සියලුම රටවල පාස්පෝට් වර්ණ 4 කට සිමා වුන අපූරු හේතුව

ඔබ දන්නවද තවමත් ලෝකය තුල තිබෙන්නේ වර්ණ හතරක පාස්පෝට් පමණක් බව. මේ කියන්නෙ වර්ණ හතර මිශ්‍ර වුන කතාවක් නම් නෙවෙයි. ඔයා දන්නවනෙ අපේ රටේ පාස්පෝට් එක රතු පාටයි කියල. අන්න ඒ වගේ නිල්, කොළ සහ කළු යන වර්ණයන් විතරයි පාස්පෝට් වලට යොදාගන්නෙ. ඉතින් ‘අද දවස’ අපි තීරණය කලා මේකට හේතුව මොකක්ද කියල හොයල බලල ඒ ගැන ඔයාලවත් දැනුවත් කරන්න.

ඇයි මේ රතුපාට පාස්පෝට්
බොහෝ වෙලාවට පොදු වර්ණය වෙන්නෙ රතු. අතීතයේදී කොමියුනිස්ට් ක්‍රමයක් පැවතුනු හෝ දැනටමත් පවතින රටවල් තෝරගන්නෙ රතු පාට. අපේ ගුවන් ගමන් බලපත්‍රයත් රතුපාට වෙන්න හේතුව ඔන්න දැන් ඔයාට හිතාගන්න පුළුවන්නෙ. චීනය, රුසියාව වගේ ගොඩක් රටවල් භාවිතා කරන්නෙ අපේ වර්ණයේ පාස්පෝර්ට් තමයි. ක්‍රෝෂියාව Croatia හැරුණු කොට යුරෝපීය සංගමයේ European Union අනෙකුත් සියළුම රටවල් රතු වර්ණයේ විවිධ ප්‍රභේද භාවිතා කරනවා. ටර්කි Turkey, මැසඩෝනියා Macedonia වගේ යුරෝපීය සංගමයට සම්බන්ධ වෙන්න කැමති රටවල් ටිකකුත් වසර කීපයකට කලින් රතු පාටට මාරු වුණා. ඒ වගේම බොලිවියා Bolivia, කොලොම්බියා Colombia සහ පේරු Peru කියන රටවල් වලත් රතු වර්ණයේ ප්‍රභේදයක් වෙන Burgundy පාට පාස්පෝට් භාවිතා කරනවා.

නිල්පාට ටිකක් ප්‍රභලයි
මීළඟට තියෙන පොදු වර්ණය විදියට නිල්පාට හඳුන්වන්න පුළුවන්. ” අලුත් ලෝකය ” කියන සංකල්පය වෙනුවෙන් පෙනී සිටින රටවල් තමයි නිල් වර්ණය තෝරාගෙන තියෙන්නෙ. ඇමරිකානු පුරවැසියෝ 1976 දී තමන්ගේ ගුවන් ගමන් බලපත්‍රයේ වර්ණය නිල් පාටට මාරු කරගත්තා. ඒ වගේම බ්‍රසීලය Brazil,
ආර්ජන්ටිනාව Argentina, පැරගුවේ Paraguay සහ කැරිබියන් රටවල් 15 ක් නිල් වර්ණයෙන් යුත් පාස්පෝර්ට් භාවිතා කරනවා.

මුස්ලිම් රටවල් තමයි කොළ පාටට කැමති
ලෝකයේ බොහොමයක් මුස්ලිම් රටවල් තමන්ගේ ගුවන් ගමන් බලපත්‍රයේ පාට විදියට තෝරාගෙන තියෙන්නෙ කොළ පාට. මුහම්මද් තුමාගේ ප්‍රියතම වර්ණය කොලපාට හින්ද තමයි ඔවුන් මේ තීරණය අරගෙන තියෙන්නෙ. ඒ වගේම කොළපාටින් ජීවිතය සහ පරිසරය සංඛේතවත් වෙනවා කියලත් ඔවුන් කියනවා. නයිජීරියා Nigeria, අයිවරි කෝස්ට් Ivory Coast, සෙනගල් Senegal වගේ උතුරු අප්‍රිකානු රටවල් කිහිපයකුත් මේ වර්ණය තෝරාගෙන ඉන්නෙ තමන් උතුරු අප්‍රිකානු ආර්ථික එකමුතුවේ සාමාජිකයෙක් කියල පෙන්වන්නයි.

කළු වලට ඉතින් අන්තිම තැන
බොස්ට්වනා Botswana, සැම්බියා Zambia, කොන්ගෝ Congo ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක් පමණක් මේ දුර්ලභ කළු වර්ණයෙන් යුක්ත පාස්පෝට් එක භාවිතා කරනවා. මීට අමතරව තමන්ගේ රටේ ජාතික වර්ණය කළු වර්ණය නිසා නවසීලන්ත ජාතිකයනුත් කළු පාට පාස්පෝට් භාවිතා කරනවා.

ඉතින් මේ ලිපියෙන් ඔයා යමක් ඉගෙන ගත්තා නම් යාළුවන්ටත් බලන්න Share කරන ගමන් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුභ දවසක්!

නිරෝෂන් දිසානායක
මුලාශ්‍ර : 1. passportindex
කවරයේ රූපය : (funny.thenet24h)

Add Comment

error: Content is protected !!