හැමෝම නොදන්නා සුදු පොල්තෙල් වලින් ලස්සන වෙන රහස

පිරිසිදු පොල් තෙල් කියන්නෙ සමේ ලොකු වෙනසක් කරන්න පුළුවන් රූපලාවණ්‍ය අමුද්‍රව්‍යක් කියල ඔයා දන්නවාද? රුපලාවන්‍යයෙදී යොදාගන්නෙ කෑම හදන්න ගන්න සාමාන්‍ය පොල්තෙල් නෙවෙයි සුදු පොල්තෙල්. රූපලාවණ්‍ය සත්කාර වලදී තල තෙල්, එඪරු තෙල් වගේම මී තෙල් භාවිතයට ගත්තත් සමට වැඩි පෝෂණයක් සහ තෙතමනයක් ලබාදෙන්න පුළුවන් පිරිසිදු පොල්තෙල් වලටයි. මුහුණේ විතරක් නෙවෙයි මේ ආලේපය ශරීරය පුරාම ගල්වන්න පුළුවන්.

සමේ තෙතමනය ආරක්ෂා කිරීමට වගේම සම පැහැපත් කිරීමට පොල්තෙල් කියන්නෙ කදිම සත්කාරයක්. බොහොමයක් රූපලාවණ්‍ය නිෂ්පාදන වලත් පිරිසුදු පොල්තෙල් අඩංගු වෙන්නෙත් මේ ගුණාංග virgin ඔයිල් වල අඩංගු හින්දයි.

පොල් තෙල් ස්වාභාවික සත්කාරයක් වෙන නිසා ආසාත්මිකතා ඇතිවන්නේ නෑ. පැහැපත් බව ලබාගන්න වගේම කාන්තිමත් දිදුලන පෙනුමක් හිමිකරගන්නටත් පොල්තෙල් සුදුසු ආලේපනයක්. සමට පිටතින් විතරක් නෙවෙයි ශරීරය අභ්‍යන්තරයෙන්ම පැහැපත් දිදුලන සමක් ලබාගන්න දවසකට පිරිසිදු පොල් තෙල් තේ හැන්දක් පානය කරන්න ඔයාට පුළුවන්.

පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් මීපැණි බින්දු 08 ක් එක්ක හොඳට මිශ්‍ර කරගන්න. මේ ආලේපය මුහුණේ සහ බෙල්ලේ ආලේප කරලා විනාඩි 30 කට පස්සෙ හෝදන්න.

කෝමාරිකා යුෂ ස්වල්පයක් එක්ක දෙහි බින්දු 08 ක් මිශ්‍ර කරලා ඒකට පිරිසිදු පොල්තෙල් තේ හැන්දකුත් එකතු කරලා අලේපනයක් හදාගන්න. මේ ආලේපනය මුහුණෙ සහ බෙල්ලෙ ආලේප කරලා විනාඩි 20 කින් හෝදන්න.

එළගි තෙල් සහ පිරිසිදු පොල් තෙල් සමව අරගෙන මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණයත් සමේ අලේප කරලා විනාඩි 30 කට පස්සෙ ඇල් වතුරෙන් හෝදන්න.

බටර් ස්වල්පයකට පිරිසිදු පොල්තෙල් මිශ්‍ර කරල සමේ අලේප කරන්න. නමුත් සබන් සහ facewash වලින් හෝදන්න එපා. ඇල් වතුරෙන් විතරක් සේදුවොත් විතරයි සමේ තෙතමනය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නෙ.

පිරිසිදු පොල් තෙල් බින්දු කිහිපයක් අරගෙන තිත් ආකාරයට මුහුණේ තියල මෘදුව පිරිමැදීමෙන් සමට තෙතමනයක් ලබාගන්න පුළුවන්. මේ ආලේපය සමේ තෙතමනය ආරක්ෂා කරන ක්‍රීම් වර්ගයකට ආදේශකයක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. මේ නිසා උදෑසන සහ රාත්‍රී නින්දට යෑමට පෙරත් පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් මෘදුව සම මත ගැල්වීම වඩාත් සුදුසුයි.

Add Comment

error: Content is protected !!