සීගිරියේ ගල් ආසනය ගැන මෙතෙක් හෙළි නොවුණු ඇඟ කිලිපොලා යන රහස

ලෝකයේ රටවල් තවමත් ලංකාවේ රාක්ෂ බලවේගයන්ට යටත්ව තිබේ. ඒ තවමත් එම රටවල රාක්ෂ බලවේගය ක්‍රියාත්මක වීම නිසයි. මෙම රාක්ෂ බලවේගය වූ කලී ලොව අද්විතීය බලසම්පන්න ලංකාවේ රාවණා රජුගේ බලමහිමයයි.

මෙම බලවේගය මෙසේ වෙයි
එම බලවේගය කිසිසේත් අද්භූත නොවේ. එහි තිබුනේ ශක්තියයි. බලවේගය ආරම්භයේ තිබුණා වූ ශක්තිය අද එසේම පවතී. එම ශක්තිය අංශ දෙකකින් යුක්තයි. ඒ න්‍යායික සහ ප්‍රයෝගික වශයෙනුයි.

න්‍යායික හැඩතලය වූ කලී තාර්කික ඥානයයි. එහි ඇත්තේ පිරිසුදු සත්‍යයයි. පිරිසුදු සත්‍යයේ පදනම වනුයේ විශ්වයේ මුලධර්මයයි. එහෙයින් එය කිසිවිටෙක කිසිවකු කිසියම් අයුරකින් බිඳහෙළිය නොහැකිය.

ප්‍රායෝගික හැඩතලය වූ කලී ක්‍රියාත්මක භාවයයි. එහි ඇත්තේ පිරිසුදු ක්‍රියාකාරීත්වයි. පිරිසුදු ක්‍රියාකාරීත්වයේ පදනම වනුයේ විශ්වයේ පැවැත්මයි. එහෙයින් එය කිසිවිටෙක කිසිවකුට කිසියම් අයුරකින් බිඳහෙළිය නොහැකිය.

ලංකා අධිරාජ්‍යයේ මහා රාවණා යනු මේ න්‍යායික භාවය සහ ක්‍රියාකාරී බව එකට මුසු කළ විශ්වයේ ශක්තියයි. කිසියම් අයෙකු රාවණාට විරුද්ධ වන්නේ නම් අභියෝග කරනුයේ නම් එම විරුද්ධ වීම හෝ අභියෝග කිරීම වනුයේ විශ්වයේ ශක්තියට විරුද්ධ වීමයි. අභියෝග කිරීමයි.

මේ සම්බන්ධව වාර්තාවේ වන පදනම මෙයයි
විශ්වයේ ශක්තියට අභියෝග කිරීම ලොව පෘථග්ජන කිසිවෙකුට කළ නොහැකිය. එබැවින් පුහුදුන් ලොව පෘථග්ජන කිසිවෙකු හට ලංකාවේ රාවණාට අභියෝග කළ නොහැකිය.

රාවණා ගුණ ගැන රහසිගත පර්යේෂණ කරන විදේශීය රටවල් අතරින් ලංකාව තදින්ම ලෝභ වී සිටිනුයේ ඉන්දියාවටයි. ඉන්දියාවේ රාම පාර්ශවය ලංකාව ගැන මෙසේ කියයි.

ලෝකයේ එකම රත්රන් මාලිගාව තිබෙනුයේ ලංකාවේයි. ඒ පොළොන්නරුවේයි. එය හඳුන්වනුයේ “පොළොවේ මාලිගාව” ලෙසටයි.

පරාක්‍රම සමුද්‍රයට මුහුණලා තිබෙනුයේ රාවණාගේ සීයාගේ පිළිරුවයි. “පුලතිසි ” මුනිවරයයි.

ලෝකයේ එකම දෙව්ලොව මාලිගාව තිබෙනුයේ සීගිරියේයි. ඒ සීගිරි ගල මුදුනයි.

මෙම “පොළොවේ මාලිගාව” සහ “දෙව්ලොව මාලිගාව” අධ්‍යාත්මික අර්ථයක් ගෙනහැර පායි. ඒ මෙම අර්ථයයි.

පොළොවේ මාලිගාව, පොළොව සමඟ බද්ධ ගනුදෙනුවක් කරයි. ඒ මිහිතලය මත සිටින මිනිසා ඇතුළු සත්වයන්ගේ අනාගත පැවැත්ම උදෙසායි. එය සියලු සත්වයන්ගේ ජිවන ආර්ථිකයයි. ජීවත්වීමට අවැසි සියලු දේ එමඟින් සැපයේ.

දෙව්ලොව මාලිගාව, විශ්වය සමඟ බද්ධ ගනුදෙනුවක් කරයි. ඒ මිහිතලය මත සිටින මිනිසා ඇතුළු සත්වයන්ගේ අනාගත පැවැත්ම උදෙසායි. එය සියලු සත්වයන්ගේ බුද්ධියේ වර්ධනයයි. නව දැනුමින් බුද්ධිය වර්ධනය කෙරුමට ඉර, හඳ, ග්‍රහ තරු රටා නිදන්ගත විශ්වය බොහෝ තොරතුරු සපයයි. සැබෑව වූ කලී ලංකාවේ රාවණා රජුගේ පොළොන්නරු ප්‍රදේශයේ පිහිටි පොළොවේ මාලිගාව සහ දෙව්ලොව මාලිගාව ලෝක ධාතුවේ මිනිසා ඇතුළු සත්වයන්ගේ පැවැත්ම උදෙසා රාවණා දැක්මේ යෝධ සංවර්ධන ක්‍රියාවලියයි.

ඉන්දියාව ලොව අනෙක් රටවලටත් විශේෂයෙන් ලංකාවටත් වඩා ලංකාවේ රාවණා පැහැදිලිව දකිනුයේ එලෙසයි.

සීගිරිය සම්බන්ධව ඉන්දියාව ප්‍රධාන අනෙක් රටවල්හි විශේෂ කියැවීම මෙසේයි.

සීගිරි ගල මුදුනෙහි සැකසූ ගල් ආසනය ඉතා විශේෂ වෙයි. ලංකාව සහ ලංකා වැසියන් නොදන්නා ගැඹුරු කරුණක් විදේශිකයෝ දනිති. ඒ සීගිරි ගල් ආසනය මත ඉඳ ගැනීමෙන් පසු කොන්ද හරහා ශරීරයට දැනෙන ඉතා සියුම් කම්පනයයි.

මෙම කම්පනය විදේශිකයන් අර්ථ ගැන්ව තිබෙනුයේ කිසියම් ක්‍රමානුකූල ආකාරයකට තැනූ ගල් ගුහා මත, ගල් ආසනයේ හැඩතලයට ගැළපෙන ආකාරයට ඉඳගැනීමෙන් කොන්දෙහි පටන් හා දැනෙන හොඳ තෙත සියුම් වෙනස්කම් පහව යන බවයි. ඉන් සුවපත්වන බවයි. එනමුදු සත්‍ය එය නොවේ. ඉතා දීර්ඝ කාලයක් කළ රාවණා ගවේෂණ ක්‍රියාවලියේදී හෙළිදරව් වූ මෙතෙක් සැගවුණු රහස මෙයයි.

සීගිරි ගල ආසනය ලංකා මහා රාවණා යෝග වැඩූ ගල් ආසනයයි. විශ්වයේ ශක්තින්, ශරීර ශක්තීන් සමඟින් සම්බන්ධ කළ ස්ථානය මෙයයි. කොන්දේ චක්‍රගත, ශක්තිගත අවදි කළ සාමාන්‍ය මෙයයි.

චක්‍ර හතේ බලගතුම චක්‍රය වූ කුණ්ඩලීනි ශක්තිය අවදි කර විශ්වය බලවන්තකම සමඟ ඒකාත්මික වූ ස්ථානය මෙයයි.

සීගිරි ගල් ආසනය හැමවිටකම විශ්ව ශක්තිය හා බැඳී තිබෙයි. ශක්තිය වඩවන්නා වූ ශක්තියක් යම් කිසිවකු ගල් ආසනය මත වාඩි වූ කල්හි ගැබ්ව තිබෙන ශක්තිය අවදි වෙයි.

ඉන්දියාව ප්‍රධාන විදේශ රටවල් මෙම රහස මැනවින් දකියි. සංචාරකයන් සේ වෙස්වළා පැමිණෙන ඇතැම් රාවණා ගවේෂකයන් සීගිරි ගල් ආසනය මත වාඩිවීමෙන් තම තමන්ට හිමි ශක්තීන් අවදි කරගනියි. එනම් විශ්ව ශක්තීන්හි අසිරිය හිමිකර ගනියි.

ඉන්දීය රාවණා ගවේෂකයන්ගේ එක නියමයක් තිබේ. මේ එම නියමයයි.

ලංකාවේ රාවණා අධිරාජ්‍යයේ දෙව්ලොව මාලිගාවේ රත්රන් සහ මුතු මැණික් පිරී තිබිණි. එහි සිටි ස්ත්‍රීන් රත්රන් සහ මුතු මැණික් වලින් සැරසී සිටියාය. පසු කලෙක එහි තිබූ රන්, රිදී, මුතු මැණික් පැහැරගත් බටහිර ජාතීන් දෙව්ලොව මාලිගාවේ රහස් දොරටු වසා දැම්මේය. එබැවින් දෙව්ලොව මාලිගාව ඇතුලත පවත්නා සියලු රහස් එමඟින් සදහටම වැසී ගියේය.

මෙම පරම සත්‍ය තවමත් ලංකාව හඳුනාගෙන නැත. ලංකා රාජ්‍යයේ වත්මන් අවාසනාවද එයයි.

මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන ගමන් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

ජයන්ත පෙරේරා

Add Comment

error: Content is protected !!