හිතට වද දෙන නහර ගැට ගැහෙන රෝගයට ආයුර්වේදයේ විස්මිත ප්‍රතිකාර

අද අපි කතා කරන්නේ බාහිර ලෝකයාගෙන් වසන් කරගෙන ඉන්නා දෙපා නහර ගැට ගැසීමේ රෝගය පිලිබදවයි. ආයුර්වේදයේ ශිරා ස්ථානීය රෝගය කියලා හදුන්වනවා. වැඩි දෙනෙක් දන්නේ වෙරිකෝස් වේන්ස් (Vericose Veins) කියලා කිව්වහම තමයි. මේ රෝගය වැඩිපුර හැදෙන්නේ කාන්තාවන්ට. මැදි වයසේ කාන්තාවන් බොහෝ දෙනෙකු මේ රෝගයෙන් පිඩා විදිනවා.

“මේකට කරන්න තියෙන්නේ පොඩි ඔපරේෂන් එකක් කිව්වා. බය වෙන්න දෙයක් නෑ කිව්වා. එදාම හවසට ගෙදර යන්න පුළුවන් කිව්වා. කරන්න අකමැති නම් ඒ පැත්තේ කකුල විතරක් හිරි වට්ටලා කපන්න පුළුවන් කියලත් කිව්වා. අනික ඔය නහර කෑල්ල තිබුනට කිසි වැඩකුත් නැහැ කියලත් කිව්වා. එතකොට මං ඇහුවා ඔය තරම් ප්‍රයෝජනයක් නැත්නම් මේ විදියට දිගින් දිගට නහර තියෙන්නේ මොකද කියලා. මේ ඔපරේෂන් එක හරියන එකක් නෙමෙයි කියලා මට තේරුනා.”

මානවයා ඍජු කාය විලාසයෙන් ගමන් කිරීමට පටන් ගත් අතීතයේදී පටන්ම නහර ගැට ගැසීමේ රෝගයට ගොදුරු වන්නට ඇතැයි සිතිය හැකියි. නහර ගැට ගැසී ඇතැයි පැවසීමට ඒවා ඉදිමි, දික් ගැසී ඒ හේතුවෙන්ම වක්‍රාකාරව දිගට ඇදී තිබිය යුතුය. වැඩි වශයෙන් මෙසේ ගැට ගැසීමට ලක් වන්නේ ශිරා පද්ධතියයි. ශරීරයේ පහල කොටසේ සිට පිරිසිදු කල යුතු රුධිරය හෘදය වෙත ගෙනියන්නේ ශිරා පද්ධති දෙකක් මගින්. එයින් වඩා දිග ශිරාව පාදයේ පිටුපස පැත්තට කිට්ටුවෙන් ගමන් කරනවා. ප්‍රධාන වශයෙන් මෙම ගැට ගැසීමේ තත්ත්වයට ලක්වන්නේ දිග ශිරා පද්ධතියයි.

ශිරාවන් ගැට ගැසීම රුධිර ගලා යෑමට බාධාවක් බැවින් ශිරාවල රුධිර පීඩනයක් හට ගන්නවා. එවිට ශිරා ඉදිමීම, සම ඝන වීම, අවපැහැ ඇතිවීම සිදු වන අතර සමෙහි කැසීම්, වනවීම් හා රුධිර වහනය වීම පවා සිදුවිය හැකිය. කකුල බර ගතිය, කෙන්ඩා පෙරලීම, කකුලේ තද වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. මෙවන් රෝගීන්ගේ කකුලේ හට ගන්නා තුවාල සුව නොවී දද ආකාරයෙන් කාලාන්තරයක් තිස්සේ දැකගත හැකිය. මෙම තුවාල සදහා දෙආකාරයකට ප්‍රතිකාර කිරීම කල යුතුය. එනම් තුවාලයට සමගාමිව පාදයේ නහර ගැට ගැසීමේ ප්‍රතිකාර කල යුතුය. එමෙන්ම අධිකව සිටගෙන සිටීමට සිදුවීම ශිරා ස්තානිය හෙවත් වෙරිකෝස් වේන්ස් රෝගය දරුණු වීමට හේතුවන බැවින් ඉන් වැලකි සිටීමට වග බලා ගත යුතුය.

ශිරාවන්ගේ සහජ දුර්වලතා හේතුවෙන් නහර ගැට ගැසීමේ රෝගය ඇති වෙනවා. ගර්භනීභාවය, උදරයේ ගෙඩි සැදීම, කැටි ඇතිවීම ආදියද මේ රෝගය සදහා බලපානවා. එමෙන්ම දියවැඩිය රෝග තත්ත්වය ඇතිවිටද නහර ගැට ගැසීමේ රෝගයට ගොදුරුවීමට ඉඩ තියෙනවා. නමුත් රෝගීන් බොහොමයක් දෙනෙකුට ශිරා ස්ථානීය රෝගය ඇතිවීමට විශේෂ හේතුවක් සොයා ගත නොහැකි අතර එවන් රෝගීන්ගේ පරම්පරාව තුල මෙවන් රෝග ලක්ෂණ යම් ප්‍රමාණයකින් හෝ තිබු අය සිටිය යුතුය. එබැවින් වෙරිකෝස් වේන්ස් රෝගයට ගොදුරු වුවන්ගේ පවුල්වල පසු පරම්පරාවේ සාමාජිකයන් මුල් අවදියේදීම රෝග ලක්ෂණ හදුනා ගැනීමට සැලකිලිමත් විය යුතුය.

නහර ගැටගැසීමේ රෝගය සදහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයේදී පැලැස්තර දැමීම, සාත්තුව, ආලේප කිරීම් ආදිය මගින් ප්‍රතිකාර කරනු ලබනවා. එනම් විකෘති වූ ශිරාවන් පෝෂණය කර, පිරිසිදු කර විකෘතිය මග හරවා ගත හැකිය. අතුරු ආබාධ හෝ විකෘතිවීම් නොමැතිව නහර ගැට ගැසීමේ රෝගය සුවකර ගත හැකිය. බටහිර වෛද්‍ය ප්‍රතිකාරයේදී එන්නත් කිරීම් මගින්, ලේසර් කිරණ මගින් හා සැත්කම් මගින් නහර කැබැල්ලක් කපා ඉවත් කරමින් ප්‍රතිකාර කරනු ලබනවා. එන්නත් කිරීම් හරහා නොයෙකුත් රසායනිකයන් ශරීරයට ඇතුළුවන අතර එමගින් ශරීරයේ ප්‍රශස්ත ක්‍රියාවලියට සිදු වන්නේ ප්‍රබල බලපෑමක්. එය විවිධ අතුරු ආබාධ සදහා යම් උදව්වක් විය හැකිය. සැත්කම් කිරීම වඩා බරපතල අවස්තාවක්. ජිවිත අවදානමක් නොමැති ඉතා සුළු රෝග අවස්තාවන් වලට පවා සැත්කම් සිදු කර ගන්නේ ඇයි? එන්නත් හා සැත්කම් ප්‍රතිකාරය පිළිබද හොදම අවබෝධය ලබා ගැනීමට ඔබම ඒ පිළිබද සොයා බලන්න. එන්නත් ලබා ගත් රෝගියෙකු මාස 3කට පසු හමුවන්න. සැත්කම සිදුකරගත් රෝගියෙකු මාස 10කට පසු හමුවන්න. ලබාගත යුතු නිවැරදි ප්‍රතිකාරය ඔබම තීරණය කරන්න.

වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු

Add Comment