කහ සහ ඉගුරු වලින් නොවරදින බෙහෙත්

Loading...

කහ ශාකයේ ඖෂධීය වටිනාකමක් සහිත කොටස වන්නේ භූගත කදයි. මෙය අතීතයේ සිට කුළුබඩුවක් ලෙස වගේම සායමක් ලෙසත් භාවිත වුණා. වියළි කහ මෙන්ම අමු කහද එක සේ යොදාගත්තා. අත් කහ, අඹං කහ හා හරං කහ ආදී ලෙසට කහ ප්‍රභේද ගණනාවක් තියෙනවා. සියලුම කහ ප්‍රභේද ඖෂධීය ගුණයෙන් අනූනයි.

මේවා අතරින් සාමාන්‍ය ව්‍යවහාරයේ කහ (අත් කහ) නමින් හදුන්වන ප්‍රභේදය ආහාරමය වශයෙන් ඉතාමත් වැදගත් ආයුර්වේදයට අනුව මුත්‍රා පද්ධතියේ රෝග, සමේ රෝග, රුධිර ගත රෝග, සෙම් රෝග, ඉදිමුම්, ගෙඩි, වණ, තැලීම්, සර්ප දෂ්ට අවස්ථාවලදී කහ අද්විතීය මෙහෙයක් ඉටු කරයි. නිතර නිතර පීනස, ඇදුම හැදෙන රෝගීන්ට වියළි සහ වියළි ඉගුරු සම සමව ගෙන සෝදා වේලා කුඩු කර වැඩිහිටියන්ට වරකට තේ හැදි භාගය බැගින්ද වයස අවුරුදු 6ත් 12ත් අතර දරුවන්ට වරකට තේ හැදි ¼ බැගින්ද මී පැණි සමග දියකර දිනකට දෙවරක් ගැනීම ඉතාමත් ගුණදායකයි. මෙම ප්‍රතිකාරය එක දිගට සති 03ක් 04ක් පමණ කිරීමෙන් අසාත්මතාව දුරුවී පීනස, ඇදුම, රෝග තත්ත්ව වලින් මිදිය හැකියි. නිතර සමේ පලු දමමින් කැසීම් ඇති වන රෝගීන්ටද මෙම පානය ඉතා ගුණදායකයි.

ප්‍රතිශ්‍යාෙවන් පසුව හටගන්නා හිසරදයේදී වියළි කහ කැබලි තල තෙලින් පොගවා එය දල්වා පසුව නිවා ඉන් නැගෙන දුම නාසයට ඉරීමෙන් සහනයක් ලැබෙන අතර කූඩැල්ලන් හැපීමෙන් හටගන්නා ලේ ගැලීමද කහ කුඩු ආලේපයෙන් නතර කරගන්න පුළුවන්. ගෝනුසු දෂ්ට විෂට ඕනි අගුරට කහ කුඩු දැමීමෙන් නැගෙන දුම ඇල්ලීමෙන් වේදනවා, ඉදිමුම පහවී යයි. කූඩැල්ලන්, පත්තෑයන් දෂ්ට කළ විට දින කිහිපයක් ගත වූ පසුත් ඇතැම් අයට ඉදිමුම හා කැසීම පවතිනවා. එවන් විටදීද දිනකට තුන් වතාවක් දෂ්ට කළ ස්ථානය දෙහි බෑයකින් පිස දමා කහ කුඩු දුම ඇල්ලීමෙන් ඉක්මන් සුවයක් ලබන්න පුළුවන්.
කහවල වර්ණය ලබාදෙන සංඝටකය හදුන්වන්නේ කර්කියුමීන් නමින්. කර්කියුමීන් වර්ණකය මගින් බඩවැල්, අක්මාව, ආමාශය, පියයුරුවල හටගන්නා පිළිකාද ලියුකේමියාවද වර්ධනය වීම වළක්වන බව පර්යේෂණ වලින්ද තහවුරු වී තියෙනවා.

වියළි කහ ඖෂධ ගුණයෙන් ඉහළ වූවත් මෙය භාවිතා කරන විට මාත්‍රාව පිළිබදව සැලකිලිමත් විය යුතුමයි. වියළි කහ චූර්ණය වරකට ගතයුතු මාත්‍රාව ඉක්ම වූ විට හෘදයට අහිතකර බව ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ සදහන් වියළි කහ ස්වකීයව භාවිත කරනවාට වඩා ගම්මිරිස් සමග භාවිතයෙන් ඉතා පහසුවෙන් බඩවැල් මගින් අරා ගන්නා බව විද්‍යාත්මක මතයයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් වසර දහස් ගණනක් තිස්සේ දිනපතා වියළි කහ ආහාරයට එක්කර ගැනීමෙන් එහි ආබාධ රහිත බවද තහුරු කර තිබෙනවා.

චාමිණී ගම්මන්පිල

Loading...

Add Comment