ජංගම දුරකථනයේ සැඟවී ඇති විශ්මිත ප්‍රයෝජන 7 ක්

ස්මාර්ට් ෆෝන් පැමිණීමත් එක්ක අපේ ජීවිත ගොඩක් වෙනස් වීමට ලක් වුණා. වෙනදට අපි විවිධ උපකරණවලින් කරගත්තු වැඩ දැන් අපිට ස්මාර්ට් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඔරලෝසුවක්, රෙකෝඩර් එකක්, මියුසික් ප්ලෙයර් එකක් වගේ ගොඩක් දේවල් වෙනුවට අපිට ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්න හැකි වෙලා තියෙනව​.

අද අපි කියන්න යන්නේ ස්මාර්ට් ෆෝන් එකකින් කරගන්න පුළුවන්, අපි එතරම්ම අහලා නැති දේවල් කීපයක් ගැනයි.

  1. දිගක් මැනීම​

අපිට මේසයක දිග මැනගන්න හදිසියෙ ඕන වුණොත්, මීටර් රූලක්, ටේප් එකක් එහෙම අතේ නැත්නම් මොකද කරන්නෙ? ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ ඇප් එක (sizeup) තියෙනවා නම් පහසුවෙන්ම ඔබට දිග මැනගන්න පුළුවන්. ඇප් එක ඔන් කරලා, කැමරාව අදාල මේසය දෙස යොමු කළාම දිග මැනලා ඔබ වෙත දක්වනවා.

  1. රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි බැහැලද කියලා චෙක් කරන්න​

ගෙදර ටී.වී. එකේ රිමෝට් කන්ට්‍රෝල් එක වැඩ කරන්නෙ නැතිව ගියොත්, කඩේකට ගිහින් බැටරි ගේන්න කළින්, ඇත්තටම බැටරි බැහැලද කියල බලාගන්න ඔබේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කළ හැකියි.

මේක ඇත්තෙන්ම හරිම සරලයි. ෆෝන් කැමරාව ඔන් කරලා, රිමෝට් එක ඒ දෙස යොමු කරන්න​. ෆෝන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන රිමෝට් එකේ බොත්තමක් ප්‍රෙස් කරන්න​. රිමෝට් එක කෙළවරෙන් රෝස පාට එළියක් එනවා දෙක්කොත් ඒ කියන්නෙ බැටරිවල ප්‍රශ්නයක් නෙවේ කියන එකයි.

  1. ෆෝන් එක අල්ලන්නෙ නැතිව කන්ට්‍රෝල් කරන්න​

ඔබේ අතේ වතුර හරි කෑමක් හරි ගෑවිලා තියෙන නිසා ෆෝන් එක අල්ලන්න බැරි වෙලාවක හෝ ඔබ වැඩක් කරන ගමන් හෝ ඔබට කෝල් එකෙක් එනව​. නැත්නම් ඔබට සින් දුවක් අහන්න ඕන වෙනව​. මේ ඇප් එක (Wave Control) තියෙනවා නම් අත සෙලවීමෙන් ෆෝන් එක කන්ට්‍රෝල් කරන්න ඔබට පුලුවන්.

ඇන්ඩ්‍රොයිඩ් සහ iOS වර්ශන් දෙකක් තියෙනව​.

  1. රියදුරුට සහයක්

පාර අඳුරු නිසා හෝ වෙන හේතුවක් නිසා ඔබ ඉතා සැළකිල්ලෙන් රිය පදවන වෙලාවක ඔබේ ඇස් වෙනතක නොයවා වාහනයේ වේගය සහ මාර්ග සිතියමක් බලාගන්න මේ ඇප් එක (Hudway) උදව් වේවි.

ඇප් එක ඔන් කරලා ඩෑෂ්බෝඩ් එකේ තිබ්බාම වින්ඩ් ස්ක්‍රීන් එකේ ඔබට මේ විස්තර බලාගන්න පුළුවන්. හැබැයි මේක හොඳට පේන්න නම් ෆෝන් එකේ බ්‍රයිට්නස් එක හොඳ තත්ත්වයේ තියෙන්න ඕන​.

  1. කම්පියුටරයෙන් SMS යවන්න​

ඔබට ඔබේ යාලුවකුට SMS එකක් යවන්න ඕන වෙච්ච වෙලාවක ඔබේ ෆෝන් එකේ බැටරි බැස්සොත්, ඩේටා කේබල් එකකුත් හොයාගන්න බැරි වුනොත්, ඔබ ලොකු අමාරුවක වැටෙනවා.

ඒත් ඔබ ළඟ ලැප්ටොප් එකක් හරි ටැබ් එකක් හරි තියෙනව නම් මේ ඇප් එක (Mightytext)පාවිච්චි කරලා ඔබට SMS යවන්න වගෙම එන SMS බලන්නත් පුළුවන්.

  1. තීරණයක් ගන්න උදව්වක්

ඔබට ඔබේ බිරිඳ​, පෙම්වතිය, පවුලේ අය හෝ යාලුවෙක් හෝ එක්ක රාත්‍රී කෑමකට යන්න අවශ්‍යයි කියමු. ඔබ කැමති අවන්හල් දෙකක් තියෙනවා නමුත් ඒත් ඔබට එක සැරේ හිතාගන්න බෑ කොයි අවන්හලට ද යන්නෙ කියලා. මේ වගේ ප්‍රශ්න අපි හැමෝටම ඇති වෙනවා.

දැන් මේ වගේ අවස්ථාවක උපකාරයක් ගන්න පුළුවන් ඇප් එකක් තියෙනවා. (Decision Crafting) මේක ගූගල් ස්ටෝර් එකේ හොයාගන්න පුළුවනි. ඔබ ඔබට යන්න අවශ්‍ය තැන් දෙක නම් කළාම​, ඔබේ කැමැත්ත​, අකමැත්ත අනුව හොඳම තැන තෝරා දෙන්න මේ ඇප් එකට පුළුවන්.

මේ ඇප් එක ෆෝන්වල නැහැ. ඒත් ඒ ෆෝන්වලටත් ඊට ළඟින් යන ඇප් එකක් (ChoiceMap) තියෙනව​.

  1. ආරක්ෂාව සලසා ගන්න​

ඔබ නුපුරුදු පාළු ප්‍රදේශයක රාත්‍රී කාළයක ගමනක් යන්නේ යයි හිතන්න​. ඔබට ඔබේ ආරක්ෂාව ගැන සැක නම් මෙම ඇප් එක පාවිච්චි කරලා (Getbsafe)ඔබේ ආරක්ෂාව වැඩි දියුණු කරගන්න පුළුවන්. මෙයින් ඔබේ සමීපතමයින්ට පණිවිඩයක් යවන්න වගේම ඕඩියෝ සහ වීඩියෝ රෙකෝර්ඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම මෙයින් ඔබ ඉන්නා තැන ආශ්‍රයෙන් සළකුණු වෙනවා. එමෙන්ම ඔබ යම් වෙලාවක් තුළ ඔබේ සමීපතමයන්ට පණිවිඩයක් නොයැව්වොත් ඔවුන් වෙත ඉබේම පණිවිඩයක් යවා ඔබ අනතුරක බව දන්වන්නත් මෙයට පුළුවන්.

බෝනස්

ඔබේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන පින්තූර හෝ වීඩියෝ එකක් වඩා ලොකු කම්පියුටර් තිරයක පෙන්වන්න ඕන කියල හිතන්න​. වැඩේ හරිම ලේසියි. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තම පහසුවෙන් කරගන්න පුළුවන්. කේබල් ආදී මුකුත් ඕන නැහැ.

ඇන්ඩ්‍රොයිඩ් වගේම iOS වර්ශන් දෙකක් මේ ඇප් එකේ තියෙනවා.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Add Comment

error: Content is protected !!