිසුන් ලෙසට වාර්තා පොතට එක්වූ අලුත පටන්මය. එය, අභ්‍යවකාශය තරණය සඳහා රුසියාව හා ඇමෙරිකාව අතර තිබූ සටනින් ජය ගැනීමට එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ උපදෙස් පරිදි නාසා ආයතනය විසින් රහසිගතව නිර්මාණය කරන ලද චිත්‍රපටයක් යැයි චෝදනා එල්ල විණ. මේ චෝදනා වලට ප්‍රතිචාර ලෙස වරක් නීල් ආම්ස්ට්‍රෝන්ග් පවසා තිබුණේ ‘එබඳු බොරුවක් නිර්මාණය කිරීම සඳට යෑමට වඩා අසීරු විය හැකි බව’යි.

ආම්ස්ට්‍රෝන්ග්, ඕල්ඩ්‍රින් හා කොලින්ස් තිදෙනා පෙරලා පෘථිවියට පැමිණ මස හතරකුත් දින විසි පහකට පසු 1969 දෙසැම්බර් 18 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ජෝන් නෝබ්ල් විල්ෆෝඩ් සැපයු ලිපියකින් සඳ ගමන ව්‍යාජයක් බවට කරුණු දැක්විණ. එයින් පැවසුණේ එය නෙවද කාන්තාරයේ රූගත කෙරුණු රහස් ව්‍යාපෘතියක් බවයි. වසර කිහිපයක් ගතවූ පසු ‘වොටර්ගේට්’ සිද්ධිය හේතුවෙන් මෙම අදහසට විශාල ප්‍රසිද්ධියක් ලැබුණේ එයද ආණ්ඩුවේ කූට වැඩ වලට නිදසුනක් බව ඇතැමුන් විශ්වාස කළ බැවිනි.

1974දී බිල් කේසින් නමැති ලේඛකයා Wnever went to the moon නමින් පුස්තිකාවක් ප්‍රකාශයට පත් කළේය. එයින් පැවසුනේ 1969 වැනි කාලයක සඳට යෑම සිදුවිය නොහැක්කක් බවයි. කේසින්, ඇපලෝ 11 ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කළ Rocketdyne ආයතනයේ තාක්ෂණික ලේඛකයකු වශයෙන් කටයුතු කළ තැනැත්තෙකි. මේ කාලයේ නාසා ආයතනය, සඳට මිනිසෙකු යැවීමේ හැකියාව පිලිබඳ අධ්‍යනකක් කළ බව අනාවරණය කරන කේසින්, එහිදී, සඳට ගොස් පෙරළා පෘථිවියට පැමිණීමට ඇති අවස්ථාව 0.0017% ක් බව හෙළි වූ බව පවසයි. කේසින්ගේ ප්‍රධාන තර්කය වන්නේ 1969 වන විට නාසා ආයතනයට, එම හැකියාව 0.0017% සිට 100% දක්වා වර්ධනය කරගත නොහැකි බවයි. එසේම, සඳ ගමන යථාර්තයක් බව පිළිගැනෙන පරිදි ආම්ස්ට්‍රෝන්ග් ඇතුළු ගගනගාමීන් සියලුදෙගේම මොළ ශෝධනය (Brain Wash) කරන ලද බවට ඔහු චෝදනා කරයි. පසු කාලයක සුප්‍රකට චැලෙන්ජර් යානය පුපුරා ගිය අවස්ථාවේ ඔහු පැවසුවේ එහි සිටි ගගනගාමීන් ඇපලෝ -11 අභිරහස දැන සිටි හෙයින් එය ප්‍රචලිත වීම වැලැක්වීමට නාසා ආයතනය මගින් චැලෙන්ජර් යානය පුපුරවා හරින ලද බවයි. නාසා ආයතනය හා ඇමරිකානු එහස් තොරතුරු ඒජන්සිය එක්ව මේ ව්‍යාජය කැමරා ගත කළ බව ඔහුගේ මතයයි. සඳ ගමන බොරුවක් යැයි පවසන පිරිස් දිරිමත් කරන ප්‍රබල අවියක් වූයේ කේසින්ගේ කෘතියයි. නාසා ආයතනය ප්‍රවෘත්ති නිවේදනයක් මගින් කේසින්ගේ තර්ක ප්‍රතික්ෂේප කළාය.

NASA Mooned America නමින් පොතක් ලියූ ඇමරිකානු ජාතික රැල්ෆ් රෙනේ තර්ක කළේ සඳ ගමනේදී මුහුණපෑමට සිදු වන උෂ්ණත්වය නිසා කරවී මියයෑමෙන් ගගනගාමීන් බේරාගැනීමට නම් යානය වටා මීටර 2ක් ජල ආවරණයක් යෙදිය යුතුව තිබුණු බවයි. එවැන්නක් නොවූ නිසා සඳ ගමන නොපිළිගත හැක කතාවක් බවට ඔහු තර්කක කළේය.

දශක කිහිපයකට පසු 2001 වසරේ ෆොක්ස් ප්‍රවෘත්ති ආයතනය conspiracy theory:did the land on the moon නමින් විනාඩි 47ක විශේෂ වැඩසටහනක් විකාශය කළාය. ඊට කේසින් ඇතුළු ඇපලෝ – 11 ව්‍යාජයක් බව පවසන්නන් පිරිසක් සහභාගී කර ගන්නා ලදහ. බාට් සිබ්‍රෙල් නමැති චිත්‍රපට නිර්මණකරුද ඒ අතර විය. ඔහු මේ සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපට දෙකක් නිපදවා තිබිණි. ෆොක්ස් වැඩසටහනට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු නිසා මාසයකට පසු එය නැවත විකාශනය කෙරිණි. කෙසේ වුවද එම ඒකපාර්වික වැඩසටහන විද්‍යාඥයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. නාසා ආයතනයද කේසින්ගේ පුස්තිකාව ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය නැවත වරක් නිකුත් කලාය. එහෙත් සඳ ගමන බොරුවක් යැයි කියන්නෝ එයින් සැහීමකට පත් නොවූහ.

ටැක්සි රියදුරකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹු චිත්‍රපට නිෂ්පාදක සිබ්‍රෙල් එක වාර්තා චිත්‍රපටයක් නිපදවන අතරතුර නීල් ආම්ස්ට්‍රෝන්ග් සහභාගී වූ රැස්වීමකට කඩ පැන්නේය. බයිබලයත් අම්ස්ට්‍රොන්ග් දෙසට දිගු කළ ඔහු “හඳට ගිය කතාව අත්තක් කියලා ඔබට මේ බයිබලයේ අත තියලා දිව්රන්න පුළුවන්දැයි” ප්‍රශ්න කළේය. එහි සිටි පිරිස විසින් ඔහුව එතැනින් බැහැර කරන්නට යෙදිණි. ඔහු මේ ආකාරයට එඩ්වින් ඕල්ඩ්‍රින්, මයිකල් කොලින්ස් හා එඩ්ගා මිචෙල් ගගනගාමීන් තිදෙනාටද අභියෝග කර තිබේ. බයිබලයක් අතින් ගෙන ඕල්ඩ්‍රින් වෙත කඩා පිනු සිබ්‍රෙල් ඔහුට කෙතරම් පීඩා එල්ල කළේද යත් 72 හැවිරිදි ඕල්ඩ්‍රින්ගෙන් හක්ක තැලෙන සංග්‍රහයක් එල්ල වූයේය. ඔහු වඩාත් ජනප්‍රියව ඇත්තේ ඕල්ඩ්‍රින්ගේ ප්‍රහාරය හේතුවෙනි.

2012 වසරේ 82 වැනි වියේ පසුවූ අම්ස්ට්‍රොන්ග්, ඇලෙක්ස් මැලේයි සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡවේදී තම ජිවිතයේ සියලු තොරතුරු ඔහුට ලබා දුන්නේය. එහිදී සඳ ගමන මුසාවක්ද යන ප්‍රශ්නය ඉදිරිපත් විය. “මිනිස්සු කැමතිනම් මේ වගේ කුමන්ත්‍රණ කතාවලට, ඒවා බොහොම ආකර්ශණීයයි. එත් මම කවදාවත් ඕව ගණන්ගත්තෙ නැහැ. මොකද මං දන්නවා කව්රු හරි අයෙත් දවසක හඳට යනවා. ඒ ගියාම මට අමතක වෙලා ආපු කැමරාව අරන් ඒවි”.

 

මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන ගමන් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Add Comment

error: Content is protected !!