රැවුල කපන කොල්ලන්ට කෙල්ලෙක්ගෙන් අපුරු උපදෙස් ටිකක්

Loading...

දැන් මේක කියවන්න අතට ගත්තාම කෙල්ලෙක් ලියලා තියෙනවා කියලා අවුලක් ගන්න එපා. මොකද කොල්ලන්ට කොල්ලන්ව තේරෙනවාට වඩා කෙල්ලන්ට කොල්ලෝ තේරෙනවා, දැනෙනවා. ඒක නිසා කෙල්ලෙක් මේක ලිව්වා කියලා අවුලක් ගන්න එපා. කොල්ලෙක් වුණාම රැවුල තියෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවානේ. එහෙමයි කියලා ඉතිං වවන්නම් වාලේ රැවුල වවලා තේරුමක් නැහැ.

ඒක නිසාම මේක කියවන ගමන් රැවුල වවලා ඉන්න කට්ටිය පොඩ්ඩක් බලන්න ඔයාලත් ්Handsom වෙන්න රැවුල කපන්නේ මෙහෙමද කියලා.

මූණ තෙත්ව තියෙන වෙලාවක තමයි රැවුල කපන්න හොඳම වෙලාව. මොකද රැවුල් ගස් 30% ක් විතර ජලය උරාගන්නවා. ඒක නිසා රැවුල කපන එක තියුණුව වගේම පහසුවෙන් කරන්න පුළුවන්. හොඳම දේ තමයි නෑවාට පස්සේ රැවුල කපන එක. නැත්නම් මිනිත්තු කීපයක් මූණ තෙත් කරගෙන ඉඳලා රැවුල කැපුවත් ඒකෙ අවුලක් වෙන්නෙ නෑ. අනෙක් එක රැවුල කපන්න Shaving Cream – Foam එකක් හරි පාවිච්චි කරන්න. ඒක නිසා රේසර් එක හොඳට හසුරවලා රැවුල කපන්න එතකොට පුළුවන් වෙනවා.

ඒ වගේම Shaving Cream ආලේප කරන්න ඕනේ මුහුණ පහළ ඉඳලා උඩු අතට. එතකොට රැවුල් ගස් හොඳින් කෙළින් වෙලා රැවුල බෑම පහසු කරනවා. හැම වෙලාවෙම හොඳ තත්ත්වයේ තියුණු තලයක් තියෙන රේසර් භාවිත කරන්න මතක තියාගන්න. මොකද රැවුල කපනකොට රැවුල් ගස් වගේම සම මතුපිට ස්තරය ඉවත් වෙනවා. හරියට කැපෙන්නේ නැති රේසර් එකකින් කපන්න ගියාම හානිවෙනවා. කැපීම් සීරීම් වෙනවා. ඒකයි කියන්නෙ හොඳ තත්ත්වයේ රේසර් එකක් භාවිතයට ගන්න කියලා. රේසර් එක හෝ තලය මාරු කරන කාලය තීරණය කරන්න ඕනේ ඉතිං ඔයාලම තමයි. ඒ ඔයාලගේ රැවුලේ ස්වභාවය අනුව. සාමාන්‍යයෙන් කැපීම් වාර 3-10 අතර කාලයේදී රේසරය හෝ තලය මාරු කරන්න ඕනේ. හැබැයි ඊට කලින් තලය මොට වුණා කියලා දැනෙනවා නම් ඉතිං රේසර් එක මාරු කරන්නම වෙනවා.

අනෙක් කාරණාව තමයි රැවුල කැපීම කරන්න ඕනේ රැවුල් ගස් වැවෙන දිශාවටයි. ඊට විරුද්ධ පැත්තට කපන්න ගියාම තමයි ඉතිං කැපීම්ල සීරීම් ඇතිවීම වැඩිවෙන්නෙ.

මුහුණේ දෙපැත්තෙන් පටන් අරගෙන අන්තිමට නිකට ඛෙල්ල ප්‍රදේශයට පැමිණීම සුදුසුයි. ඒ වගේම රැවුල කැපීම වඩාත් පහසු ප්‍රදේශවලට තෙතමනය උරාගැනීමට වැඩි කාලයක් ලැඛෙන නිසා කැපීම පහසුයි.

ඒ වගේම අනිවාර්යයෙන් රැවුල කැපුවාට පස්සේ රේසර් එක හෝදන්න අමතක කරන්න එපා. නිකං රේසර් එක පිහිදලා තිබීමෙන් වෙන්නෙ ඉක්මනට රේසර් එක මොට වෙන එකයි.

රැවුල කපනකොට මුහුණේ මතුපිට ස්තරය ඉවත්වන අතර සම සංවේදී වෙනවා. ඒ නිසා Moistarize – After Shave Lotion වර්ගයක් ආලේප කරන්න. මොකද එතකොට මුහුණේ හම හොඳ තත්ත්වයෙන් තියාගන්න පුළුවන්.

ඔන්න ඔහොම තමයි හරියටම රැවුල කපනවා නම් පිළිවෙළට රැවුල කපන්න ඕනේ. රැවුල වවපු කොල්ලෙක් නෙවෙයි Handsome කොල්ලෙක් වෙන්න.

රෂිනි මෙන්ඩිස්

Loading...

Add Comment